Loading...
Arduino සමඟ Soil sensor එක භාවිතා කර පසේ ඇති වතුර මට්ටම මනිමු (Lesson 07)

සුභ දවසක්. අද අපි කතා කරන්න යන්නේ Soil sensor එකක් භාවිතා කරලා values ගන්න විදියයි.

Soil sensor එකක් කියන්නේ පසේ ඇති වතුර මට්ටම මැන ගැනීමට උපකාරී වන sensor එකකි. මෙය දිග කූරු දෙකක් ලෙස නිර්මාණය කර ඇත. එම නිසා පහසුවෙන් පස තුලට ඇතුල් කිරීමට පුලුවන්. මෙයින් analog ලෙස values ලබාදෙයි. එය 0 - 1023 අතර ඉහල පරාසයක වීම නිසා අපිට කුඩා වතුර ප්‍රතිශතයක් පවා මැන ගැනීමට පුලුවන්.

මුලින්ම අපට මේ සදහා ඕන දේවල් බලමු

1. Uno board එකක්
2. Soil Sensor එකක්
3. Jumper Wires

Soil Sensor

දැන් අපි පරිපථය දෙස බලමු.  දැන් මෙය පහත ආකාරයට සම්බන්ධ කරගන්න.

Cricuit

දැන් අපි මෙහි Code එකෙහි ක්‍රියාකාරීත්වය බලමු.

මුලින්ම අපි analogRead එකක් හරහා කෙලින්ම value එක ගමු.

Code

ඒ සදහා අපි මුලින්ම analog PIN එක variable එකක් සේ ගත යුතුය. දැන් ඒ variable එකෙන් අපි analogRead එකක් ගත යුතුය. එසේ ගන්නා value එක 0 - 1023 අතර අගයක් වෙයි. එය අපි serial monitor එකෙහි print කරගෙන ඇත.

ලබාගත් අගය ප්‍රතිශතයක් බවට පත් කිරීම.

Code

මෙහිදී අපේ ඇති ඉහලම අගය 1023 නිසා අපට එන value එක එම සංඛාවෙන් බෙදා එය ප්‍රතිශතයක් ලෙස දැක්වීමට 100න් ගුණකර 100ක් අඩු කරනු ලැබේ. එවිට analog ලෙස ලබාගන්නා value එක අපිට ප්‍රතිශතයක් ලෙස ලබා ගැනීමට පුලුවන්.

Code file https://github.com/realrajapaksha/Arduino

එහෙනම් යාලුවනේ අදට අපි සමුගන්නවා. තවත් මේ වගේ ආටිකල් එකක් අරගෙන ආයෙත් එන්නම්. ඔයාලගේ අදහස් යෝජනා සහ අඩුපාඩු comment කරන්නත් අමතක කරන්න එපා. සුභ දවසක්.