Loading...
කෘතිම බුද්ධිය නොහොත් Artificial Intelligence (පළමු කොටස) - අතීතය, අනාගතය සහ වැදගත්කම

තාක්ෂණය කෙතරම් දියුණු වී තිබේද යන පැනය මා ඔබගෙන් විමසූවොත් ඔබගේ පිළිතුර කුමක් වන්නේ ද? ඇතැම් විට ඔබට සෘජු පිළිතුරක් ලබා දීමට අපහසු වන්නට ඉඩ ඇත. ඇතැමුන් නම් මේ පිළිබඳව දිනෙන් දින යාවත්කාලීන වන අතර ඇතැමුන් එසේ නොවේ. නමුත් අප දැනගත යුතු කරුණක් වන්නේ නම් අපට සිතෙන යමක් පරිඝණකයට නිර්මාණය කිරීමට හැකියාව පවතී. විශ්වාස කරනවා ද? එසේනම් මෙම ලිපියේ අවසානය වන තෙක් රැඳී සිටින්න.

Source: simplilearn.com

ගෙවීගිය 2022 වසරේ දී ඔබ හට මෙන්ම මා හටත් අසන්නට දකින්නට ලැබුණු සිද්ධියක් වන්නේ නම් Artificial Intelligence නැතිනම් කෘතිම බුද්ධිය ආධාරයෙන් සිදුකරන්නා වූ විවිධාකාරයේ ක්‍රියාකාරකම් වේ. වැඩිමනක් ඔබ හට දැක ගැනීමට හැකියාව ලැබුණේ AI Arts පිළිබඳවයි. නමුත් එයට පිටතින් තවත් බොහෝ දෑ මෙම AI භාවිතයෙන් සිදුකිරීමට හැකියාව ඇති අතරම ඉදිරියේදී ද එහි දියුණුව නොනවත්වා ඉදිරියටම ගමන් කරනු ඇතැයි ලොව පුරා වෙසෙන විචාරකයන් මත පළ කිරීම සිදු කරයි.

මෙම ලිපි පෙළ ඔස්සේ ඔබ වෙත කෘතිම බුද්ධිය පිළිබඳව ඔබ වෙත අමතර දැනුමක් ලබාදීම සඳහා අවධානය යොමු කරන අතර මේ ඒ හා සම්බන්ධව පළ කරනු ලබන පළමු ලිපියයි.

කෘතිම බුද්ධියේ ඉතිහාසය.

මේ වන විට ඔබ සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ නම් මේ වන විටත් මෙම කෘතිම බුද්ධිය(AI) භාවිතා කර සිදුකරන ලද විවිධාකාරයේ නිර්මාණ දැකගැනීමට හැකිවේ. බොහෝ දෙනාගේ මතයක් වන්නේ මෙම මෙම AI භාවිතය මෑත කාලය තුළදී කරලියට පැමිණි බවයි. නමුත් එය තරමක වැරදි සහගත මතයක් වන අතර එහි ඉතිහාසය සලකන විට 1956 තරම් අතීතයට දිවයයි.

මේ සඳහා පුරෝගාමී වන පුද්ගලයා ලෙස සැලකෙන්නේ ඇමෙරිකානු ජාතික ගණිතඥයෙකු සහ පරිඝණක විද්‍යාඥයෙකු වන John McCarthy වේ. මොහු වෙනත් ආකාරයකින් කෘතිම බුද්ධියේ නැතහොත් Artificial Intelligence හි පියා ලෙසද හැඳින්වේ. මොහු විසින් 1956 දී ප්‍රථමයෙන්ම Artificial Intelligence යන හැඳින්වීම සිදුකළ අතර එමෛන් ඔහු අදහස් කරනු ලැබූවේ "පරිඝණක සහ යන්ත්‍ර සඳහා මිනිස් මනස මෙන්ම බුද්ධිමත්ව සිතීමට හැකියාව උදාකරන තාක්ෂණයක් " ලෙසයි.

ඇමෙරිකානු ජාතික ගණිතඥයෙකු සහ පරිඝණක විද්‍යාඥයෙකු වන John McCarthy විසින් Stanford හි පරීක්ෂණාගාරයේ සිටින් දර්ශනයක්. මොහුගේ පර්යේෂණ බොහෝමයක් Stanford පර්යේෂණාගාරයා ආශ්‍රය කරගනිමින් සිදුකර ඇති බවට සඳහන් වේ. (Source: independent.co.uk)

මෙම කාල වකවානුවෙන් පසුව ඇතිවූ පුනරුදයත් සමග විවිධාකාරයේ වූ නිර්මාණයන් මේ හා සම්බන්ධව නිර්මාණය කිරීම සඳහා එම ක්ෂේත්‍රයේ නිරත වූ පර්යේෂකයන් උත්සාහ දැරීය.

  • එහි ප්‍රතිඵලයක් වශයෙන් 1969 වසරේ දී පළමු "පොදු කාර්යය ජංගම රොබෝවක්" නිර්මාණය කිරීම සිදුවිය. මෙය "Shakey" ලෙස නම් කළ අතර මෙයින් සරලවම සිදුවූයේ ලබාදී ඇති තොරතුරු මත පදනම්ව එයට සම්බන්ධ වන විවිධාකාරයේ වූ ක්‍රියාකාරකම් සිදුකිරීමයි.
1969 වසරේදී නිපදවූ Shakey රොබෝගේ දල සැකැස්ම. (Source: history-computer.com)
Shakey රොබෝවගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කෙරෙන වීඩියොවක්.
  • 1997 වර්ශයේදී නිපදවූ "Deep Blue" නම් IBM සමාගම මගින් නිපදවූ Supercomputer එක මගින් එවකට ලොව සිටි Chess ක්‍රීඩාවේ ලෝක ශූරයෙකු පරාජය කිරීම මෙම කෘතිම බුද්ධියෙහි වැදගත් සන්ධිස්ථානයක් බවට පත්විය.
Deep Blue සමග චෙස් ක්‍රීඩාව සිදුකරනු ලබන වීඩියෝ දර්ශනයක්.
  • 2002 වසරේදී ප්‍රථම වානිජමය Vacuum Cleaner යන්ත්‍රය නිර්මාණය කිරීම සිදුවිය.

ඉහත සඳහන් කළ උදාහරණ කිහිපයට අමතරව එම කාල පරාසය තුළ විශාල ප්‍රමාණයක කෘතිම බුද්ධියේ පුනරුදයක් ඇතිවීම සිදුවිය. එසේම එතැන් පටන් මේ දක්වා ද ඉතාමත් ඉහළ මට්ටමේ දියුණුවක් ලඟාකරගැනීමට අවස්ථාව උදා විය. උදාහරණයක් ලෙස Speech Recognition තාක්ෂණය, Robotic Process Automation (රොබෝ තාක්ෂණය) , Smart Homes තාක්ෂණය හා ඒ සම්බන්ධ උපාංග ඒ අතරින් සුළු ප්‍රමාණයක් වේ.

කෘතිම බුද්ධියේ වර්තමානය සහ අනාගතය

AI තාක්ෂණයේ වර්තමානය සලකන විට ඉතාමත් දියුණු මට්ටමක පවතින බව තාක්ෂණික ලෝකය පිළිබඳව නිතරම යාවත්කාලීන වන ඔබ සියල්ලන්හට අලුත් කරුණක් නොවනු ඇත. මන්දයත් මේ වන විට පවතින නිපැයුම් සලකන විට ආයතනික හෝ වෙනත් වූ විවිධ මට්ටමේ දත්ත ආරක්ෂා කරගැනීම සඳහා මෙම කෘතිම බුද්ධිය භාවිතයට ගනු ලබයි.

එමෙන්ම අන්තර්ජාලය හරහා සිදුවන සයිබර් අපරාධ අවම කිරීම සහ වැළැක්වීම සඳහා ද මෙම AI තාක්ෂණය යොදාගන්නා අතර මෙහි දී Machine Learning වැනි ආකෘතීන් භාවිතා කිරීම මේ වන විට සුලභව දක්නට ලැබෙන කරුණකි. මේ පිළිබඳව වැඩිදුර විස්තර අපගේ ඉදිරි ලිපි ඔස්සේ පරිශීලකය කළ හැකිවේ.

එමෙන්ම වර්තමානය වන විට වඩාත් ජනප්‍රිය වන Virtual Assistant පහසුකම දුරකථන භාවිතා කරන පාඨක ඔබ හොඳින් දන්නා කරුණකි. Siri, Cortana, Alexa සහ Google වැනි පරිශීලකයන්ගේ වීධාන අනුව ක්‍රියා කරන්නාවූ Virtual Assistant යෙදවුම් අප හට දැක ගත හැකිවේ. මේවා ද කෘතිම බුද්ධිය මූලික කරගත් නිර්මාණයන් වන අතර ඉදිරියේදී මීට වඩා ඉතාමත් ඉහළ මට්ටමේ Virtual Assistant පහසුකම් ඇතිවනු ඇති බව විචාරකයන්ගේ මතයයි.

ලොව මේ වන විට ඩිජිටල් විප්ලවයක් ආරම්භ වී ඇත. නමුත් මේ වන විට අප රට තුළ සිදුවන පසුගාමී තත්ත්වයන් හේතුකොටගෙන බහුතරයකගේ දැනුම හා යාවත්කාලීන වීම් යම් රාමුවකට සීමා වී පවතී. නමුත් මේ වන විට අප ලොව තුළ සියල්ලම පාහේ ඩිජිටල් යුගයකට පෙරමං තනන මට්ටමක් දක්වා එළඹී ඇත. මේ හේතුව සඳහා Artificial Intelligence නැතිනම් කෘතිම බුද්ධිය යන සංකල්පය ඉතාමත වැදගත් මෙහෙවරක් ඉටුකරනු ලබයි.

AI හි අනාගත දැක්ම සලකන කල්හි අපට එය කොතනින් ආරම්භ වී කොතනින් කෙළවර වන්නේද යන්න තක්සේරු කළ නොහැකිය. ඇතැම් විට මෙම තාක්ෂණය භාවිතා කිරීම හා වැඩිදියුණු කිරීම ඔස්සේ ඉදිරියේදී විවිධ වෘත්තීන් බොහෝමයක් ස්වයං පරිඝණක පද්ධතියක් බවට පත්වීමට ඉඩ ඇත. නමුත් විවිධ විචාරකයන්ගේ අදහස වන්නේ නම් මේ සඳහා තවත් දශක කිහිපයක් ගතවනු ඇති බවය. මේ වන විටත් ගොඩනැගෙමින් පවතින Humanoid Robots සහ Automated Systems හේතුවෙන් බොහෝ දෙනා අතර AI තාක්ෂණය පිළිබඳව අනිසි බියක් හටගෙන ඇත.

ලොව මේ වන විට පවතින යුධ කටයුතු වලදී පවා භාවිතා කරන්නා වූ Autopilot යානා සහ ඩ්‍රෝන යානා පවා මිනිසාගේ මැදිහත් වීමකින් තොරව හැසිරවීම දක්වා මෙම තාක්ෂණය ඉහළ මට්ටමක පවතී. ජාතික ආරක්ෂාව, යුධ කටයුතු, ආර්ථික කටයුතු අධ්‍යාපනය, සෞඛ්‍ය, මානව සම්බන්ධතා, ප්‍රවාහනය, කෘෂි කටයුතු ආදී නොයෙක් ක්ෂේත්‍රයන් සඳහා මෙම AI තාක්ෂණය විවිධාකාරයෙන් යොදාගන්නා ආකාරය අප විසින් ඔබට ඉදිරි ලිපි ඔස්සේ පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මෙම ලිපිය හා සම්බන්ධ පර්යේෂණාත්මක තොරතුරු කිහිපයක් පහත සඳහන් වේ.

මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන ආ කෘතිම බුද්ධියේ අතීතය, වර්තමානය සහ එහි වැදගත්කම පිළිබඳව ඔබ වෙත ගෙන ආ තොරතුරු පිළිබඳව ඔබගේ අදහස් පළ කිරීමට අවස්ථාව ඇත. ඉදිරි ලිපි ඔස්සේ ඔබවෙත තවත් මෙවැනිම AI සමබන්ධ තාක්ෂණික කරුණු ගෙන ඒම සඳහා අප සූදානම්. එමනිසා Android වැඩකාරයෝ සමග රැඳී සිටින්න.

Sources: www.independent.co.uk/ www.artificial-solutions.com thenewstack.io history-computer.com mashable.com www.sri.com egfound.org www.linkedin.com