Loading...
2022 වර්ෂයේ නිකුත් වීමට ඇති iPhones ගැන මෙතෙක් තහවුරු කල rumours ​මෙන්​න

Apple සමාගම විසින් ඔවුන්ගේ මීලග Apple Event එක එළඹෙන සැප්තැම්බර් 07 වෙන දින පැවැත්වීමට නියමිත අතර මේ Event එකේදී ඔවුන් විසින් ප්‍රධාන වශයෙන් නව iPhone Series එක වන iPhone 14 Series එක සහ නව Apple Watch Series එක වන Watch Series 8 එළිදැක්විමට නියමිත වනවා. මීට අමතරව මේ Event එකේදී විට එළිදැක්විමට නියමිත වෙනත් Apple උපාංග පිළිබඳ අප මීට පෙර ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

මේ වෙන විට නිකුත් වී ඇති තොරතුරුවලට අනුව සැප්තැම්බර් 07 වෙන දින එළිදැක්විමට නියමිත නව iPhone 14 Series එක පිළිබඳ සවිස්තරාත්මක බලමු.

Design & Models

iPhone 14 Series එකත් ගිය වසර නිකුත් වු iPhone 13 Series එකේ Design එක ආකාරයේම Flat Edged Design එකකින් යුතු වනු ඇති අතර සමහර විට Apple සමාගම විසින් මෙවර Thicker Chassis එකක් මේ Series එක සදහා ලබා දෙනු ඇතැයි ද තොරතුරු පළ වනවා. එලෙස Thicker Chassis එකක් ලැබුනහොත් Rear Camera Bump එක ඉවත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

එමෙන්ම මෙවර iPhone Mini Device එකක් නිකුත් වනු නොවනු ඇති අතර iPhone 14, iPhone 14 Pro, iPhone 14 Max මහ iPhone 14 Pro Max ලෙස iPhones 04ක් iPhone 14 Series එක යටතේ ප්‍රධාන වශයෙන් එළිදැක්විම සිදු වනු ඇත. ඒ අනුව අගල් 6.1 Display එකක් සහිත iPhone 14 Device එකත්, අගල් 6.1 Display එකක් සහිත iPhone 14 Pro Device එකත්, අගල් 6.7 Display එකක් සහිත iPhone 14 Max Device එක සහ අගල් 6.7 Display එකක් සහිත iPhone 14 Pro Max ලෙස Models 04ක් Display Size දෙකකින් යුතුව එළිදැක්විම නියමිත බවත් දක්වන්න පුලුවන්.

Apple සමාගමේ මේ නව iPhone 14 Series එක High-end Titanium Alloy Chassis Design එකකින් සමන්විත විය හැකි බවටත් තොරතුරැ වාර්තා වනවා. ඒ මීට පෙර Apple සමාගම විසින් ඔවුන්ගේ Apple Watch සදහාත් Titanium භාවිත කළ බැවින් මෙවර ප්‍රථම වතාවට iPhone සදහාත් භාවිත කළ හැකි බවයි.

මේ iPhone 14 Series එකේ iPhone 14 සහ 14 Max Models Black, White, Blue, Red සහ Purple Colours වලිනුත්, 14 Pro සහ Pro Max Models Graphite, Gold, Silver සහ Purple Colours වලිනුත් නිකුත් වෙනු ඇති බව දක්වන්න පුලුවන්.

Display

Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම iPhone Series එකෙන් ඔවුන්ගේ සුපුරුදු Notch එක ඉවත් කිරිමට සුදානමින් සිටින බවට අප ඔබ වෙත මීට පෙර තොරතුරු ගෙන ආවා. ඒ අනුව මේ Series Pro Models සදහා මෙලෙස Notch එක ඉවත් කර Hole Punch හෝ Pill Shaped Cutout Design එකකින් යුතු Display එකක් ලබා දිය හැකි බවට තොරතුරු පළ වනවා.

කෙසේ වෙතත් මින් බොහෝ දුරට Apple සමාගමේ Face ID පහසුකම ලබා දිය හැකි Design එක වන Pill-Shaped Display Cutout එකක් සහ Circular Cutout එකකින් යුතු Display එකකින් මෙවර Pro Models සමන්විත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ මේ Circular Cutout එක තුලට Face ID dot Projector එකත්, Pill-shaped Cutout එක තුලට Front Camera, Face ID Infrared Camera සහ මේ සදහා අවශ්‍ය අනෙක් උපාංගත් ලබා දිය හැකි නිසයි.

එමෙන්ම Pro Models සදහා ProMotion Display 120Hz Display Refresh Rate එක සහිත ProMotion Displays සහ Always-on Display Technology එකත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Camera Setup

iPhone 13 Series එකට සාපේක්ෂව මෙවර iPhone 14 Series එකේ Pro Modelsවල පමණක් කැපි පෙනෙන ලෙස වැඩි දියුණු වු Camera Setup එකක් බලාපොරොත්තු විය හැකි අතර Standard iPhone Modelsවල ලොකු වෙනසක් බලාපොරොත්තු විය නොහැකි වුවත් නව Camera Featuresවලින් මේ Series එක සමන්විත වෙනු ඇති බව දක්වන්න පුලුවන්.

iPhone 14 Pro Models සදහා Sony-crafted 48-megapixel Wide camera එකක් සහ Improved Six Element Ultra Wide Lens Camera එකක් ( Improved ƒ/1.8 aperture ) ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. එමෙන්ම Standard iPhone 14 Models සදහා iPhone 13 Series එකේ භාවිත වු 12 Megapixel Camera Lens එකම යොදා ගනු ඇත.

f/1.9ක Wider Aperture එකක් සහ Auto Focus Capability සහිත Front Camera Setup එකක් iPhone 14 Series එක සදහා ලැබෙනු ඇත.

Specifications

මීට පෙර වාර්තා වු තොරතුරුවලට අනුව iPhone 14 Pro Models සදහා පමණක් Apple සමාගමේ නවතම A16 Bionic Chip එක භාවිත වනු ඇති අතර Standard iPhone 14 Models සදහා iPhone 13 Series එකේදී භාවිත වු A15 Bionic Chip එක යොදා ගනු ඇත. එමෙන්ම iPhone 14 Series එක සදහා 6GB RAM එකක් ද ලබා දෙනු ඇත.

මීට අමතරව මේ iPhone 14 Series එක සදහා World's First 10 Gigabit 5G Modem & Antenna එක සහිත Snapdragon X65 Modem එකත්, 5G Radio Frequency පහසුකම් සහිත RF Chip මෙන්ම WiFi 6E පහසුකමත් ලැබෙනු ඇත.

Storage

iPhone 13 Pro Models සදහා 1TB Storage Option එක හදුන්වා දුන් අතර මෙවර iPhone 14 Series එක සමග 2TB දක්වා වු Storage Option එකක් හදුන්වා දීමට කටයුතු කරනු ඇතැයි තොරතුරු වාර්තා වනවා.

No Physical SIM Slot

iPhone 14 Series එකත් සමග මේ වන විට සෑම iPhone Series සදහා ලබා දී ඇති Physical SIM Slot එක ඉවත් කර eSIM Only ආකාරයේ iPhones හදුන්වා දීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

කෙසේ වෙතත් තවමත් යම් යම් රටවල්වල දුරකථන සේවා සපයන සමාගම්හි පවතින eSIM පිළිබඳව ගැටලු නිසා බොහෝ විට SIM Slot එක සහිත Version හදුන්වා දෙනු ඇත.

More Features,

Satellite Connectivity


Qualcomm Snapdragon X65 Modem එක ඔස්සේ Satellite Connectivity Features ලැබෙනු ඇති අතර මේ මගින් Apple සමාගම Satellite Based Emergency Features ලබා දීමට සුදානම් වන බව දක්වන්න පුලුවන්.

Car Crash Detection


ඒ වගේම Apple සමාගම විසින් iPhone 14 Series එක සදහා Car Crash Detection Feature එකත් හදුන්වා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වනවා. මේ ඔස්සේ රිය අනතුරු හදුනාගෙන අවශ්‍ය සහය ලබා ගැනිමේ හැකියාව උදා වනවා.

Price & Launch Date

iPhone 14 Series එක ඩොලර් 799ක ආරම්භ මිලකින් යුතුව වෙළෙඳපොළට නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර සැප්තැම්බර් 07 වෙන දින පැවැත්වීමට නියමිත Event එකේදී මේ නව iPhone 14 Series එකේ සියලු විශේෂාංගයන් නිල වශයෙන්ම දැන ගැනිමට හැකියාව ලැබෙනු ඇත.

Sources: MacRumors