ඔයාලා හැමෝටම මතක ඇති Elon Musk, Twitter මිලදී ගැනීමත් සමඟ එහි වෙනස්කම් කිහිපයක් කළා. ඒ අනුව Twitter සිට X ලෙස Rebrand වීම විශේෂ කරුණක්. මෙලෙස X නාමය යටතේම මේ වසරේ අගභාගයේ X.ai ලෙසින් නව Artificial Intelligence සම්බන්ධ Project එකක් X විසින් එලිදැක්වූවා. Grok යනු එම X.ai Project එක මගින් හදුන්වාදුන් Generative Language Model එකයි.
Grok-1 නම් model එක මත මෙය නිර්මාණය වී ඇති අතර මෙම model එක මේ 2023 වසරේ Q3 දක්වා දත්ත සහ මානව සහායකයින්ගෙන් රැස් කරගත් බුද්ධිය භාවිතයෙන් පුහුණු කර තිබෙනවා.
Grok හි ඇති විශේෂත්වය වන්නේ Grok හට X හි පළ කිරීම්වලින් Realtime තොරතුරු ලබා ගෙන එහි ප්‍රතිචාරවලට එකතු කිරීමට ඇති හැකියාවයි. මෙමගින් නිවැරදි ලෙස ප්‍රශ්නවලට ගුණාත්මක පිළිතුරු ලබාදීමට Grok ට හැකියාව තියෙනවා.
අනෙකුත් AI Generative Models හා සසඳන විට මතභේදාත්මක ප්‍රශ්නවලට වඩා Open Mind ලෙස පිළිතුරු ලබාදීමට Grok හට හැකියාව තියෙනවා. තවද මෙය භාවිතා කළ බොහෝ දෙනා පවසා සිටියේ Grok හි පිළිතුරු ඉතා නිර්මාණාත්මක හා විනෝදාත්මක බවයි.
Grok just passed my sanity check pic.twitter.com/HYN3KTkRyX
— Jim Fan (@DrJimFan) December 7, 2023
Grok දැනට X Premium Plus Subscription එක භාවිතා කරන US පරිශීලකයින්ට පමනක් ලබා ගත හැකි අතර එයට මසකට ඩොලර් 16ක් වැය වෙනවා. තවද ඉතා නුදුරේදීම අනෙකුත් රටවලටද Grok නිකුත් කිරීමට X සැලසුම් කරමින් සිටිනවා.
Source: gizmodo.com