Loading...
iOS 14.5 හරහා iOS පරිශීලකයන්ගේ IP ලිපින Google වෙතින් සැඟවීම සදහා Proxy Servers භාවිතා කිරීම සඳහා Apple සමාගම සූදානම් වේ

දැනට beta මට්ටමේ පවතින, ඉදිරියේදී නිකුත් වීමට නියමිත iOS 14.5 යාවත්කාලීනයත් සමග Safari බ්‍රව්සරයේ Safe browsing traffic සියල්ල Apple සමාගම විසින් පාලනය කරන Proxy Servers හරහා re-route කිරිමට Apple සමාගම තීරණය කර තිබෙනවා.

මෙසේ කිරිමේ ප්‍රධාන අරමුණ වන්නේ iOS පරිශීලකයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සහ iOS පරිශීලකයින්ගේ IP ලිපින Google සමාගම විසින් දැන ගැනීම වැළැක්වීමයි.

මෙම නව විශේෂාංගය පළමු වරට Reddit පරිශීලකයෙකු විසින් හදුනාගෙන ඇති අතර මේ වන විට එය Apple සමාගමේ Webkit Engineering අංශයේ ප්‍රධානීයා වන Maciej Stachowiak මහතා විසින් තහවුරු කර තිබෙනවා.

මෙම නව විශේෂාංගය සක්‍රිය කර ගැනිමට නම් "Fraudulent Website Warning" නැමති option එක Safari බ්‍රව්සරයේ settings තුළ enable කල යුතු වෙනවා.

"Fraudulent Website Warning" option | Source:appleinsider

මෙම option එක enable කිරිම මගින් Google සමාගමේ Safe Browsing තාක්ෂණය Safari බ්‍රව්සරය තුළ භාවිතා කිරිමට හැකියාව ලැබෙනවා. Safe Browsing තාක්ෂණය මගින් සිදු වන්නේ යම්කිසි පරිශීලකයෙකු ප්‍රවේශ වීමට උත්සාහ කරන URL එක නිර්නාමික ආකාරයට Google සමාගමේ Safe Browsing servers වෙත යවා එම URL එක තුළ threats තිබෙනවාදැයි පරික්ෂා කිරිමයි.

URL එක තුළ malware, phishing forms හෝ වෙනත් ආකාරයක threats තිබුනහොත් Google විසින් Safari බ්‍රව්සරය එම වෙබ් අඩවියට පිවිසීම අවහිර කර අනතුරු ඇගවීමක් ලබා දෙනවා. Google සමාගමේ Safe Browsing servers වෙත මෙම URLs නිර්නාමික ආකාරයට යැවුවත් Safe Browsing check එකක් පැමිණෙන්නේ කුමන IP ලිපිනක් ඔස්සේද යන්න Google සමාගමට දැක ගැනීමට හැකියාව තිබෙනවා.

Security Alert 

හදුන්වාදීමට නියමිත නව  විශේෂාංගයෙන් සරළව සිදු වන්නේ යම්කිසි Safari බ්‍රව්සරයක් තුළින් සිදුවන Safe Browsing checks සියල්ල Apple සමාගමේ Proxy Servers හරහා re-route කිරිමයි. මෙසේ කිරිමෙන් Safe Browsing checks සියල්ලම එකම IP ලිපිනයකින් (Apple-owned proxy server's IP) පැමිනෙන බව පෙන්නුම් කරනවා.

Source: thehackernews