Loading...
මොකද්ද මේ Arduino කියන්නේ ?

මේක අපේ Arduino article set එකෙ පළවෙනි article එක.

අපි මුලින්ම බලමු මොකක්ද මේ ආඩියුනෝ බෝඩ් එකක් කියන්නෙ සහ ආඩියුනෝ බෝඩ් එකකින් මොකක්ද කරන්න පුලුවන් කියල.

Arduino කියන්නෙ Open source platform එකක්. ඒක නිසාම මේක ඕනම කෙනෙක්ට develop කරන්න හා වෙනස් කම් ඇති කරන්න හැකියාව තියනවා. මේ arduino board එකත් එක්ක වැඩ කරද්දි අපිට input සහ output devices ඕන වෙනවා. මේවා ලෝකයේ සමාගම් විශාල ප්‍රමාණයකින් නිර්මාණය කරනවා.

Arduino board එක සමාගම් කිහිපයක් එකතුවක් විදියටයි හැදෙන්නෙ. මේ board එක ඇතුලේ main micro processor එකක් තියනවා. ඒක නිශ්පාදනය කරන්​නේ Atmel කියන කම්පැනි එකෙන්. දැනට බහුලව භාවිතා වන micro processor types කිහිපයක් තියනවා. ඒව තමයි,

  • Arduino Pro Mini
  • Arduino Nano
  • Arduino Uno
  • Arduino Mega

ප්‍රමාණයෙන් පොඩි උනාට මේ හැම micro processor එකක් ඇතුලෙම  processor එකක් RAM එකක් සහ flash memory එකක් අඩංගු වෙනවා.

උදාහරණයක් විදියට Arduino Uno එකක,

  • Clock speed 16 MHz
  • Flash memory 32 KB
  • SRAM 2KB
  • EEPROM 1KB  අන්තර්ගත වෙනවා.

එහෙම බැලුවොත් මේක computer එකකට සමාන ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරනවා.

මේ micro processor එක computer එකක් වගේ වැඩ කරනව නම් ඇයි අපි arduino board එකක් සමග වැඩ කරන්නේ? මේ chip එකත් එක්ක direct වැඩ කරනකොට අපිට ගැටලු කිහිපයක් මතු වෙනවා. ඒව තමයි,

බල සැපයුමේදි අති වෙන්න පුලුවන් ගැටලු

මේ chips 3V හා 5V වගේ ධාරිතාවක් තුල වැඩ කරනවා. ඉතිම් මේක ගොඩක් සියුම් chip එකක් නිසා පොඩි වොල්ටේජ් වෙනස්වීමක්දි උනත් පිලිස්සී යන්න පුලුවන්. මේකට විසදුමක් විදියට Arduino board එකේ Power regulator එකක් අපිට බලගාන්න පුලුවන්.  මේකෙන් 12V පමණ විදුලියක් උනත් chip එකට හානියක් නොවන විදියට ලබාදෙනවා.

Micro processor එකක් පරිඝණකය හා සම්බන්ධ කරන්නෙ කොහොමද ?

මේ chip එක අපිට කෙලින්ම computer එකකට connect කරගන්න බෑ. ඒකට අපිට Arduino board එක ඕන වෙවා. මේ Arduino board එකේ USB port එකක් එනවා. අපිට මේ port එක හරහා අපේ processor එක connect කරගන්න පුලුවන්. මේ USB port එක හරහා අදාල signal micro chip එකට සරිලන විදියට convert කරලා ලබාදෙනවා.

දැන් තේරෙනවා නේද, අපිට Arduino board එකක් ඕන වෙන්නෙ ඇයි කියලා.

අපි මේ Arduino board එකක් කොහොමද මිලදී ගන්නෙ?

මුලින්ම Arduino web store එකෙන් ඔයාලට මේ Arduino board එකක් මිලදී ගන්න පුලුවන්. හැබැයි මේ site එකෙන් ගන්නකොට ටික මිල වැඩී. එහෙමත් නැත්නම් ඔයාලට Arduino සමාගමින් නෙවෙයි වෙනත් සමාගම් වලින් නිපදවන Arduino board එකක් ගන්න පුලුවන් AliExpress, eBay වගේ sites වලින්.

එහෙමත් නැත්නම් අපිට ලේසියෙන්ම ලංකාවෙ තියන Electronic shop එකකින් හ​රි කොටුවේ පළවෙ​නි වෙනි පටුමගෙන්  හරි පහසුවෙන්ම, Arduino board එකක් ගන්න පුලුවන්.

හැබැයි අපිට මේ Arduino වැඩ කරද්දි board එකක් විතරක් තිබිලා මදි. තව පොඩි tools ටිකක් අපිට ඕන වෙනවා. ඔයාලට Arduino learning kit එකක් අරගන්න පුලුවන් නම් ඉස්සරහට වැඩ කරනකොට  ගොඩක් ලේසීයි.

අපි හිතනව මේ පළවෙනි article එකෙන් ඔබට Arduino කියන්නෙ මොකක්ද කියන එක ගැන හොද අවබෝධයක් ලැබෙන්න ඇති කියල. අපි දෙවෙනි article එකෙන් Arduino board එකේ components මොනවද හා ඒවයි කාර්‍යයන් ගැන කියල දෙනවා. ඉතින් දිගටම මේ ලිපි මාලාව​ එක්කම රැදිලා ඉන්න කියල ආරාධනා කරනවා.