Loading...
Two-Factor Authentication (Online accounts ආරක්ෂාකර ගමු - 03)

මේක සමහරවිට ඔයා දැනටමත් Facebook එකේ හෝ ඔයාගෙ Google ගිණුමේ settings වල දැකලා ඇති. මේ මොකක්ද කියලා තමයි අද කියලා දෙන්න යන්නෙ. මේ පෝස්ට් එකේ topic එක Two-Factor Authentication වුණාට, මම කියලා දෙන්නම් Three-Factor Authentication එක ගැනත්.

Three-Factor Authentication එහෙමත් නැතිනම් සාධක තුනක තහවුරු කිරීම කියන්නේ මෙන්න මේ සාධක තුනට.

  1. Something you know - ඔබ දන්නා දෙයක්
  2. Something you have -  ඔබ සතු යමක්
  3. Something you are -  ඔබේ ශරීරයේ කොටසක්

Two-Factor Authentication ක්‍රියාදාමය සිදු වෙන හැටි

යම් online සේවාවකට හෝ කිසියම් පද්ධතියකට log වෙන්න යනකොට සාමාන්‍යයෙන් අපි ඉස්සර ඉඳන් කළේ Username එකයි පාස්වර්ඩ් එකයි ගහලා login වුන එකනෙ. ඒත් ඒ ක්‍රමය ආරක්ෂාකාරී අඩු බව තේරුම්ගියාට පස්සේ තමයි Two-Factor Authentication කියන සංකල්පය ආවේ. මේ කාරණාවෙදි වෙන්නෙ මේකයි, ඔයා යම් කිසි පද්ධතියකට log වෙන්න උත්සහ කරන අතරේදි ඔයාට username සහ password ගැහුවත් ඒ අදාල පද්ධතියට log වෙන්න දෙන්නේ නැහැ.