Loading...
රුපියල් 40,000ට අඩු budget එකකට, ලංකාව ඇතුලේ ගන්න පුළුවන් සුපිරිම Android Smartphone 11

අතේ තියෙන ගානට, සුපිරි Specs එක්ක ගන්න පුළුවන් හොදම Smartphone මොනව ද? අද අපි කියන්න යන්නේ රුපියල් 40,000ට අඩුවෙන් ගන්න පුළුවන් හොදම Smartphone 10 ගැනයි. ඉතින් අපි ලංකාවේ දැනට තියෙන Brands වල රුපියල් 40,000ට අඩු මුදලකට ගන්න පුළුවන් Smartphone මොනවද කියල සදහන් කරල තියෙනවා. ඉතින් මේ ගානට ඔයා Smartphone එකක් ගන්න බලාපොරොත්තු වෙනව නම් ඔයා කැමති Brand එකේ හොදම Smartphone එකක් තොරා ගන්න අපේ මේ ලිපිය උදව් වෙයි කියල.

01. Samsung Galaxy A21s

මෙහි මිල  රුපියල් 33,600 සිට රුපියල් 33,700 දක්වා වේ

2020 මාර්තු මාසයේ දි නිකුත් වුන මේ Smartphone එකේ Display එග අගල් 6.5ක PSL TFT Capacitive Touch Screen එකකින් යුතු වෙනවා. 270ppi Density එකක් සහිතව 720×1600 Resolution එකකින් සමන්විත වෙනවා. Exynos 9611 Chipset එකෙන් බලගැන්වෙන අතර මෙහි OS එක වෙන්නේ Android 10. මෙහි RAM එක 3GB ද Internal Storage එක 32GB ද වෙනවා.

Quad Camera Setup එකකින් යුතු වෙන මෙය 48M Wide lens එකකිනුත්, 8MP Ultrawide lens එකකිනුත්, 2MP Depth හා Macro Sensor දෙකකිනුත් යුතු වෙනවා. Single Selfie Camera එකක් ලබා දි තිබෙන අතර එය 13MP ප්‍රමාණයේ වෙනවා.

3.5mm Headphone Jack එක හා Rear-Mounted Fingerprint Sensor එකත් ලබා දි තිබෙනවා. 5000mAh Battery Capacity එකකින් සමන්විත වෙන මෙය 15W Fast Charging සදහා Support කරනවා. මෙය අපිට Black, White, Blue හා Red කියන Colors වලින් මිලදි ගන්න පුළුවන්.

02. Samsung Galaxy M21

මෙහි මිල  රුපියල් 32,900 සිට රුපියල් 40,000 දක්වා වේ

2020 ජුනි මාසයේ දි නිකුත් වුන මේ Smartphone එකේ Display එග අගල් 6.4ක Super AMOLED Capacitive Touch Screen  එකකින් යුතු වෙනවා. 403 ppi Density එකක් සහිතව 1080×2340 Resolution එකකින් සමන්විත වෙනවා. ඒ වගේම Corning Gorilla Glass 3 Protection එකෙන් සමන්විත වෙනවා. Exynos 9611 Chipset එකෙන් බලගැන්වෙන අතර මෙහි OS එක වෙන්නේ Android 10. මෙහි RAM එක 4GB ද Internal Storage එක 64GB ද වෙනවා.

Triple Camera Setup එකකින් යුතු වෙන මෙය 48M Wide lens එකකිනුත්, 8MP Ultrawide lens එකකිනුත්, 5MP Depth Sensor එකකිනුත් යුතු වෙනවා. Single Selfie Camera එකක් ලබා දි තිබෙන අතර මෙය 20MP ප්‍රමාණයේ වෙනවා.

3.5mm Headphone Jack එක හා Rear-Mounted Fingerprint Sensor එකත් ලබා දි තිබෙනවා. 6000mAh Battery Capacity එකකින් සමන්විත වෙන මෙය 15W Fast Charging සදහා Support කරනවා. මෙය අපිට Midnight Blue හා Raven Black කියන Color වලින් මිලදි ගන්න පුළුවන්.

03. Samsung Galaxy A20s

මෙහි මිල  රුපියල් 34,950 වේ

2020 ජුනි මාසයේ දි නිකුත් වුන මේ Smartphone එකේ Display එක අගල් 6.5ක IPS LCD Capacitive Touch Screen  එකකින් යුතු වෙනවා. 264 ppi Density එකක් සහිතව 720×1560 Resolution එකකින් සමන්විත වෙනවා. Qualcomm SDM450 Snapdragon 450 Chipset එකෙන් බලගැන්වෙන අතර මෙහි OS එක වෙන්නේ Android 9. මෙහි RAM එක 4GB ද Internal Storage එක 64GB ද වෙනවා.

Triple Camera Setup එකකින් යුතු වෙන මෙය 13MP Wide lens එකකිනුත්, 8MP Ultrawide lens එකකිනුත්, 5MP Depth Sensor එකකිනුත් යුතු වෙනවා. Single Selfie Camera එකක් ලබා දි තිබෙන අතර මෙය 8MP ප්‍රමාණයේ වෙනවා.

3.5mm Headphone Jack එක හා Rear-Mounted Fingerprint Sensor එකත් ලබා දි තිබෙනවා. 4000mAh Battery Capacity එකකින් සමන්විත වෙන මෙය 15W Fast Charging සදහා Support කරනවා. අපිට මෙය Black, Blue, Red හා Green කියන Color වලින් මිලදි ගන්න පුළුවන්.

04. Nokia 5.3

මෙහි මිල  රුපියල් 32,500 සිට රුපියල් 37,000 දක්වා වේ

2020 April මාසයේ දි නිකුත් කරපු මේ Smartphone එකේ Display එක අගල් 6.55ක IPS LCD Capacitive Touch Screen එකකින් යුතු වන අතර මිට Corning Gorilla Glass 3 Protection එකත් ලබා දි තිබෙනවා. Qualcomm SM6125 Snapdragon 665 Processor එකෙන් බලගැන්වෙන මෙහි Android Version එක වෙන්නේ Android 10. 3GB RAM එකක් හා 64GB Internal Storage එකක් සහිතව මේ Smartphone එක මිලදි ගන්න පුළුවන්.

13MP Wide Lens එකකින්, 5MP Ultrawide lens එකකින් හා 2MP බැගින් වු Macro හා Depth Sensor දෙකකින් සමන්විත Quad Camera Setup එකකින් යුතු වෙන මෙහි Selfie Camera එක 8MP වෙනවා.

Glass Front හා Plastic Back & Frame එකකින් සාදා ඇති මෙහි Rear Mounted Fingerprint Sensor එකක් බලාගන්න පුළුවන්. මෙහි Battery එක 4000mAh වන අතර 10W Charging සදහා Support කරනවා. මේ Smartphone එක අපිට Cyan, Sand හා Charcoal කියන Colours වලින් මිලදි ගන්න පුළුවන්.

05. Nokia 2.4

මෙහි මිල  රුපියල් 21,100 සිට රුපියල් 23,850 දක්වා වේ

‌‌මේ වසර සැප්තැම්බර් මාසයේ දි නිකුත් කරන ලද මෙයට අගල් 6.5ක IPS LCD Capacitive Touch Screen එකක් ලබා දි තිබෙනවා. Display Resolution එක 720×1600 වන අතර MediaTek MT6762 Helio P22 Chipset එකෙන් බලගැන්වෙන මෙහි Android OS එක වෙන්නේ Android 10. RAM එක 3GB ද Internal Storage එක 64GB ද වෙනවා.

Dual lens Main Camera Setup එකක් පවතිව මෙහි 13MP Lens එකක් හා 2MP Depth Sensor එකක් අඩංගු වෙනවා. Selfie Camera එක විදිහට 5MP Lens එකක් භාවිත කරල තිබෙනවා.

Rear Mounted Fingerprint Sensor එකකින් සමන්විත මෙය අපිට Fjord, Dusk හා Charcoal කියන Colors වලින් මිලදි ගන්න පුළුවන්. ඒ වගේම මේ Smartphone එකේ Battery Capacity එක වෙන්නේ 4500mAh.

06. Oppo A53‌‌

මෙහි මිල  රුපියල් 30,900 සිට රුපියල් 35,300 දක්වා වේ

අගල් 6.5ක IPS LCD Display එකකින් යුතු මේ Smartphone එකේ Display Refresh Rate එක 90Hz වෙනවා. ඒ වගේම මේ Display එකට Corning Gorilla Glass 3 Protection එක ලබා දි තිබෙනවා. Android 10 OS එක මත ක්‍රියාකරන මේ Smartphone එක Qualcomm SM4250 Snapdragon 460 Chipset එක මගින් බලගැන්වෙනවා. 4GB RAM එකක් සමගින් 64GB Internal Storage එකක් ලබා දි තිබෙනවා.

13MP Wide Lens එකකින් හා 2MP බැගින් වු Macro හා Depth Sensor දෙකකින් යුතු Triple Camera Setup එකක් මේ Device එකේ Main Camera Setup එක විදිහට ලබා දි තිබෙනවා. ඒ වගේම Selfie Camera එකට 16MP Lens එකක් යොදාගෙන තිබෙනවා.

18W Fast Charging Feature එක සහිත 5000mAh Battery එකකින් සහිත වන මෙහි Rear-Mounted Fingerprint Sensor එකක් පවතිනවා. මෙය අපිට Fairy White, Electric Black හා Fancy Blue කියන Colours වලින් මිලදි ගන්න පුළුවන්.

07. Oppo A31‌‌

මෙහි මිල  රුපියල් 34,500 සිට රුපියල් 39,700 දක්වා වේ

මේ අවුරුද්දේ පෙබරවාරියේ නිකුත් කරපු මේ Device එ⁣කට Corning Gorilla Glass 3 Protection එක සහිත IPS LCD Capacitive Touch Screen එකක් පවතිනවා. මෙහි Pixel Density එක 270ක් පමණ වන අතර 720×1600 Resolution එකක් බලාගන්න පුළුවන්. MediaTek MT6765V/CB Helio P35 Chipset එකෙන් බලගැන්වෙන මෙය Android 9 Operation System එකෙන් ක්‍රියාත්මක වෙනවා.

12MP Wide Lens එකක් හා 2MP බැගින් වු Macro හා Depth Sensor දෙකකින් සමන්විත වු Triple Camera Setup එකක් හා 8MP Selfie Camera එකකින් මේ Smartphone එක සමන්විත වෙනවා.

Rear-Mounted Fingerprint Sensor එකකින් සමන්විත වෙන මෙහි Battery Capacity එක වෙන්නේ 4230mAH. මෙය අපිට Fantasy White, Mystery Black හා Lake Green කියන Coloursවලින් මිලදි ගන්න පුළුවන්.

08. Xiaomi Redmi Note 9

මෙහි මිල  රුපියල් 29,500 සිට රුපියල් 40,000 දක්වා වේ.

මේ අවුරැද්දේ මැයි මාසයේදි නිකුත් කරන මේ Smartphone එක අගල් 6.53ක IPS LCD Capacitive Touch Screen එකකින් සමන්විත වන අතර මෙහි Resolution එක වෙන්නේ 1080×2340. ඒ වගේම මෙය Corning Gorilla Glass 3 Protection එකෙන් යුතු වන අතර Plastic Frame එකකින් සමන්විත වෙනවා. Android 10 OS මත ක්‍රියාත්මක වන මෙහි Processor එක වෙන්නේ MediaTek Helio G85 Chipset එක. 4GB RAM එකක් හා 128GB Internal Storage එකකින් මේ Smartphone එක මිලදි ගන්න පුළුවන්.

Quad Camera Setup එකකින් යුතු මේ Camera Setup එක සදහා 48MP Wide lens එකක්, 8MP Ultrawide lens එකක් හා 2MP බැගින් වු Macro හා Depth Sensor දෙකක් ලබා දි තිබෙනවා. Selfie Camera එක 13MP වෙනවා.

5020mAh Battery Capacity Capacity එකකින් යුතු මෙහි Rear Mounted Fingerprint Sensor එකක් ලබා දි තිබෙනවා. ඒ වගේම 18W Fast Charging Feature එක සදහා වගේමත් 9W Reverse charging technology එකටත් Support කරනවා. මෙය අපිට Forest Green, Midnight Grey හා Polar White කියන Colors වලින් මිලදි ගන්න පුළුවන්.

09. Huawei Nova 7i‌‌

මෙහි මිල  රුපියල් 39,950ක් වේ.

2020 පෙබරවාරි මාසයේ දි නිකුත් වුන මේ Smartphone එකේ Display එග අගල් 6.4ක LTPS IPS LCD Capacitive Touch Screen  එකකින් යුතු වෙනවා. 398 ppi Density එකක් සහිතව 1080×2310 Resolution එකකින් සමන්විත වෙනවා. Kirin 810 Chipset එකෙන් බලගැන්වෙන අතර මෙහි OS එක වෙන්නේ Android 10 හා EMUI 10. මෙහි RAM එක 6GB ද Internal Storage එක 128GB ද වෙනවා.

Main Camera එක Quad Camera Setup එකකින් යුතු වෙනවා. මෙහි 48M Wide lens එකත්, 8MP Ultrawide lens එකත්, 2MP බැගින් වු Macro හා Depth Sensor දෙකකුත් ඇතුලත් වෙනවා. Single Selfie Camera එකක් ලබා දි තිබෙන අතර මෙය 16MP ප්‍රමාණයේ වෙනවා.

3.5mm Headphone Jack එක හා Side-Mounted Fingerprint Sensor එකත් ලබා දි තිබෙනවා. 4200mAh Battery Capacity එකකින් සමන්විත වෙන මෙය 40W Fast Charging සදහා Support කරනවා. ඒ වගේම මිනිත්තු 30කින් 70% දක්වා ආරෝපණය කර ගත හැකියි. මෙය අපිට Midnight Black, Crush Green හා Sakura Pink කියන Color වලින් මිලදි ගන්න පුළුවන්.

10. Huawei Y9s‌‌

මෙහි මිල  රුපියල් 37,900ක් වේ.

මේ Smartphone එක 2019 දෙසැම්බර් නිකුත් වෙන අතර අගල් 6.59ක LTPS IPS LCD Capacitive Touch Screen එකකින් යුතු වෙනවා. Android 9.0 හා EMUI 9.1 OS වලින් යුතුව Hisilicon Kirin 710F Chipset එක මගින් බලගැන්වෙනවා. 6GB RAM එකකින් හා 128 Internal Storage එකකින් යුතුව Midnight Black හා Breathing Crystal කියන Colors දෙකෙන් මිලිදි ගන්න පුළුවන්.

48MP Wide lens එකක්, 8MP Ultrawide lens එකක් හා 2MP Depth Sensor එකකින් යුතු Triple Camera Setup එකක් ලබා දි තිබෙනවා. Selfie Camera එක සදහා 16MP Pop-up Selfie Camera එකක් ලබා දි තිබෙනවා.

Side-Mounted Fingerprint Sensor එකකින් හා 3.5mm Headphone Jack එකෙන් සමන්විත මෙහි Battery Capacity එක වෙන්නේ 4000mAh. ඒ වගේම 10W Fast Charging සදහාත් සහය දක්වනවා.

11. Vivo Y30

මෙහි මිල  රුපියල් 31,000 සිට රුපියල් 33,500 දක්වා වේ.

‌‌මේ අවුරැද්දේ මැයි මාසයේ නිකුත් කරන ලද මෙහි Display එක අගල් 6.47ක 720×1560ක Resolution එකකින් යුතු වෙනවා. මේ Smartphone එක Glass Front හා Plastic Back & Frame එකකින් යුතු වෙනවා. Android 10 OS එක මත ක්‍රියාත්මක වන මෙහි Processor එක වෙන්නේ MediaTek MT6765 Helio P35 Processor එකයි. 4GB RAM එකකින් යුතුව 64GB Internal Storage එකකින් සමන්විත වෙනවා.

Quad Camera Setup එකකින් සමන්විත වෙන මෙහි 13MP Wide lens එකක්, 8MP Ultrawide lens එකක් හා 2MP බැගින් වු Macro හා Depth Sensor දෙකක් ලබා දි තිබෙනවා. Selfie Camera එක විදිහට 8MP lens එකක් ලබා දි තිබෙනවා.

Rear Mounted Fingerprint Sensor එකකින් යුතු මෙහි Battery Capacity එක 5000mAh වන අතර 10W Fast Charging සදහා Support කරනවා. මෙය අපිට Dazzle Blue හා Moonstone White කියන Colors වලින් මිලදි ගන්න පුළුවන්.


මෙහි සඳහන් මිල ගණන් Ideabeam වෙබ් අඩවිය හරහා ලබාගෙන ඇති අතර පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකි බව සලකන්න. එමෙන්ම මෙහිදී සඳහන් කර ඇත්තේ brand-new ජංගම දුරකතන වල මිල පමණි.