Loading...
Facebook සහ Instagram සේවාවන් නොකඩවා නොමිලේ ලබා දීමට සහය වන ලෙස Facebook ආයතනය විසින් iOS පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටී

Apple සමාගම විසින් මෑතකදි නිකුත් කල iOS 14 update එක කියන්නේ iPhone පරිශීලකයන්ගේ privacy සහ security යන කරුණු ගැන වඩාත්ම අවධානය යොමු වුනු update එකක් කිව්වොත් නිවැරදියි. iOS 14 update එක හරහා iPhones පරිශීලකයන්ගේ privacy එක සම්බන්ධයෙන් ලැබුණු ආරකාව කොපමණදයත් Facebookහි නිර්මාතෲවරයෙකු වන Mark Zuckerberg විසින් ඇපල් සමාගමේ මෙම තීරණය පිලිබඳව දැඩිලෙස විවේචනය කිරීමද සිදු කර තිබුනා. එමෙන්ම ඇපල් සමාගමේ මෙම තීරණය සම්බන්ධයෙන් මේ වෙනවිට Facebook සමාගම විවිධාකාරයේ පිලිවෙත් යොදමින් ඒ හරහා ඔවුන්ගේ පරමාර්ථ කරා ලඟා වීමට උත්සාහා කරමින් පවතිනවා.

මෑතකදී iOS 14 update එකේ නවතම update එක වන iOS 14.5 හරහා iPhone පරිශීලකයන් හට තමන්ගේ ජංගම දුරකතනයේ ඇති යෙදවුම් වලින් අනිත් යෙදවුම් වල ඇති දත්ත සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ඇහිරිය හැකි ආකාරයේ නව පහසුකමක් එකතු කරනු ලැබුවා. ඒ අනුව app developersලාට තම apps හරහා වෙනත් app වල දත්ත එකතු කරන්නේ නම් ජංගම දුරකතන පරිශීලකයාගේ අවසරය ලබාගත යුතු වනවා.

මේ හරහා විශාල වශයෙන් බලපෑමකට ලක්වූයේ Facebook සමාගම යන්න ප්‍රත්‍යක්ෂ වන්නේ ඇපල් සමාගමේ මේ ක්‍රියාවට එරෙහිව Facebook සමාගම විසින් ලබා දුන් පිළිතුරත් සමගයි.

මේ වන විට ඇපල් සමාගම විසින් iOS 14.5 සංස්කරණය සහිතව iPhones භාවිත කරන ජංගම දුරකතන හිමියන් වෙත Facebook සහ Instagram හරහා පණිවුඩයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙන්නේ,

“This version of iOS requires us to ask for permission to track some data from the devices to improve your ads. Learn how we limit the use of this information if you don’t turn on this device setting. We use information about your activity received from other apps and websites to: show you ads that are more personalized, help keep Facebook free of charge [and] support businesses that rely on ads to reach their customers.”

යනුවෙනි. තවදුරටත් Facebook සමාගම විසින් "Help keep Facebook free of charge" ‍යනුවෙන්ද එහි සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් Apple සමාගමේ නව privacy policy එකට අනුව iPhone පරිශීකයා විසින් අනෙකුත් ඇප් සඳහා තොරතුරු ලබා දීම අවහිර කරත් developersලාට තමන්ගේ app එක භාවිතා කරන iPhone usersලාගේ තොරතුරු තමන්ගේ targeted advertising සඳහා භාවිතා කිරීමට හැකි අතර එම තොරතුරු අනිත් සමාගම් වල ad tracking සඳහා බෙදා ගැනීම අවහිර වනු ඇත.

මේ සම්බන්ධයෙන් Apple සමාගම දැඩිලෙස හෙලාදකින Facebook සමාගම ප්‍රකාශ කර සිටින්නේ Apple සමාගමේ මෙම තීරණයන්ගෙන් අගතියට පත් වන්නේ තම ව්‍යාපර සඳහා Facebook Ad network එක භාවිතා කරන කුඩා පරිමාණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන් බවයි. එමෙන්ම Facebook advertisement සඳහා කරන ගෙවීම් වලින් කිසිඳු හෝ ප්‍රමාණයක් Apple සමාගමට නොලැබීම නිසා ඔවුන් මේ ආකාරයෙන් දිගින් දිගටම ad tracking සඳහා බාධා පමුණුවන බවටද Facebook සමාගම චෝදනා කරනවා.

යම් හෙයකින් Facebook සමාගමේ Ad network එක භාවිතා කරන්න Apple නිෂ්පාදන පරිශීලකයන් හට Apple සමාගමේ payment method එක භාවිතා කර ගෙවීම් සිදු කිරීමට සිදුවුවහොත් Facebook සමාගමට ලබා ගත හැකි වන්නේ එම ගෙවීම් වලින් 70%ක් පමණි. 30%ක ප්‍රමාණයක් Apple සමාගම විසින් ඔවුන් විසින් සේවාව සපයනවාට ඔවුන්ගේ ගාස්තුව ලෙස උපයා ගැනීම සිදු කරයි.

අනාගතයේදී කුමක් සිදුවේද? Apple සමාගම තම App Store වෙතින් Facebook app එක ඉවත් කරයිද? Facebook සමාගම විසින් privacy options සක්‍රීය කරන ලද අයගෙන් මුදල් අය කරයිද? එසේත් නොමැති නම්, Facebook ads සඳහා අය කරන ගාස්තුව ඉහල නංවයිද?

Source: GizmoChina