Loading...
Arduino Programming 1.0 (Lesson 04)

සුභ දවසක්. අද අපි Arduino වලින් LED එකක් දල්වන විදිය සහ LED patterns හදාගන්න හැටි කියල දෙනවා.

මුලින්ම අපි LED එකක් දල්වා බලමු. මේ සදහා අපිට ඕන දේවල්.

  1. Uno Board එකක්
  2. LED එකක්
  3. Jumper wire 2 ක්
  4. Resister 200 ohm එකක්.

මුලින්ම පහත ආකාරයට සකසා ගන්න. මෙහිදී මම ලබාදී ඇත්තේ 13 වනි PIN එක සහ GND PIN එකකි.

SCHEMATICS

මේ ආකාරට සවි කරගත් පසු Uno board එක පරිගණකයට සවි කරන්න. දැන් Tools යටතේ තිබෙන Board එක select කර uno board එක තෝරන්න. තවද Tools යටතේ ඇති Port එක තෝරාගන්න. එය COM ලෙස ඔබට දැකගත හැකිය.

Select Port

දැන් අපි අවශ්‍ය program code එක මෙසේ ලියමු.

int led = 13;
		void setup() {
		pinMode(led, OUTPUT);
}
void loop() {
		digitalWrite(led, HIGH);
}

මෙහි තිබෙන HIGH යනු ධාරාව වැඩි කිරීමයි. එමගින් LED එක දැල්වේ. මෙහි LOW ලෙස දුන් විට LED එක ක්‍රියා විරහිත වේ.

digitalWrite(led, LOW);

LED Pattern

දැන් අපි නිවි නිවි දැල්වෙන සේ LED එක සාදා ගමු. ඒ සදහා void loop() method එක භාවිතා කරන්න ඕන. මෙහිදී අපි මුලින්ම ධාරාව වැඩි කිරීමට HIGH යොදා ඉන්පසුව එය එසේ දල්වා තබා ගැනීමට delay() එක යොදා ගනී. ඉන්පසු LOW යොදා ධාරාව අඩු කරගෙන නැවතත් delay() එක මගින් LED එක නිවා තබා ගැනීම සිදු කරයි. එය පහත Code එකෙන් ඔබට දැකගත හැකිය. තවද මෙය loop() method තුල ලිවීම නිසා නොකඩවා නිවි නිවි දැල්වේ.

int led = 13;
		void setup() {
		pinMode(led, OUTPUT);
}
void loop() {
		digitalWrite(led, HIGH);
		delay(800);
		digitalWrite(led, LOW);
		delay(800);
}
realrajapaksha/Arduino
Android Wedakarayo Arduino Lessons. Contribute to realrajapaksha/Arduino development by creating an account on GitHub.

Code files in GitHub

දැන් Upload Button එක Click කිරීමෙන් Code එක Uno Board එකට යවා ගත හැකිය.

ඒනම් අපි ඊලග ආටිකල් එකෙන් හමුවෙමු. ඔයාලගේ යෝජනා, ඉල්ලීම් සහ අඩුපාඩු සේරම comment section එකේ කතා කරමු. සුභ දවසක්.