Loading...
සැප්තැම්බරයේදී Apple සමාගමෙන් ඇසෙන්නට හැකියාව ඇති "first ever" innovations

Apple සමාගම විසින් සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී පවත්වනු ලබන Apple Keynote Event එක කියන්නේ ඔවුන් විසින් පවත්වනු ලබන අතිශය ජනප්‍රිය මෙන්ම වැදගත් Event එකක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. සුපුරුදු පරිදි Apple සමාගම විසින් සැප්තැම්බර් මාසයේදී පවත්වනු ලබන Apple Keynote Event එකේදී ඔවුන්ගේ නව iPhone Series එක සහ නව Apple Watch Series එක එළිදැක්විම සාමාන්‍යයෙන් සිදු කරනවා.

iPhone 14 Series

Apple සමාගම විසින් මේ වසර සදහා, එනම් 2022 වසර සදහා නිකුත් කරන ඔවුන්ගේ නවතම Smart Phones Series එක ලෙස iPhone 14 Series එක එළිදැක්විමට නියමිත වනවා.

ඒ අනුව දැනට වාර්තා වෙන තොරතුරුවලට අනුව නව iPhone 14 සහ iPhone 14 Pro Versionවලට අමතරව නව iPhone 14 Plus/Max Version එකකුත් මෙහිදි එළිදැක්වීමට නියමිත බව දක්වන්න පුලුවන්. නව Design එකක් සහිතව, සුපිරි Processor එකකින් සහ Camera Setup එකේ සුපිරි වැඩිදියුණු කිරිමක් මේ Series එක ඔස්සේ බලාපොරොත්තු වෙන්න පුලුවන්.

අපි මීට පෙර ඔබ වෙත මේ නව iPhone 14 Series එක පිළිබඳ රැගෙන ආ ලිපි පහතින් බලන්න.

Apple Watch Series 8

මෙවර නිකුත් වීමට නියමිත Apple Watch Series 8 සදහා නව Body Temperature Sensor එක ලබා දෙනු ඇති බව මෙන්ම මෙහි Battery Life එකත් පෙර Watch Series එකට සාපේක්ෂව වැඩි වනු ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

මීට අමතරව Apple Watch SE Series එක සදහා තවත් Watch එකක්, නැතිනම් 2nd Generation Apple Watch එකත් මේ සමග එළිදක්වනු ඇතැයි ද මීට අමතරව රලු තත්වයන් සදහා ඔරොත්තු දෙන ආකාරයේ Pro Version Apple Watch එකක් ද හදුන්වා දෙනු ඇති බව දක්වන්න පුලුවන්.

එළඹෙන මස පැවැත්වීමට නියමිත මේ Apple Keynote Event එකේදී ප්‍රධාන වශයෙන්ම එළිදැක්විමට නියමිත වන iPhone 14 Series එකට සහ Watch Series 8 එකට අමතරව Apple සමාගම විසින් නව AirPods Pro 2, Apple Mixed Reality Headset සහ iOS 16, iPadOS 16, macOS 13 Ventura, watchOS 9, tvOS 16 වන Apple OS එළිදැක්විමටත් සමහර විට සිදු වනු ඇති බවට අන්තර්ජාලය තුල තොරතුරු වාර්තා වනවා.

AirPods Pro 2

B698 Code Name එකෙන් යුතු වන මෙය සදහා දැනට පවතින Design එකම භාවිත වන බවටත්, Apple සමාගමේම Audio Processor එක වන H1 Chip එකේ සහයත්, Bluetooth 5.2 සහයත් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Apple Mixed Reality Headset

පසුගිය වසරේ සිටම මේ පිළිබඳ විවිධ තොරතුරු අන්තර්ජාල තුල වාර්තා වුවත් ⁣මේ Keynote Event එකේදී මේ පිළිබඳ යම් තොරතුරක් Apple සමාගම විසින් හෙළි කරනු ඇතැයි ද තොරතුරු වාර්තා වනවා.

iOS 16, iPadOS 16, macOS 13 Ventura, watchOS 9 & tvOS 16

Apple සමාගම විසින් ඔවුන්ගේ Devices සදහා නිකුත් කරනු ලබන Software වන iOS 16, iPadOS 16, macOS 13 Ventura, watchOS 9 සහ tvOS 16 ආදියේ Release Date බොහෝ දුරට නිවේදනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: 9to5Mac The Verge