Loading...
Canon කැමරා මඟින් ලබාගත් ඡායාරූප Google Photos වෙත backup කිරීමේ හැකියාව ලබාදේ

Canon කියන්නේ ලොව ජනප්‍රියම Camera Brand එකක් කිවොත් නිවරදියි. ඔවුන් සෘජුව ම Google Photos වෙත Photos Backup කිරිමේ හැකියාව ලබා දී තිබෙනවා. Google Photos වෙත Photos Backup කිරිම Canon Camera's වල ඇති “easy Wi-Fi backup” මගින් ලබා දි තිබෙනවා.

මේ මගින් Cameraවේ සිට ලේසියෙන්ම Google Photos වෙත Image Upload කිරිමේ හැකියාව ලැබෙනවා. මෙහිදි Canon Camera's මගින් Capture කල Image හා Videos සියල්ල Smartphone එක හරහා ස්වයංක්‍රීයවම Google Photos වෙත Upload කිරිමට හැකි වෙනවා.

ඔවුන් ඒ බව මෙලෙස ප්‍රකාශ කර සිටිනවා.‌‌

"We’ve worked with Canon so you can easily upload the moments captured on your Canon devices directly to Google Photos over Wi-Fi—no plugging in your camera or taking out your SD card"

මෙහිදි අපට Image.Canon App එක මගින් සෘජුව Google Photos වෙත Upload විමේ හැකියාව Enable කරන්න පුළුවන්.

මෙය image.canon App එක හරහා සිදුවන අතර IOS හා Android Version රාශියක් සමග මේ App එක ක්‍රියා කරනවා. ඒ වගේම මේ සදහා සහය දක්වන Canon Cameraවක් තිබිමත් අත්‍යවශ්‍ය වෙනවා. නව Image.Canon Update එක හරහා එම App එකේ Usersලාට මේ නව Feature එක ලබා දිලා තියෙනවා. ඔබ දැනටමත් image.canon App එකේ අලුත් Update එක භාවිත කරනවා නම් එහි ඔබ විසින් Capture කරන ලද Photos & Videos Google Photos වෙත Transfer කර හැකි ආකාරයේ නව Option එකක් දැක ගත හැකියි. මේ නව Feature එක Enable කල පසු Photos & Videos සියල්ල Automatically Google Photos වෙත Upload විම සිදු වෙනවා. ඒ වගේම මේ Photos & Videos සියල්ල Original Quality එකෙන්ම Google Photos වෙත Upload විම සිදු වෙනවා

මෙහිදි Google One Membership එකක් ලබා තිබිම අනිවාර්ය වේ. ඒ වගේම මේ තුලින් High Resolution Photos Upload කිරිමේ හැකියාව Cannon Camera's වෙත ලබා දීලා තිබෙනවා. මේ අනුව EOS DSLR Camera බොහෝමයක් වෙතද, Micro Four Thirds වෙතද , PowerShot Camera's බොහෝමයක් වෙතත් මේ Feature එක ලබා දි තිබෙනවා.

මේ සේවාව ඇරඹිමට සමගාමිව Canon සමාගම විසින් One Month Free Trial එකක් Google One 100GB දක්වා ලබා දිලා තියෙනවා. ඔවුන් දක්වන විදිහට මසක කාලයකට 100GBක Storage එකක් සදහා ඩොලර් 1.99 ක්ද, 200GB සදහා ඩොලර් 2.99 ක්ද 2TB Storage එකක් සදහා ඩොලර් 9.99 ක්ද අය කරන බව දන්වලා තිබෙනවා. ඒ වගේම 10TB, 20TB හා 30TB Storage Plans ද ඇතුලත් වෙනවා.

Sources : The Verge, 9to5goole