Loading...
Cloudflare Outage එක නිසා, අන්තර්ජාලය පුරා වෙබ් සේවාවන් රැසක බිඳ වැටීම් - තත්වය යථා තත්වයට

2025.11.18 (ඊයේ), ලොව පුරා වෙබ් අඩවි දහස් ගණනකට ප්‍රධාන අන්තර්ජාල බාධාවක් බලපෑවේය. වෙබ් අඩවි ආරක්ෂා කිරීමට සහ වේගවත් කිරීමට උපකාරී වන දැවැන්ත සමාගමක් වන Cloudflare හි ඇතිවූ ගැටුලු හේතුවෙන් මෙම ඇනහිටීම සිදුවී ඇති බව වාර්ථා වේ.

බොහෝ ජනප්‍රිය වෙබ් අඩවි හා සේවාවන් බිඳවැටී ඇති අතර ඒ අතරට ‌වෙබ් සේවාවන් වල බිඳවැටීම් වාර්ථා කරන Downdetector සේවාවත් බිඳවැටී ඇත. පරිශීලකයින්ට X , ChatGPT සහ තවත් බොහෝ වෙබ් අඩවි වැනි සේවාවන් වෙත ප්‍රවේශ වීමට නොහැකි ලෙස ගැටලුකාරී තත්වයක් ඇති විය. මෙය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 06:30ට ආරම්භ වී පැය කිහිපයක් පැවතුණ අතර විශාල සේවාවන් ප්‍රමාණයක් මේ වන විට යථා තත්වයට පත් වී ඇත.

ලොව පුරා අන්තර්ජාල පරිශීලකයින් මෙය වාර්තා කර ඇති අතර, තවත් පරිශීලකයින්ට ඒවා වාර්ථා කිරීමටත් නොහැකි ලෙස මෙම බිඳවැටීම බලපා ඇත.

Cloudflare සමාගම පවසන්නේ, Cloudflare කණ්ඩායම ගැටලුව ඉක්මනින් විසඳීමට කටයුතු කරනා බවත්. ඔවුන් ඔවුන්ගේ තත්ව යාවත්කාලීන කරන වෙබ් අඩවියේ Cloudflarestatus යාවත්කාලීන කිරීම් නිරන්තරයෙන් සිදු කරන බවයි. සමාගම පැවසුවේ ඔවුන් ගැටලුව සොයා ගත් බවත් ගැටලුව නිරාකරණයට හැකි ඉක්මනින් කටයුතු කරන බවත්ය.

මෙම ඇනහිටීම, අන්තර්ජාලය විශාල සමාගම් කිහිපයක් මත කොපමණ රඳා පවතීද යන්න පෙන්නුම් කළේය. එක් සේවාවක ගැටලුවක් ඇති වූ විට, එය ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට බලපාන බවට තවත් උදාහරණයකි.

Cloudflare හට ඇනහිටීමක් සිදු වූ පළමු අවස්ථාව ද මෙය නොවේ. අතීතයේදී, මේ හා සමාන ගැටළු අන්තර්ජාලයට බලපා ඇත. මෙම සිදුවීම් අප ඩිජිටල් ලෝකය කෙතරම් සම්බන්ධ වී ඇත්දැයි අපට මතක් කර දෙයි.

Source: www.bbc.com www.reuters.com