Loading...
Samsung සමාගම විසින් Galaxy S30 series එක සමඟ charger එක සහ earphone ලබා නොදීමේ සූදානමක්

මීට පෙර වාර්තා වුන rumors වලට අනුව මෑතකදී නිකුත් උන iPhone 12 series එක සමඟ charger එක සහ Earpods ලබා නොදීමට Apple සමාගම කටයුතු කලා ඔබට මතක ඇති. එවැනිම rumors කිහිපයක් Samsung සමාගම දෙසිනුත් අසන්න ලැබුනේ අද ඊයේක නොවන වග තහවුරු කරමින් Samsung සමාගම විසින් ඔවුන්ගේ ජංගම දුරකතන සමඟ charger එකක් ලබා නොදීමට සූදානම් වන බව අප විසින් ජූලි මාසයේදී වාර්තා කලා.

නැවතත් එම වාර්තාව කරලියට ගෙන එමින් Galaxy S30 ජංගම දුරකතනයට Charger එක සහ earphones ලබා නොදීමට Samsung සමාගම සැරසෙන බව වාර්තා වේ.

ChosunBiz වාර්තා කරන ආකාරයට Samsung සමාගම විසින් ඉදිරියේදී තම Galaxy S30 Series එකේ ජංගම දුරකතන සමඟ charger එක සහ earphone එක ලබා නොදීමට සූදානම් වෙනවා. ඒ අනුව Galaxy S30 සමඟ ලැබෙන්නේ charging cable එක සහ SIM eject tool එක පමණි.

Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකතන මාලාව වන iPhone 12 series එක නිකුත් කල පසු ඒ සමඟ charger එක ලබා නොදීම පිළිබඳව Samsung සමාගම විසින් අදහස් පල කලේ පහත ආකාරයටය.

කෙසේ නමුත් මේ ආකාරයට Charger එක සහ Earphone දෙක ඉවත් කිරීම හරහා Samsung සමාගමට තම ජංගම දුරකතන අඩු මිලකට ලබා දීමට හැකි වනු ඇත. ඒ හරහා මේ වන විට $1,000කට පමණ අලෙවි වන Samsung Galaxy S series ඒකේ ජංගම දුරකතන වල පිරිවැය අඩු කර ගැනීම හරහා වෙළඳපල තුල දැඩි තරඟයක් ලබා දීමට හැකිවනු ඇත.

කෙසේ වෙතත්, මෙවර Samsung සමාගම විසින් ඔවුන්ගේ S series එක වෙනදාට වඩා ඉක්මනින් නිකුත් කිරීමට සූදානම් වන බැවින් මෙය අපට ඉක්මනින් තහවුරු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Source: Android Authority