Loading...
මේ වසරේදී Apple පරිශීලකයන් වෙත Fortnite යළි නිකුත් කිරීමට හැකිවනු ඇතැයි වාර්තා වේ

2023 වසර ආරම්භ වන විටම ඔබ සැමට විවිධාකාරයේ වූ නැවුම් පුවත් වාර්තා වීම සිදුවිය. කෙසේ නමුත් මෙම පුවත Games සඳහා වඩා කැමැත්තක් දක්වන පාඨකයන් හට සුභදායක පුවතක් වනු නොඅනුමානය. මන්දයත් මෙම වසරේ දී Epic සමාගම මගින් iPhone වෙත Fortnite වීඩියෝ ක්‍රීඩාව ලබාදීමට හැකි වනු ඇති බවට වාර්තා වේ.

මේ වන විට ස්මාර්ට් දුරකථන සඳහා වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කිරීම යන කරුණ පිළිබඳව සමාගම් විශාල ප්‍රමාණයක අවධානය යොමුවී පවතී. Call Of Duty, PUBG වැනි ක්‍රීඩා ලොව පුරා ස්මාර්ට් දුරකථන පරිශීලකයන් අතර ජනප්‍රිය වන කාලයක් තුළ iPhone සඳහා Fortnite වැනි ඉහළ පෙලේ පරිඝණක ක්‍රීඩාවක් ලබාදීම විශාල හැරවුම් ලක්ෂ්‍යක් ලෙස සඳහන් කළ හැකිය.

Source: 9to5mac.com

මින් පෙර ද එනම් මීට වසර දෙකකට පමණ ඉහත දී Epic සමාගම මගින් App Store වෙත Fortnite වීඩියෝ ක්‍රීඩාව ලබාදීම සිදුකර ඇතත් එම ක්‍රීඩාව තුළ මිලදී ගැනිම් සිදුකළ හැකිවන Payment System එකක් නිර්මාණය කිරීමෙන් පසු පැන නැගුණු ගැටලුකාරී වාතාවරණයක් හේතුවෙන් App Store වෙතින් Fortnite ක්‍රීඩාව ඉවත් කිරීම සඳහා තීරණය කර තිබුණි.

වසර දෙකක නිහැඬියාවකින් පසුව පසුගිය වසර තුළ iPhone සහ iPad වෙත Fortnite ලබාදීමට සූදානම් වන බවට පළ වූ කටකතා කිහිපයක් හේතුවෙන් මෙම සිදුවීම තරමක් ජනප්‍රියතාවයට පත්විය. කෙසේ නමුත් Epic සමාගමේ විධායක නිලධාරියෙකු වන Tim Sweeney පවසා ඇත්තේ ඉදිරියේදී එම සිදුවීම සත්‍යක් වනු ඇති බවටයි.

Tim Sweeney විසින් පළ කර තිබූ Twitter සටහනක්

කෙසේ නමුත් Epic සමාගම මගින් මේ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර නොමැති හා App Store මගින් Fortnite තහනම් කර ඇති පසුබිමක මේ වන විට ඇතිවන කතාබහ අනුව ඉදිරියේදී Fortnite ක්‍රීඩාව Apple App Store වෙත ලබාදීම සිදුවනු ඇති බවට අනුමාන කල හැකිවේ.

Fortnite ක්‍රීඩාව App Store වෙතින් ඉවත් වූයේ ඇයි?

මීට පෙර App Store මගින් මෙම ක්‍රීඩාව පරිශීලකයන් හට ලබාදීමට අවස්ථාව තිබූ බව ඔබ මේ වන විටත් දන්නා කරුණකි. නමුත් මෙම ක්‍රීඩාව App Store වෙතින් ඉවත් කිරීම සඳහා හේතු වූයේ App Store හරහා ක්‍රීඩාව තුළ සිදුවන ගෙවීම් වලට 30% අය කිරීමක් සිදුකරන නිසාවෙන් Epic සමාගම සිය Fortnite ක්‍රීඩාවේ විවිධාකාරවූ මිලදී ගැනීම් සඳහා වෙනත්ම ගෙවීමේ ක්‍රමයක් ඔවුන් විසින්ම හඳුන්වා දීමයි.

මෙය App Store හි පවතින නීති රෙගුලාසි වලට පටහැනි වන බැවින් Apple සමාගම සිය App Store වෙතින් Fortnite ක්‍රීඩාව ඉවත් කිරීම සඳහා තීරණය කරන ලදී. ඉන් පසුව ඇතිවූ වාතාවරණයත් සමග පැනනැගුණු නඩු කටයුතු වල අවසානයේ Apple සමාගම තීරණය කරනු ලැබූවේ App Store වෙතින් Epic සමාගමේ නිල ගිණුම පවා ඉවත් කිරීමටයි.

Source: macrumors.com

කෙසේ නමුත් Apple සමාගම විසින් ඉදිරියේදී ගෙන එනු ලබන නවතම විශේෂාංග මෙන්ම මෙම ක්‍රීඩාවන් පවා පරිශීලකයන් වෙත ලැබෙනුයේ නම් එය ඉතාමත් ප්‍රශංසාවට ලක්වීමක් මෙන්ම ඔවුන් වටා සිටින් අනෙකුත් දුරකථන සමාගම් සඳහා ද එය විශාල තරඟකාරී පරිසරයක් නිර්මාණය කිරීමට පවා අවස්ථාව උදාකරයි.

මෙවැනිම තාක්ෂණික ලෝකයේ යාවත්කාලීන වන තොරතුරු පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමග අඛණ්ඩව රැඳී සිටින්න.

Sources: macrumors.com 9to5mac.com bgr.com appleinsider.com