Loading...
Chrome හරහා search කරන keywords trace කරමින් වෙළඳ දැන්වීම් පෙන්වූ extension 295 ඉවත් කිරීමට කටයුතු කරයි

සාමාන්‍ය සහ ප්‍රයෝජනවත් features වලට අමතරව Google සමාගමේ web browser එක වෙන Chrome browser එක ඔවුන්ගේ extensions වලටත් ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා. ඉතින් මේ extensions ප්‍රයෝජනවත් වෙනවා වගේම සමහර විට ඔයාගෙ PC එකට threat එකක් වෙන්නත් බැරි නෑ. අපි දැක්කා Chrome Web Store එකෙන් malicious extensions  කීපයක් ම මීට කලිනුත් (ඒ කියන්නේ මේ අවුරුද්දේ මුල වගේ) Google ලා අයින් කරනවා. ඉතින් දැනුත් එක ad-blocking company එකකින් තවත් malicious extensions 295 ක් Chrome Web Store එකේ discover කරගෙන තියෙනවා.

මෑතකදි පල උන වාර්තාවකට අනුව ad-blocking solutions දෙන සමාගමක් වෙන AdGuard හි කාර්‍ය මණ්ඩලය Chrome Web Store එකේ තියෙන fake ad-blocking extensions ගැන search කරද්දී තමා මේ හානිදායක extensions 295ක් පමණ සොයාගන්න සමත් වෙලා තියෙන්නේ. ඉතින් කලින් කීව fake ad-blockers වලට අමතරව weather widgets, screenshot capture tools බොහෝමයක් malicious extensions විදිහට හඳුනාගෙන තියෙනවා.

මේ ගැන AdGuard ලා analysis report එකක් පවා නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ analysis එකට අනුව මේ හැම extension එකක්ම malicious code එක generate කරන්න යොදාගෙන තියෙන්නේ “fly-analystics.com” කියන domain name එක. ඊට පස්සෙ මේ extensions උපක්‍රමශීලීව Google සහ Bing search results වලට ads inject කරලා තියෙනවා.

ඉතින් දැන් අවධානය යොමු කරන කොටස තමා මේ extensions Chrome Web Store එකේ openly available ද කියන ප්‍රශ්නය. ඉතින් AdGuard ලගෙ වාර්තාවට අනුව users ලා මිලියන අසූවකට වඩා මේ extensions use කරලා තියෙනවා.

කොහොමෙන් කොහොම හරි AdGuard සමාගමේ CTO සහ Co-founder වෙන Andrey Meshkov මහතා මේ ගැන twitter පණිවුඩයක් නිකුත් කරලා තියෙනවා. ඒ මගින් ඔහු Google සමාගමට චෝදනාක් මින් කියා තිබෙන්නේ මේ ගැන ඔවුන් කලිනුත් පැමිණිලි කල බවයි. ඊට විස්තරාත්මක analysis එකක් තියෙන blog post එකකුත් ඔහු ඇතුලත් කර තියෙනවා.

ඉතින් මේ technical analysis report එක ලැබුණට පස්සේ ZDNet විධායක නිලධාරින් මේ ගැන Chrome Web Store support team එක දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ දැනිම් දීමෙන් සහ Meshkov ගේ blog post එකට පස්සෙ මේ extensions ඉවත් කරගන්න Google සමාගම කටයුතු කරලා තියෙනවා.

Source : ZDNet