Loading...
Dialog සමාගම විසින් තම Apple පාරිභෝගිකයින් සඳහා eSIM Quick Transfer පහසුකම ලබා දෙයි

ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරළිකාර සමාගමක් වන Dialog Axiata සමාගම විසින් ශ්‍රී ලංකාවේ Apple iPhone සහ iPad භාවිත කරන තම පාරිභෝගිකයින් සඳහා ප්‍රථමවරට eSIM Quick Transfer පහසුකම හඳුන්වා දී තිබෙනවා.

මේ සමඟ Apple iPhone හෝ iPad භාවිත කරන Dialog පාරිභෝගිකයින්ට හට ඔවුන්ගේ eSIM ඉතා පහසුවෙන් තම Apple Devices අතර හුවමාරු කර ගැනීමට ඉඩ ලබා දෙනවා. එමෙන්ම මීට අමතරව ඔබගේ Physical SIM පත Device Settings ඔස්සේ eSIM එකක් බවට පරිවර්ථනය කර ගැනිමේ හැකියාවත් ලැබී තිබෙන අතරම පැරණි Apple Device එකේ සිට නව Apple Device එකෙ Data හුවමාරු කරන අවස්ථාවේදීද eSIM එක එම නව Apple Device එකට ලබා ගැනීමේ හැකියාවත් ලැබෙනවා.

කෙසේ වෙතත් මෙම පහසුකම් ලබා ගැනීමට නම් ඔබ Apple iPhone XS, iPhone XS Max, iPhone XR හෝ මේ Devicesවලට පසුව නිකුත් වු iPhone එකක් හෝ Apple සමාගමේ eSIM පහසුකම සහිත iPad එකක් භාවිත කළ යුතු වනවා. එමෙන්ම මේ iPhones සහ iPads සියල්ල iOS 17.5 හෝ එයට පසුව නිකුත් වු යාවත්කාලීනයක් ලබා තිබීමත් අත්‍යවශය වනවා.

Source: www.dialog.lk