Loading...
නිරුවත් FaceTime ඇමතුම් Freeze කිරීමේ හැකියාව iOS 26 වෙ​ත

Apple සමාගම විසින් පසුගිය මාසයේදී ඔවුන්ගේ නවතම iOS 26 Software Version එක හඳුන්වා දෙන්න කටයුතු කළ අතර මේ වන විටත් ඒ සඳහා අදාලව Beta Updates නිකුත් කරමින් සිටින අතර මේ වන විට මේ නව iOS Update එක පිළිබඳව විශාල අවධානයක්ද හිමිවී තිබෙනවා.

මෙලෙස හඳුන්වා දුන් iOS 26 නව Liquid Glass design එකෙන් සහ තවත් Updates රැසකින් සමන්විත වනවා. පසුගිය සතියේ මේ iOS 26 Beta Version එකක් සඳහා ලබා දී තිබුණු නව Feature එකක් පිළිබඳව සමාජ මාධ්‍ය වැඩි අවධානයක් යොමුව තිබෙනවා. ඒ FaceTime App එක සඳහා ලබා දී තිබෙන නව Feature එකක් සමඟිනුයි.

iOS 26 සමඟින් ළමුන් සඳහා නව safety feature රැසක් හඳුන්වා දෙන්න Apple සමාගම කටයුතු කර තිබෙනවා. ඒ අතර FaceTime ඇමතුම්වලදී නිරුවත් දර්ශන අවහිර කිරීමත්, Shared Albumsවල පවතින නිරුවත් ඡායාරුප ආදිය Blur කර පෙන්වීමත් ආදිය ඇතුළත් වුවා.

කෙසේ වෙතත් නවතම iOS 26 beta සංස්කරණය ඔස්සේ වැඩිහිටියක් ලබා ගන්නා FaceTime ඇමතුම්වලදීද නිරුවත් දර්ශන අවහිර වී තිබෙනවා. ඒ අනුව එවැනි අවස්ථාවලදී ඇමතුම සහ ඇමතුමේ හඩ Freeze වී තිබෙනවා. තවද සංවේදී දර්ශන ඇමතුමේ ඇතුළත් වන බවට Warning Message එකක් ද පැමිණ තිබෙනවා. එහිදී අවශ්‍ය නම් දිගටම ඇමතුම ක්‍රියාත්මක කිරීම හෝ විසන්දි කිරීම තෝරා ගැනීම සඳහා ඉඩ ලබා දෙනවා.

Image Source- 9to5mac

කෙසේ වෙතත් මේ නිසා පෞද්ගලිකත්වය පිළිබඳව යම් ගැටලුවත් ඇති වුවත්, Apple සමාගමේ Communication Safety features ක්‍රියාත්මත වන ආකාරය නිසා මෙවැනි Feature එකක් ඔස්සේ කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැත.

Communication Safety uses on-device machine learning to analyze photo and video attachments and determine if a photo or video appears to contain nudity. Because the photos and videos are analyzed on your child’s device, Apple doesn’t receive an indication that nudity was detected and doesn’t get access to the photos or videos as a result.

එනම් Apple සමාගම ඔබගේ iPhone එක ඔස්සේ ලබා ගන්නා FaceTime ඇමතුම්වල පවතින අන්තර්ගතය පිළිබඳව තොරතුරු ලබා නොගන්නා අතර මෙය ඔබගේ iPhone එකේ On Device Machine Learning ඔස්සේ හඳුනාගෙන එම Features සක්‍රිය වීම සිදු වනවා. මෙය Bug එකක් ද නැතිනම් නව iOS සංස්කරණය සමඟින් පැමිණෙන Feature එකක් ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් හෙළි වී නොමැති වනවා.

Source: 9to5mac.com