Brave බ්‍රව්සරය මුලින්ම ආරම්භ කළ දා සිටම එය පුද්ගලිකත්වයට නැඹුරු බ්‍රව්සරයක් විදිහට මුළු ලෝකයේම ප්‍රචලිතයි. කෙසේ වෙතත්, පුද්ගලිකත්වය පෙරටුව තබාගෙන ආරම්භ කළ බ්‍රව්සරය පසුකාලීනව Basic Attention Tokens (BAT) සමඟ ගෙවීම් සඳහා වෙළඳ දැන්වීම් සඳහා දැන්වීම් ලබා දීමට පරිශීලකයින් උනන්දු කිරීමට පටන් ගත්තේය. BAT යනු Brave බ්‍ර්ව්සරයටම අයත් cryptocurrency වර්ගයකි.
Apparently Brave Browser is embedding its referral codes into URLs for major cryptocurrency trading websites
Brave browser එක විසින් URL වලට ලෝකයේ ප්‍රධාන crypto currency trading websites වලට referral codes embed කර ඇති අතර මේ පිළිබඳව ට්විටර් පරිශීලකයෙකු විසින් දැමූ ට්වීට් එකක් සමඟම මෙම ගැටළුව අන් අයගේ අවධානයට ලක් විය.
So when you are using the @brave browser and type in "binance[.]us" you end up getting redirected to "binance[.]us/en?ref=35089877" - I see what you did there mates ?
— Cryptonator1337 (@cryptonator1337) June 6, 2020
Address bar හී “binance.us” ටයිප් කරන විට එය ස්වයංක්‍රීයව “binance.us/en?ref=35089877” ලෙස වෙනස් වන බව ඔහු දුටුවේය. එය පැහැදිලිවම Affiliate marketing ගණයට වැටෙන කෝඩ් එකක් බව ඔහු හඳුනාගෙන ඇත. බ්‍රව්සරයේ GitHub පිටුවට අනුව, බ්‍රව්සරය මෙය සිදු කරන්නේ Coinbase, Ledger, සහ Trezor ඇතුළු crypto-trading වෙබ් අඩවි සමූහයක් සඳහා ය.
එම tweet එකට ප්‍රතිචාර වශයෙන්, Brave හී ප්‍රධාන විධායක නිලධාරීවරයා කියා සිටියේ "මෙම ක්‍රියාවෙහි කිසිදු වැරැද්දක් ඇතැයි තමා විශ්වාස නොකරන බවයි."
Yes, we partner with Binance as an affiliate. That code identifies us, not you.
— BrendanEich (@BrendanEich) June 6, 2020
ඔහුගේ ට්වීට් එකේ ඔහු පෙන්වා දෙන්නේ එම code එකෙන් හඳුනාගනු ලබන්නේ බ්‍රව්සරය මිස පරිශීලකයා නොවන බවයි. එය සත්‍යයකි, නමුත් ගැටලුව එය නොවේ. මිනිසුන් සාමන්‍යයෙන් පිවිසෙන සහ මුදල් උපයන වෙබ් අඩවි වලට එහි referral link එකතු කරනු ලබයි. එපමණක් නොව, අනුබද්ධ වැඩසටහන් සමහර විට සමාගම්වලට ඒවා භාවිතා කරන පුද්ගලයින් පිළිබඳ දත්ත බැලීමට ඉඩ දෙයි. Android Police වාර්තා කරන පරිදි, ට්‍රෙසෝර් “detailed overview of purchases” එකක් ඉදිරිපත් කරයි. එමඟින් ගනුදෙනුකරුවන් ඔවුන් ලියාපදිංචි වූ referral link මගින් තොරතුරු ලබාගත් අනුබද්ධ සමාගම් වල තොරතුරු ලබාගත හැකිය.
Brave GitHub repo එකේ පවසා ඇති අන්දමට, developersලා පවසන්නේ toggle එකක් මගින් මෙම විශේෂාංගය අක්‍රිය කළ හැකි බවයි. මීළඟට පැමිණීමට නියමිත stable update එකට පසුව default settings වලින්ම මේ toggle එක disable කර එවනු ලබන බවද පවසා ඇත.