Loading...
Apple සමාගම විසින් Apple Watch Series 6 සහ Apple Watch SE නමින් නව Apple Watch 02ක් හඳුන්වා දීමට කටයුතු කරයි

ඊයේ දිනයේදී පැවතුන Apple සමාගමේ Time Flies event එක හරහා ඔවුන් විසින් නවතම Apple Watch series 6 එක සහ Apple Watch SE නමින් Apple Watch දෙකක් එලි දැක්වූවා. මෙහිදී නිකුත් උන Apple Watch Series 6 එක Apple Watch Series 5 එකට සමාන design එකකින් යුක්ත වන අතර ඊට වඩා වැඩි දියුණු කරන ලද අලුත් විශේෂාංග රැසක් ඇතුලත් කර තිබෙනවා.

මෙවර නිකුත් වුන නවතම Apple Watch Series 6 එක සමඟ Apple සමාගම විසින් අපගේ රුධිරයේ ඇත් ඔක්සිජන් මට්ටම මැනගත හැකි sensor එකක් ඇතුලත් කර තිබෙනවා. මෙය ක්‍රියාත්මක වීමේදී රතු පැහැති වර්ණයෙන් වර්ණ ගැන්වෙන අතර infrared light හරහා තප්පර 15ක කාලයක් තුලදී රුධිරයේ ඇති ඔක්සිජන් මට්ටම මැනීම සිදු කරනවා. මීට අමතරව ඔබ නින්දට යාමේදී මෙය පැලඳ නිදාගන්නේ නම් මුළු රාත්‍රිය පුරාවටම ඔබගේ රුධිරයේ ඇත් ඔක්සිජන් මට්ටම බලා ගැනීමේ හැකියාවද ලැබෙනවා.

Apple සමාගම විසින් තම Apple Watch සඳහා භාවිතා කරන්නේ S ලෙස හැඳින්වෙන චිප්සෙට් එකකි. මෙවට Apple Watch Series 6 එක සඳහා ඔවුන් භාවිතා කර තිබෙන්නේ A13 Bionic Chipset එක පදනම් කරගෙන නිර්මාණය කෙරුණු S6 නම් චිප්සෙට් එකක්‍යි. මෙය Apple Watch Series 5 එකේදී භාවිතා උන S5 චිප්සෙට් එකට වඩා 20%ක performance පෙන්වන බව Apple සමාගම පවසනවා.

මේ සමඟම Apple Watch සඳහා Solo Loop නමින් වන නව watch band එකක්ද හඳුන්වා දීමට Apple සමාගම කටයුතු කරා. මෙය මුළුමනින්ම සංවෘත්ත බෑන්ඩ් එකක් වන අතර අනිත් ඒවා මෙන් ගාංචුවක් නොමැත. සිලිකන් වලින් නිපදවා ඇති මෙම බෑන්ඩ් එක ඇදෙන සුලු බවින් යුක්ත බැවින් ඕනෑම ප්‍රමාණයක අතක වුවද පැලඳිය හැක.

The new Solo Loop for Apple Watch

මෙම නව Apple Watch Series 6 එක $399ක මිලකට අලෙවි කිරීමට Apple සමාගම සූදානම් වනවා.

මෙම Apple Watch Series 6 එකට අමතරව Apple සමාගම විසින් Apple Watch SE නමින් නව Apple Watch එකක්ද ඊයේ දිනයේදී හඳුන්වා දෙනු ලැබුවා. Apple Watch SE එක $279කට මිල කර ඇති අතර මෙහි භාවිතා වන්නේ Apple Watch Series 5 එකේ භාවිතා වන S5 චිප් සෙට් එකයි. $199කට මිල කර ඇති Apple Watch Series 3 එකට වඩා මෙම Apple Watch SE එක දෙගුණයක වේගයෙන් ක්‍රියා කරයි.

මේ වන විට ඔබට Apple Watch Series 6 සහ Apple Watch SE ඇණවුම් කල හැකි අතර අලෙවිය සඳහා මෙම සිකුරාදා සිට වෙළඳ පලට නිකුත් වනු ඇත.