Deepseek ගැන මෑතකදි ලොව පුරා විශාල වශයෙන් කතා වුනාට Deepseek එක ඇරඹෙන්නේ 2023 මැයි මාසයේදීයි. ඒ Liang Wenfeng ප්‍රධානත්වයෙන්.
Apple app store හි chatgpt අභිභවා ඉහළට පැමිණීමත් Google search හි ChatGPT තරම්ම ඉහළට පැමිනීමත් තුළින් මෙහි ජන්ප්‍රියත්වය වටහාගන්න පුළුවන්.
ඇමරිකාව මේ AI field එකේ හැමදාම ඉහළින් ඉන්න බලන රටක්. ඒ නිසාම තමයි චීනය, ජපානය, රුසියාව වගේ රටවලට ඔවුන්ගේ රහස් නොදැනෙන පරිදි AI පද්ධති පවත්වාගෙන ගියේ. ඒ වගේ පසුබිමක චීනයෙන් නැගී ආපු මේ Deepseek කියන AI model එක නිසා ඇමරිකානු AI සමාගම්වලට තර්ජනයක් එල්ලවෙලා තියෙනවා.
ඇමරිකාවේ AI සමාගම් ඉතා විශාල මුදලක් යට කර පවත්වාගෙන යන මේ AI model හා සමානවම ඉතා ලාභදායි ලෙස ඒ සැකසුම් කාර්යයම කිරීමට මේ Deepseek වලට හැකිවෙලා තියෙනවා.
මේ ගැන අදහස් පලකළ බොහෝ දෙනා දක්වා තිබෙන්නේ මෙහි තිබෙන ලාභදායි බව නිසාත් කාර්යක්ෂමතාව නිසාත් සහ ප්‍රතිචාරවල නිරවද්‍යතාව සහ තියුණු බව නිසායි. එයට හේතු වෙන්නෙ මේකෙ භාවිත වෙන Deepseek-V3 සහ Deepseek-R1 කියන model දෙක.
Deepseek-V3 කියන්නෙ සාමාන්‍ය කාර්ය ආකෘතියක් Deepseek-R1 කියන්නෙ තර්කානුකූලව සහ ගැඹුරු ලෙස සිතීමට සාදන ලද කාර්ය ආකෘතියක්. මෙය අනිත් AI model සමග වෙනස් වෙන්නෙ මෙහි භාවිත වෙන Mixture-of-Experts (MoE) architecture එක නිසයි. මේ නිසා අඩු පරිගණක බලයකින් සැකසුම් කිරීමට පුළුවන්. ඒ වගේම මානව ඉගෙනීම අනුකරණය කරන අත්හදා බැලීම්-සහ-දෝෂ ඉගෙනුම් ක්‍රියාවලියක් හරහා මේ AI ආකෘතිය වැඩිදියුණු වෙනවා.
Deepseek පවසන ආකාරයට මෙහි R1 ආකෘතිය නිෂ්පාදන වියදම $6M කි. Nividia H800 gpu 2000 ක් පමණ දින 55 පුහුණු කාලයක් සඳහා භාවිත කරල තියෙනවා. මෙම ලාභදායි AI Model නිසාම කොටස් වෙළදපොළේ ඉහළින්ම පසුවන Nividia, Meta , Google යන සමාගම්වල කොටස් සැළකියයුතු ලෙස පහළ බැහැල තියෙනවා. ඇමරිකානු ඇතැම් පරීක්ෂකයන් පවසන්නෙ මෙහි සැබෑ නිෂ්පාදන වියදම සැක සහිත බවයි. මෙහි සම්පූර්ණ සංවර්ධනය, මෙහෙයුම්, පර්යේෂණ සඳහා වාර්ෂිකව $100M සිට $1B දක්වා පරාසයක පවතී.
ඒ වගේම ChatGPT වැනි AI model වල මෙන් මෙහි Image Generate සහ Voice Chat යන විශේෂාංග බලාගන්න පුළුවන් වෙන්නෙ නෑ. ඒ වගේම එකදිගට ප්‍රශ්න ඇසීමෙන් ChatGPT මෙන් Limit වීමේ හැකියාව තියෙනවා. ඇතැම් අවස්ථාවල ChatGPT වගේම Respond වගේම ChatGPT වලින් හාත් පසින් වෙනස් High quality respond බලාගන්න පුළුවන්. ඒත් Deepseekට සාපේක්ෂව ChatGPT Limit වීමට ඉඩ වැඩීයි.