Loading...
සක්‍රීය කල data package අක්‍රීය කර එහි වටිනාකම මුදල් ලෙස නැවත එම ගිණුමටම ලබා ගැනීමේ අවස්ථාව Dialog විසින් සලස​යි

Dialog සමාගම විසින් ඔවුන්ගේ පාරිභෝගිකයන් වෙත Recharge කරන ලද Data කාඩ්පත් නැවත මුදල් කරගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව ඔබ Data කාඩ්පතක් මගින් Activate කරන ලද Data Package එක ඔබට අවශ්‍ය නැත්තම්, එම Package එකට අදාල වටිනාකම නැවත එම ගිණුමටම මුදල් ලෙස ලබාගැනීමට අවස්ථාව Dialog සමාගම විසින් ලබා දී තිබෙනවා.

මේ සදහා ඔබ කල යුත්තේ ඔබ Data කාඩ්පතක් Activate කළ විගසම නැවත එම Package එකට අදාල වටිනාකම ගිණුමට මුදල් ලෙස ලබා ගැනිමට අවශ්‍ය නම් #678*8# ඇමතීමයි. එසේ ඇමතූ පසු ඔබ ඔබගේ Package එකේ වටිනාකම සදහන් කල යුතු වේ.

උදාහරණ: ඔබ 199 Data කාඩ්පතක් Reload කිරීමෙන් පසු #678*8# අමතා අවශ්‍ය Package එක ලෙස 199 ඇතුලත් කල යුතුය.  ඉන්පසු 1 ඇතුලත් කර එය තහවුරු කල යුතුය. (කෙටි ක්‍රමය: #678*8*199*1#)

කෙසේ වෙතත් මෙසේ එම මුදල් ලබා ගත හැක්කේ එම Data Package එක සක්‍රීය කර ගැනීමෙන් පැය 48ක් ඇතුලත පමණයි.

තවද මෙම Package එක සමග ලැබුණු Anytime Data සහ Night Time Data අහිමිවන අතර 4G Bonus Data පමණක් ඉතිරිවේ.

මෙසේ Data Package එක නැවත Reverse කළ හැක්කේ වසරකට දෙවතාවක් පමණයි.

මෙලෙස Data Package එක Reverse කිරිම මගින් ඔබට නොමිලේම ඔබ Recharge කරන ලද Data Package එකට අදාල 4G Bonus Data ප්‍රමාණය භාවිතා කිරිමේ අවස්ථාව හිමිවෙනවා.