Loading...
Arduino board වර්ග සහ ඒවායේ ඇ​ති components මොනවද?

මේක අපේ Arduino ලිපි මාලාවේ දෙවෙනි ලිපිය. අද අපි බලමු Arduino board එකේ components මොනවද, ඒවගේම ඒවායෙන් සිදුවන කාර්‍යයන් මොනවද කියල.

UNO Board

මේ තියෙන්නෙ uno board එකක්.

අංක එකෙන් පෙන්වන්​නේ usb port එක. ඊලගට ඔයාලට පේන දිග chip එක තමයි Atmel chip එක (2). ඒ දෙක අතර මැද තියන චිප් එකෙන් තමයි USB එක හරහා එන signals ටික micro chip එකට convert කරල upload කරන්නෙ (3).

ඉතින් මේ බෝඩ් එකට power supply කරන්න පුලුවන් ports කිහිපයක් තියනවා.

  1. ඉන් එකක් තමයි USB port එක (1)
  2. දෙවෙනි එක තමයි main power supply එක (4)
  3. Ground port එකv(5)
  4. අනිත් එක තමයි VIN කියල සදහන් කරල තියන pin එක (6)

අපි ලබාගන්න විදුලිය power regulator (7) , (8) හරහා තමයි chip එකට යන්නේ. ඉන් ප්‍රමාණයෙන් විශාල regulator එක 5v එකක් වන අතර අනිත් කුඩා එක 3v පමණ වේ.

මේ fuse එක resettable fuse එකක් (9) . ඒ කියන්නෙ වැඩිපුර විදුලියක් ආවොත් මේකෙම් ඒ විදුලිය board එකට ලබාදෙන එක නතර කරනවා. හැබැයි මේකේ තියනව විශේෂත්වය තමයි අපි විදුලිය නැවත ගලවල සවි කරාට පස්සේ සාමාන්‍ය විදියට board එක වැඩ කරනවා. මේකෙන් board එකට හොදට ආරක්ශාවක් ලැබෙනවා.

මේ මැද තියන tablet එකක් වගේ එකට තමයි crystal එක කියල කියන්නෙ. ඉතින් මේක තමයි chip එකේ clock එක සම්බන්ධයෙන් වැඩ කරන්නේ. (10)

(11) මේ button එකෙන් කරන්නේ board එක restart කිරීමක්. ඒ කියන්නේ මේ board එකේ තියන program එක නතර වෙලා නැවත run වෙනවා.

තව reset pin එකක් අපිට මේ board එකේ දකින්න පුලුවන් . (12) මේ reset pin එකට ground එක connect කරාට පස්සෙ කලින් සදහන් කරපු reset botton එකේ විදියටම මේකත් වැඩ කරනවා.

Board එකේ උඩ දකින්න පුලුවන් අපිට මේ board එකේ main component එකක් (13). මෙතන තියනවා 0 සිට 13 දක්වා pin 14ක්. ඒව තමයි digital pins. මේකේ පළවෙනි pin දෙක මූලික වැඩකට සම්බන්ධයි . ඒවා තමයි transmit (T) හා receive (R) . Serial communication වලදි මේ pin දෙක පාවිච්චි කරනවා.

ඔයා මේ digital pins ලග පොඩි mark එකක් තියනව දකින්න ඇති. හරියට "~" මේ වගේ . ඒවා තමයි PWM pins.

Board එකේ පහලත් ඔයාට බලාගන්න පුලුවන් Power (14) සහ ANALOG IN (15) යනුවෙන් pin කිහිපයක්ම තියනවා. ඉතිම් අපි ඉස්සරහට මේ pin වලින් මොකද්ද කරන්න පුලුවන් කියල ඉගෙනගමු.

මේ පහළ photo එකේ තියෙන්නෙත් UNO board එකක්. හැබැයි ඔයාලට මේකේ ලොකු වෙනසක් පේනව ඇති. ඉතින් මේකේ ප්‍රධාන වෙනස්කම් දෙකක් තියනවා. ඒව තමයි ,

  1. මේකේ තියෙන්නෙ කලින් අපි කියල දුන්න වගේ ලොකු chip එකක් නෙවෙයි. ඔයාලට පේනවා ඇති මේක කොටු හැඩයේ පොඩි චිප් එකක් තියෙන්නේ. මේක service mode කරපු chip එකක්.
  2. මේ board එකේ කලින් වගේ ලොකු USB port එකක් නැහැ. ඔයාලට පේනව වගේම මේක mini usb port එකක්.

අනිත් විශේෂම fact එක තමයි මේ UNO board එකක memory එක kilobytes (kb) 32 යි.

Arduino Mega Board

මේ board එකේ තියනවා 256 kb memory එකක්. මේකේ සාමාන්‍යයෙන් ලොකු program එකක් උනත් වැඩ කරන්න පුලුවන්. අනිත් දේ තමයි මේ board එකේ Digital pin - 54 Analog pin - 16 ක් තියනවා. මේ Arduino UNO board එකෙත් MEGA එකෙත් තියෙන්නෙ megahertz 16 ක processor එකක්.

Arduino DUE board

පහළ photo එකේ ඔයාලාට පේන්නේ Arduino DUE board එකක්.

මේකේ megahertz 84 ක processor එකක් සහ 512 kb memory එකක් මේ board එකේ තියනවා . ඉතිම් ඔයාලට හිතෙනව වගේම මේ board එකෙන් කලින් කියල දුන්න board වලට වඩා ලොකු වැඩක් කරගන්න පුලුවන් .

Arduino pro mini

මේ පහල තියෙන්නෙ Arduino pro mini කියන board එක

මේ board එකට megahertz 8 ත් 16 ත් කියම frequencies දෙකේදිම වැඩ කරන්න පුලුවන්. මේ board එකේ UNO board එකක් හා සමානවම io pins තියනවා. ඉතිම් මේක ලොකු වැඩක් ගන්න පුලුවන් පොඩි board එකක් කියල හදුන්වා දෙන්න පුලුවන්.

අද අපි ඉගෙනගත්තා වගේම තවත් boards ඔයාලට marcket එකේ දකින්න පුලුවන් වෙයි. ඒ board වලත් මේ කියල දුන්න වෙනස්‍කම් වගේම සමානතා ඔයාලට දකින්න පුලුවන් .

ඉතින් අද අපි කියල දුන්නේ Arduino board එකේ components ගැන. අපි හිතනවා අද පාඩම ඔයාලට හොදින් තේරුම් යන්න ඇති කියලා. ඉතින් අපි ඊලග පාඩමින් කියල දෙන්නේ මේ board එක programming කරන විදිය.

ඉස්සරහටත් අපේ tutorial එක්කම රැදිලා ඉන්න කියල අපි ඔයාලට ආරාධනා කරනවා.