පරිගණක භාවිත කරන්නන් අතර දශක ගණනාවක් පුරා පැවති ප්‍රධානතම තාක්ෂණික උපදෙසක් වන, USB Flash Drive එකක් පරිගණකයෙන් ඉවත් කිරීමට පෙර "Safely Remove Hardware" (Eject) විකල්පය තෝරා ගැනීම අද වන විට Windows 10 මෙහෙයුම් පද්ධතිය තුළ අනිවාර්ය නොවන බව ඔබ දන්නවාද ?
මෙමගින්, කඩිමුඩියේ සිටින හෝ තාක්ෂණික දැනුම අඩු පරිශීලකයන්ට තම Flash Drive එක නිවැරදිව Eject කිරීමට අමතක වීම හේතුවෙන් දත්ත හානි වීමේ අවදානම විශාල වශයෙන් අවම කරනවා. Windows 10 හි නව Default Setting හේතුවෙන්, පරිශීලකයන්ට ඕනෑම මොහොතක තම Flash Drive පරිගණකයෙන් ගලවා ගැනීමට අවස්ථාව හිමිවනවා.
'Quick Removal' විශේෂාංගයේ බලය
Microsoft සමාගමේ වාර්තාවලට අනුව, Windows 10 මෙහෙයුම් පද්ධතියේ 'Quick Removal' නම් නව විශේෂාංගයක් දැන් USB Flash Drive සඳහා Default Setting ලෙස ක්‍රියාත්මක වනවා. මෙය Windows 10 හි 1809 අනුවාදයෙන් ආරම්භ වී ඇති අතර, ඔබ පරිගණකයට සම්බන්ධ කරන සෑම නව USB Drive එකක් සඳහාම එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ.
මේ 'Quick Removal' විශේෂාංගය මඟින් Windows මෙහෙයුම් පද්ධතිය, Flash Drive එක වෙත අඛණ්ඩව දත්ත ලිවීම වළක්වනු ලබන අතර පෙර Windows Versionවලදී , ඔබ Safely Eject නොකළහොත්, Windows විසින් පසුබිමේදී ලිවීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම නිසා දත්තවලට හානි වීමක් සිදු විමට ඉඩ පැවතුනා. කෙසේ වෙතත් මේ 'Quick Removal' විශේෂාංගය නිසා Flash drive එක භාවිතා නොවන අවස්තාවල 'Eject' කිරීමෙන් තොරව ගලවා දැමිය හැකි වනවා.
කෙසේ වෙතත්, Microsoft සමාගම අවධාරණය කර ඇත්තේ, ඔබ Flash Drive එක වෙත දත්ත පිටපත් කරමින් හෝ Files ලියමින් සිටී නම්, එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් Drive එක ඉවත් නොකළ යුතු බවයි.
Source: learn.microsoft.com








