Loading...
එළිදැක්වූ දිනයේ සිට මේ වනතුරු ලොව පුරා Apple Watchහි මුළු අලෙවිය ඒකක මිලියන 100 ඉක්මවා යයි

Apple Watch Series එක 2014 දි Apple සමාගම විසින් ප්‍රථම වරට එළිදක්වනු ලැබුවා. එය වෙළදපොලට නිකුත් විම සිදු වුයේ 2015 අප්‍රේල් මාසයේදියි. 2014 සිට මේ දක්වා විවිද Features සමග Apple Watches නිකුත් විම සිදු වුණා. අවසන් වරට පසුගිය වසරේදි Apple සමාගමේ නවතම Apple Watch Series 6 සහ Apple Watch SE එක හදුන්වා දිමටත් ඔවුන් කටයුතු කලා.

Above Avalon විසින් සකස් කරන ලද නවතම දත්ත සටහනකට අනුව Apple සමාගම 2015 සිට ලොව පුරාවටම Apple Watch Devices මිලියන 100 පමණ නිකුත් කර තිබෙනවා. ඒ අනුව එය ලොවපුරා වැඩියෙන්ම අලෙවි වෙන Wearable Device එක බවට Apple Watch Series එක පත්ව තිබෙනවා. එමෙන්ම මේ Apple Watches වලින් 10% පමණ ප්‍රමාණයක් iPhone Userලා සතු වෙන බවත් වැඩි දුරට දක්වා තිබෙනවා. එමෙන් මේ වන විට ලොවපුරා බිලියන 1ක පමණ iPhone Usersලා සංඛ්‍යාවක් සිටිනවා.

ඒ වගේම 2020දි මිලියන 30කට ආසන්න Apple Watch සංඛ්‍යාවක් ⁣ලොවපුරා බෙදාහැර තිබෙනවා. එමෙන්ම iPhones භාවිත කරන්නන්ගෙන් 35% පමණ මේ වන විට Apple Watch භාවිත කරනවා.

Apple සමාගමේ Best-selling Products වල 04 වන ස්ථානය ලබා ගැනිමට Apple Watch සමත් වි තිබෙනවා. විශ්ලේෂකයින්ට අනුව 2022 වෙන විට මේ ලැයිස්තුවේ 03 වන ස්ථානය Apple Watch ලබා ගනු ඇති බව පෙන්වා දෙනවා.

Source : Gizmochina, Above Avalon