Loading...
Facebook ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමේ ශ්‍රී ලංකා රජයේ සූදානමක්

සමාජ මාධය යනු ලොව පුරාවට විශාල පෙරලියන් ඇති කිරීමට තරම් බලවත් වූ මාධ්‍යක් සහ පුවත් ඉතාමත් ඉක්මනින් පාලනයකින් තොරව පැතිර යාමට රුකුලක් වූ තාක්ෂණික විප්ලවයකින් යුතු මාධ්‍යක් බවට අප සියලු දෙනාම හොඳින් දන්නා කාරණාවකි.

මෙහි ඇති වූ අතුරු ප්‍රතිපල ලෙස ව්‍යාජ පුවත් සහ වැරදි තොරතුරු සමාජ ගත වීමේ ප්‍රවණතාවය වැඩි වූ අතර, ඇමෙරිකාව වැනි ලොව බලවත රටක ජනාධිපතිධූරයට පුද්ගලයන් පත්කිරීමේ ඡන්ද විමසුමට පවා බලපෑම් කිරීමේ හැකියාවකින් යුතු ආකාරයේ මාධ්‍යක් බවට පත් වී හමාරය.

එහිදී සමාජ මාධ්‍ය විසින් ක්‍රියාකල ආකාරය පිලිබඳව අප විසින් Cambridge Analytica සිදුවීම හරහා ඔබට පැහැදිලි කල ආකාරය මතක ඇති. ඔබ විසින් ඒ පිළිබඳව කියවා නැති නම් ඒ පිළිබඳව කියවීමට මේ සබැඳිය හරහා පිවිසෙන්න.

ඊට අමතරව Facebook විසින් පෞද්ගලික දත්ත අපහරණය කල ප්‍රධාන අවස්ථා සහ Google සමාගම විසින් තමන්ගේ පරිශීලකයන්ගේ දත්ත අවභාවිතා කල ආකාය පිළිබඳවද ඔබට විස්තර ගෙන ආවා මතක ඇති. ඔබ අළුතෙන්ම අපේ වෙබ් අඩවියේ ලිපි කියවන්නෙක් නම් පහත සබැඳි හරහා ඒ ලිපි කියවා ඒ අවස්ථාවන්හිදී ඇති වූ භායානක තත්වයන් පිලිබඬව වැටහීමක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. අප රචකයන් විසින් ඒ පිළිබඳව මනාව ඔබට පැහැදිලි කරමින් විස්තර කර ඇත.

  1. Facebook විසින් පෞද්ගලික දත්ත අපහරණය කල ප්‍රධාන අවස්ථා
  2. User data අවභාවිතාව නිසා Google වලටත් වැඩ වැරදුන තැන්

මේ හේතූන් නිසා ලොව පුර රටවල් විශාල ප්‍රමාණයක් සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා යොමු වී සිටිනවා. ලංකාවද එවැනිම ක්‍රියාමාර්ග මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති අතර එහි නවතම පියවරක් ලෙස සමජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානම් වනවා.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකවැල්ල මහතා විසින් අද දින මාධ්‍යට අදහස් දැක්විමේ දි සමාජ මාධ්‍ය හරහා සිදු වෙන විෂමතා හා අපචාර මැඩපැවැත්වීමට රට තුල යම් කිසි නියාමනයක් ඇති කිරිමට අවශ්‍යව ඇති බවට අදහස් පල කරනු ලැබුවා.

එහිදි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ Facebook ඇතුළු සියලු සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයින් නිවරදි තොරතුරු සමග ඉදිරියේදි ලියාපදිංචි කර විමට සැලසුම්ක් තම අමාත්‍යාංශය විසින් සකස් කර ඇති බවයි. ඒවගේම ඉදිරියේදි මෙය ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වෙන බවත් ඔහු පවසා සිටියා.

Sources : ITN TV