Loading...
ඉදිරි වසර දෙක තුළදී ChatGPT විසින් Google විනාශ කර දමනු ඇති බව Gmail නිර්මාතෲ ප්‍රකාශ කරයි

ඔබ නොදන්නා දෙයක් ගැන අසන්නට ලැබුණහොත් ඔබ කුමක් සිදුකරන්නේ ද? ඉංග්‍රීසි වචනයක සිංහල තේරුමක් දැනගැනීමට ඔබ පරිශීලනය කරන්නේ  කුමක්ද? මෙවැනි දේවල් සඳහා අනිවාර්යයෙන්ම ඔබ භාවිතා කරනු ලබන්නේ Google වේ. ඒත් ඇයි?

Source: interestingengineering.com

Google යනු සෙවුම් පද්ධතියක් වේ. එනම් සරලවම ඔබට අවශ්‍ය වන තොරතුරු Search Box එක තුළ සටහන් කිරීමෙන් අනතුරුව ආ සඳහ ගැලපෙන තොරතුරු වෙබ් අඩවි හරහා අප වෙත ලබාදේ. මෙය විවිධ ක්ෂේත්‍ර සඳහා භාවිතා කරන්නාවූ සේවාවක් වන අතර ඇතැම් පරිශීලකයන් සඳහා Google තමාගේම සහෝදරයෙක් වන්නාවූ තරමටම සමීප වී අවසන් ය.

නමුත් පසුගිය දිනෙක Gmail හි නිර්මාතෘ Paul Buchheit විසින් සඳහන් කරනු ලැබූවේ ඉදිරි වසර දෙක පමණ වන විට Google හි අවසාන අදියර එළඹෙනු ඇති බවයි. මෙයට හේතුව ලෙස ඔහු විසින් පෙන්වා දී ඇත්තේ මෑතකාලීනව ඉතාම ජනප්‍රියතාවයට පත් වූ ChatGPT (Chat Generative Pre-Trained Transformer) නම් OpenAI සමාගම විසින් නිර්මාණය කරන ලද යෙදවුමේ බලපෑමයි.

Paul Buchheit on Twitter

මේ සඳහා බලපාන තාක්ෂණික පසුබිම පිළිබඳව Paul Buchheit මෙසේ පැහැදිලි කර ඇත.

"යම් පරිශීලකයෙකු විසින් Google හෝ වෙනත් සෙවුම් පද්ධතියක් භාවිතා කර යම් දෙයක් පිළිබඳව සොයන්නේ නම් එයට අදාල තොරතුරු වෙබ් අඩවි මගින් ලබාදීම සිදුවේ. නමුත් ChatGPT වැනි කෘතිම බුද්ධිය ආශ්‍රය කරගනිමින් නිර්මාණය වූ සේවාවක් ඔස්සේ සිදුවන්නේ පරිශීලකයෙකු Search Bar තුළ අදාල Keywords type කිරීමේදී වුවද අදාල තොරතුරු එක්රැස් කිරීම සහ භාවිතා කරන්නාවූ Keywords අනුව පරිශීලකයාගේ අවශ්‍යතාවය හඳුනාගෙන එයට අදාල වන සහ නිරවද්‍ය තොරතුරු ඉතාමත් කෙටි කාලයක් තුළ ලබාදීමට ChatGPT හට හැකියාව ඇත. එය සැලකිය හැක්කේ එම විෂය හා සම්බන්ධ මනා අවබෝධයක් සහිත පුද්ගලයෙකුගෙන් එම කාර්යය ඉටු කරගැනීම හා සම්බන්ධ කරුණක් ලෙසයි. එමනිසා ඉදිරියේදී Google වැනි සෙවුම් පද්ධතියකට වඩා ChatGPT වැනි සේවාවකට නැඹුරු වීම සඳහා වැඩි ඉඩකඩක් ඇත. "

ඉහත සටහන් විස්තර කෙරෙන ආකාරයේ ඡායාරූප දෙකක් ඔහු විසින් සිය Twitter ගිණුම වෙත එක් කර ඇති අතර එමගින් ඔබට Google සහ ChatGPT අතර යම් තොරතුරක් පරිශීලනය කිරීමෙන් පසුව ලබාදෙන ප්‍රතිඵල වල වෙනස සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත හැකිවේ.

එකම Keywords, Google මගින් Search කළ විට මෙවැනි ප්‍රතිඵලයක් ලැබීම සිදුවිය. (පහත රූපයද සලකා බලන්න)
ඉහත ඡායාරූපයේ දැක්වෙන ආකාරයට පෙර Google මත සෙවීම සඳහා යොමුකළ Keywords කිහිපය ChatGPT තුළ යොමුකළ විට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵල නිරීක්ෂණය විය. එයට හේතුව ලෙස මෙහි වූ AI තාක්ෂණයේ ඉහළ දත්ත ලබාගැනීම හා ඒවායේ පෙළගැස්මේ විශේෂතා හැඳින්විය හැකිවේ.

ඉහත පැහැදිලි කිරීම අනුව ඉදිරියේදී ChatGPT මගින් Google ප්‍රතිස්ථාපනය වීම යන කරුණ 100% ක්ම සත්‍ය වීමේ ඉඩකඩ සම්පූර්ණයෙන්ම නැති වූවත් පරිශීලකයන් අතර Google සේවාවට වඩා ChatGPT කෙරෙහි උනන්දුවක් ඇතිවීම වැඩිවිය හැකිවේ. එය මේ වන විටත් සිදුවෙමින් පවතී.

Google සමාගම සලකන විට ඔවුන් මෙම සෙවුම් පද්ධතිය හරහා විශාල ආදායමක් වාර්ෂිකව උපයන අතර යම් ආකාරයකින් මෙම AI හා සම්බන්ධ යෙදවුම් ප්‍රචලිත වීම ඔවුනගේ සමාගමට යම් අලාභයක් ඇති කිරීම සඳහා හේතුවිය හැකිවේ. නමුත් මේ පිළිබඳව ChatGPT වෙතින් විමසූකළ එමගින් ලබාදුන් පිළිතුර පහත සඳහන් වේ.

Sources: interestingengineering.com biz.crast.net www.firstpost.com bgr.com