Loading...
iOS 14 වල full-screen incoming calls enable කරමු

මෑතකදි Apple සමාගම iOS වල අලුත් ම version එක release කලා. ඒ iOS 14 විදිහට. ඉතින් මේ හරහා Apple usersලා කාලයක ඉදන් බලාගෙන හිටපු වෙනසක් ඇති කලා.  ඒ Android devices වල තියෙන incoming calls වලට එන banner notification එක. ඉතින් මේක user-friendliness පැත්තෙන් බැලුවම ඉතාමත් හොඳ වෙනසක් කියල කියන්න පුලුවන්. මේ feature එක තුවෙන් ඔයා ඔයාගෙ iPhone එකෙන් task එකක් perform කරද්දී call එකක් එනව නම් ඒක full screen වැටෙන්නේ නෑ.

ඉතින් ගොඩක් දෙනෙක් මේ feature එකට කැමති වෙද්දි කීප දෙනෙක් ඉන්න පුලුවන් මේ වෙනසක අකමැති. ඉතින් ඔයත් එහෙම අකමැති කුලකයෙ කෙනෙක් නම් මේ පෝස්ට් එක ඔයාට වැදගත්. අපි බලමු කොහොමද මේ fill screen incoming calls enable කරගන්නේ කියලා.

Get back full screen incoming calls on iPhone in iOS 14

ඉතින් මේ post එක කියවන ඔයා වගේම Apple ලටත් ඉවකින් වගේ දැනිලා තියෙනවා මේ feature එකට අකමැති කොටසක් ඉන්නවා කියලා. ඔව් එහෙම ඉවක් තියෙන නිසානෙ මෙච්චර දුරක් මේ industry එකේ Apple ලා ආවේ. කොහොම හරි ඒ නිසා Apple ලා banner එකෙන් full-screen display styles එකට switch වෙන්න straightforward method එකක් හදලා දීලා තියෙනවා. ඉතින් මගෙ මතයට අනුව මේක හොඳ දෙයක්. පරණ දේවල් සම්පූර්ණයෙන් ම අතාරින්න හොඳ නෑ.

1. Settings app එක open කරගන්න

2. පහලට scroll කරලා phone කියන option එක තෝරගන්න

3. ඊලඟට, incoming calls tap කරන්න

4. Full screen select කරලා, settings වලින් අයින් වෙන්න

ඔන්න වැඩේ හරි! දැන් ඔයාගෙ device එකට phone,  FaceTime වගේ කිසිම audio, video calling app එකක call එකක් banner notification method එකට එන්නේ නෑ. Full screen විදිහට calls ඒවී. ඒ වගේම ඔයාට මේ method එක අවුල් නම් අර උඩ කීව ක්‍රමයට ආපහු switch වෙන්න පුලුවන්.

ඉතින් අන්න ඒ විදිහටයි පරණ full screen incoming calls method එකට switch වෙන්නේ. පෞද්ගලිකව මම banner style එකට කැමතීයී. මොකද මගෙ on going වැඩ වලට බාධාවක් නැති නිසා. කෙසේ එතත් මගෙ personal preference එක කෙසේ වෙතත් Apple ලා පරණ feature එකත් option එකක් විදිහට ලබාදුන්නු එකට මම support කරනවා.