ලොව ජනප්‍රියතම Music Streaming Platform එකක් වන Spotifyහි හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
Spotify ආයතනය සිය නිල X ගිණුම හරහා මෙම ගැටලුව තහවුරු කර ඇති අතර, එය විසඳීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව නිවේදනය කර ඇත. කෙසේ වෙතත්, සේවාව සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට ගතවන කාලය පිළිබඳව ඔවුන් මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නොමැත.
We’re aware of some issues right now with the app and are checking them out!
— Spotify Status (@SpotifyStatus) May 12, 2026
Downdetector දත්ත වාර්තා වලට අනුව, අද ගීත ශ්‍රවණය කිරීමට නොහැකි වීම, App එක ක්‍රියා විරහිත වීම සහ තමන්ගේ Library වෙත පිවිසීමට නොහැකි වීම වැනි ගැටලු රැසක් වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ පරිශීලකයින් ද මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය අප්‍රසාදය පළ කරමින් සිටියි.









