Loading...
TRCSL වෙතින් Starlink පැකේජ 5 වෙත අනුමැතිය. රුපිය​ල් 9,200 සිට මිලියන 1.8 දක්වා පැකේජ 5ක් 😱

Starlink සේවාව මෑතකදී ශ්‍රී ලංකාව තුල තම සේවාව ලබා දීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදෙශ නියාමන කොමිසම වෙතින් අනුමැතිය ලැබුනු බවට අප විසින් මීට පෙර වාර්තා කල බව ඔබට මතක ඇති.

Starlink සඳහා TRCSLහි මූලික අනුමැතිය හිමි​වේ
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් Starlink වෙත රට තුළ අන්තර්ජාල සේවා සැපයීම සඳහා මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහජන අදහස් විමසීමෙන් අනතුරුව අනුමැතිය ලබා දෙන බවයි. “අපි මහජන අදහස් විමසීම සඳහා දින 14ක කාලයක් ලබාදී තිබෙනවා. ඊට පස්සේ අපි ප්‍රශ්න බලලා අනුමැතිය දෙනවා” State Technology Minister @kanakadh announced that TRCSL has granted preliminary approval for @

ඒ සමඟින්ම Starlink වෙබ් අඩවියේ ශ්‍රී ලංකාව සඳහා වන එක පැකේජයක් පල කල අතර එයට අනුව ස්ථවර ගෘහස්ත සේවාව ලබා ගන්නා අයෙකුට මාසිකව රුපියල් 15,000ක මුදලක් ගෙවිය යුතු බවට සඳහන් වුනා.

අද දිනයේ වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව විසින් අනුමත කල Starlink පැකේජයන් 5 පිළිබඳව වන නිවේදනය මේ වන විට නිකුත් වී තිබෙනවා. එහි දැක්වෙන ආකාරයට,

  • Residential (Fixed)
  • Residential Lite (Fixed)
  • Priority (Fixed)
  • Roam (Mobility)
  • Mobile Priority (Mobility)

ලෙසින් පැකේජ පහක් දැක්වෙනවා.

මේ පැකේජයන් වල විස්තර පහතින් ඔබට බලා ගත හැකියි.

1. Residential (Fixed)

  • Price (LKR): 15,000/month (inclusive of tax)
  • Data: Unlimited residential data
  • Availability: ≥99%
  • Download Speed: 50 - 200 Mbps
  • Upload Speed: 20 - 40 Mbps

2. Residential Lite (Fixed)

  • Price (LKR): 9,200/month (inclusive of tax)
  • Data: Unlimited Deprioritized Data
  • Availability: ≥99%
  • Download Speed: 30 - 100 Mbps
  • Upload Speed: 5 - 25 Mbps

3. Priority (Fixed)

  • Price (LKR):
    • 20,994.24/month for 40 GB of priority data
    • 62,859.24/month for 1 TB of priority data
    • 125,965.46/month for 2 TB of priority data
    • 377,896.39/month for 6 TB of priority data
  • Additional Charges: 125.58/GB for Priority data above the subscribed levels as set forth in the Starlink Fair Use Policy
  • Data: Unlimited Standard Data
  • Availability: ≥99%
  • Download Speed: 50 - 220 Mbps
  • Upload Speed: 10 - 30 Mbps

4. Roam (Mobility)

  • Price (LKR):
    • 27,000/month for regional service
    • 145,000/month for global service
  • Data: Unlimited Roam Data
  • Availability: ≥99%
  • Download Speed: 30 - 100 Mbps
  • Upload Speed: 5 - 25 Mbps

5. Mobile Priority (Mobility)

  • Price (LKR):
    • 92,374.67/month for up to 50 GB of priority mobile data
    • 370,486.66/month for up to 1 TB of priority mobile data
    • 1,852,433.28/month for up to 5 TB of priority mobile data
  • Additional Charges: 738.71/GB of priority data above those levels as set forth in the Starlink Fair Use Policy
  • Data: Unlimited Standard Data
  • Availability: ≥99%
  • Download Speed: 50 - 220 Mbps

මෙම පැකේජ සියල්ලම Prepaid පැකේජයන් ලෙස දැක්වෙනවා. එමෙන්ම මෙම සියළුම මිල ගණන් අදාල බදු අන්තර්ගත මිල ගණන් ලෙසින් එහි දැක්වෙනවා.

කොහොම උනත් වැස්ස වෙලාවට Starlink කොහොම හැසිරෙයිද? එක පාරම සිගනල් නැති වෙයිද? ඒ ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

වැස්ස වෙලාවට Starlink Internet වලට මොකද වෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තරේ මෙන්න
Starlink Internet ශ්‍රී ලංකාව සඳහා ලැබීමත් එක්ක සමහර තැන්වල සාකච්ඡාවට බඳුන් වෙන එක කරුණක් ලෙස වැස්ස වෙලාවට නැති නම්, අහසේ වළාකුළු සහිත විට මේ Starlink Internet සඳහා ගැටලුවක් වෙයිද කියන එක දක්වන්න පුලුවන්. ඒ බොහෝ විට අප රට නිරන්තරයෙන්ම කාලගුණික් විපර්යාසයන්ට ලක්වන, නිරන්තර වැසි කාලගුණයන්ගෙන් සහිත රටක් වන නිසයි. එමෙන්ම බොහෝ විට Starlink Internet මෙන්ම Satellite හරහා ක්‍රියාත්මක වන Dialog TV සහ FreeSat වැනි රුපවාහිනි සේවාවන් සඳහා කාලගුණයෙන් එල්ල වන බලපෑම් දැනටමත් එම පාරිභෝගිකයින් අත්විදිමින් සිටින
Source: www.trc.gov.lk