OnePlus සමාගම විසින් 2025 ඔක්තෝබර් 27 වන දින OnePlus 15 Smart ජංගම දුරකථනය නිකුත් කරනු ලැබුවා. කෙසේ වෙතත් OnePlus සමාගමේ සුපුරුදු සම්ප්‍රදාය වෙනස් කරමින් මෙවර ඔවුන් නව Smartphone එකක් කිරීමට ජනවාරි සුපුරුදු පරිදි නව ජනවාරි මාසය එළඹෙන තුරු නොසිටීම විශේෂ වනවා.

ඇයි OnePlus 14 නැතුව 15ට ගියේ?
චීනයේ පවතින සම්ප්‍රදාය අනුව 4 යනු මළ ඉලක්කමක් ලෙස ඔවුන් සලකනවා. මෙය OnePlus අංක 4 මඟහරින පළමු අවස්ථාව නොවෙයි OnePlus 3T වලින් පසුව OnePlus 5 වෙත ඔවුන් කෙලින්ම මාරු වු බවත් ඔබට මතක ඇති. මීට අමතරව OnePlus හි මව් සමාගම වන Oppoත් මෙයම අනුගමනය කිරීම සම්ප්‍රදායක් වී තිබෙනවා.
ලොව පළමු 1.5K 165Hz Mobile Phone Display එක

අඟල් 6.78ක 165Hz Display එකක් තමන්‌ගේ දුරකථනයකට එක් කිරීමට පළමු වරට සමත් වු සමාගම වන්නේ OnePlus සමාගමයි. ඒ මේ Smartphone එක සමඟයි. තවද OnePlus 13 හා සැසඳීමේදී 13% දක්වා Brightness හා 11% Colour accuracy එකකින් මෙය සමන්විත වන අතර උපරිම Brightness level 1800 nits හා Dolby vision සහය දක්වනු ලබනවා.
120W Charging සමඟ 7,300mAh විශාල Battery එක

OnePlus 13 හි 6,000mAh සමඟ සැසඳීමේදී විශාල පියවරක් ඉදිරියට තබා ඇති මෙහි 7,300mAh Battery එක සමඟින් හා 120w Changing Speed එකෙන් කියන්න පුලුවන්.
Apple A19 Pro පරදන Snapdragon SOC එක
OnePlus 15 LPDDR5X RAM (8,533 Mbps දක්වා Data Transfer speed එකකට ලඟා විය හැක) එකකින් සහ UFS 4.1 (Read 4,300 MB/s දක්වා Write 4,000 MB/s දක්වා වේගයකට ලඟාවිය හැක) සමන්විත වන නිසා වේගය පමණක් නොව අඩු බල පරිභෝජනයකින් ක්‍රියාත්මක විය හැකි වනවා.

Snapdragon 8 Elite Gen 5, Multi Core Performance වලින් Apple හි A19 Pro අභිබවා යන අතර, Single core Apple A19 ආධිපත්‍ය තබාගෙන සිටිනවා. තවද එක් එක් Tasks වලින් මෙම Flagship SOC දෙකම කරට කර තම ස්ථානය රැකගෙන සිටිනවා. නමුත් A19 Pro Power consumption අතරින් තවමත් ඉදිරියෙන් සිටියි.









