Loading...
ලොව සුප්‍රකට Google සමාගම ගැන ඔබ නොදත් අප්‍රකට කරුණු 09ක්

Google සමාගමේ 'Google' යන නාමය ලියාපදිංචි කිරීමට පෙර ඔවුන් භාවිතා කලේ 'BackRub' යන නාමය බව ඔබ දැන සිටියාද?

ලෝක ප්‍රසිද්ධ නිෂ්පාදන සමාගමක් වන Netflix (1997) සමාගමටත් වඩා වයසින් අඩු Google (1998) සමාගමේ ඔබ නොදත් කරුණු කිහිපයක් ගැන කතා කරමු මේ ලිපියෙන්.

01. මුල් නම 'BackRub'

වර්ෂ 1998 සැප්තැම්බර් මස 4 වන දින ආරම්භ කරන ලද Google සමාගමේ නිර්මාතෘවරුන් වන්නේ Larry Page සහ Sergey Brin යන මහත්මයින් දෙදෙනායි. මොවුන් දෙදෙනාගේ හමුවීම ඉතා අහම්බයෙන් සිදු වූවකී. නව සිසුවෙකු ලෙස Stanford විශ්වවිද්යාල වෙත පැමිණි Larry Page හට විශ්වවිද්යාලයේ වටපිටාව පෙන්වීමට පැවරෙන්නේ ඒ වන විටත් විශ්වවිද්යාලයේ සිසුවෙකු ලෙස අධ්‍යන කටයුතු සිදු කරමින් සිටි Sergey Brin හටයි. මෙසේ අහම්බයෙන් හමු වූ මොවුන් ඔවුන්ගේ පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස google හි මුල් අනුවාදය 'BackRub' යන නමින් දියත් කරනු ලබනවා.

Larry Page සහ Sergey Brin (Source)

02. Google සමාගම ආරම්භ වූයේ වර්තමාන YouTubeහි CEOගේ ගරාජයේදී!

Apple, HP, Amazon වැනි සමාගම් මෙන්ම Google සමාගමද ආරම්භ වුනේ ගරාජයක යන්න නොරහසක්. කෙසේ නමුත් මෙම ගරාජය Larry Page සහ Sergey Brin විසින් කුලියට ගනු ලබන්නේ Susan Wojcicki යන ඔවුන්ගේ මිතුරියකගෙනී. වර්තමානයේ YouTube සමාගමේ CEO එහෙමත් නැතිනම් ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන්නේ Susan Wojcicki මහත්මියයි.

Susan Wojcicki ගරාජය (Source)

03. Yahoo! විසින් Google මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරයි

1998 වසරේදී Larry Page සහ Sergey Brin විසින් ඔවුන් ගොඩනැගූ Google සමාගම ඩොලර් මිලියනයකට Yahoo සමාගමට අලෙවි කිරීමට උත්සහ කරනු ලබනවා. නමුත් Yahoo සමාගම මෙම ගණුදෙනුව ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඔවුන් සිදු කල මෙම අනුවන ක්‍රියාව ගැන වැටහී Yahoo සමාගම නැවත වරක් 2002 වසරේදී Google සමාගම ඩොලර් බිලියන තුනකට මිලදී ගැනීමට උත්සහ කරනු ලබනවා.එම අවස්ථාවේදී Google සමාගම විසින් ඩොලර් බිලියන පහක් ඉල්ලා සිටිනවා. Yahoo සමාගම නැවත වරක් එම ගණුදෙනුව ප්‍රතික්ෂේප කරනු ලබනවා. (2008

වසරේදී Yahoo සමාගම ඩොලර් බිලියන 44.6කට Microsoft සමාගමට අලෙවි වීමට අකමැති වෙනවා. පසුව 2016 වසරේදී ඩොලර් බිලියන 4.6කට Verizon සමාගම විසින් Yahoo සමාගම මිලදී ගනු ලබනවා.)

04. සෑම මිනිත්තුවකටම ඩොලර් ලක්ෂයක්

ප්‍රතික්ෂේපවීම් මැද ගොඩනැගුනු Google සමාගම වර්තමානයේදී ගතවන සෑම මිනිත්තුවකටම ආසන්න වශයෙන් $200,000ක පමණ ආදායමක් උපයනු ලබනවා. (Apple සමාගම ගතවන සෑම මිනිත්තුවකටම ආසන්න වශයෙන් $300,000ක පමණ ආදායමක් උපයනු ලබනවා.)

05. Google විනාඩි 5කට බිඳ වැටීමෙන් ගෝලීය අන්තර්ජාලය 40%කින් පහතට

2013 වසරේ අගෝස්තු 16 වන දින Google වෙබ් අඩවිය විනාඩි පහකට බිද වැටුනා. එම අවස්ථාවේදී ගෝලීය අන්තර්ජාල තදබදය (global Internet traffic) 40%කින් පහත ගොස් තිබෙනවා.

06. මෝඩයාගේ දිනයේදී උපත ලැබූ Gmail

අද වන විට පරිශීලකයින් මිලියන ගණනකට සේවය සපයන Gmail නැමති Google සමාගමට අයත් විද්‍යුත් තැපැල් සේවාව 2004 වසරේ අප්‍රේල් 1 වන දින හදුන්වා දෙනු ලැබුවා. මෙය අප්‍රේල් 1 වන දා එහෙමත් නැතිනම් මෝඩයාගේ දිනයේ හදුන්වා දුන් නිසා සියලු දෙනා සිතුවේ මෙය Google සමාගම විසින් කරනු ලබන විහිළුවක් බවයි.

07. Google headquarters පිහිටි Mountain View නගරයටම නොමිලේ WiFi, Google එකෙන්

Googleplex යනු Google සහ එහි මව් සමාගම වන Alphabet සමාගමේ මූලස්ථාන සංකීර්ණයයි. මෙය එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Mountain View නැමති නගරයේ පිහිටා ඇත. 2016 වසරේදී Google සමාගම විසින් ඔවුන්ගේ මෙම මූලස්ථාන සංකීර්ණය පිහිටා ඇති Mountain View නැමති සම්පූර්ණ නගරයටම free Wi-Fi ලබා දීමට කටයුතු කරනවා.

Googleplex (Source)

08. සේවකයෙකු මිය ගියහොත් පවුලට වසර 10 යනතුරු වැටුපෙන් භාගයක්

අද වන විට තොරතුරු තාක්ෂණය සම්බන්දව තම අධ්‍යන කටයුතු සිදු කරන බොහෝමයක් සිසුන්ගේ සිහිනය වන්නේ කෙසේ හෝ Google සමාගමේ රැකියාවක් දිනා ගැනීමයි. Google සමාගමට අලුතින් පැමිණෙන සේවකයන්ව ඔවුන් “Nooglers” ලෙස හදුන්වන අතර එහි අර්ථය වන්නේ “New Googlers” යන්නයි. Google සමාගමේ රැකියාව කරන පුද්ගලයෙකු මියගියහොත් ඔහු යටතේ යැපෙන්නන්ට (බිරිද හා දරුවන්) Google සමාගම විසින් වසර 10ක් ගත වන තුරු මියගිය පුද්ගලයාගේ පඩියෙන් බාගයක් ලබා දෙනු ලබනවා.

09. සේවකයන්ගේ side projects වල අතුරු ප්‍රතිඵල වූ AdSense, Gmail

Google සමාගම විසින් නිතරම තම සේවකයින්ව ඔවුන්ගේ side projects වල නියැලීමට උනන්දු කරවන අතර AdSense, Google News, Gmail වැනි Google සමාගමට අයත් බොහෝමයක් සේවාවන් මෙම උනන්දු කිරීමේ ප්‍රතිපල ලෙස බිහිවූ ඒවායි.


ගරාජයකින් ආරම්භ වී ලෝකයේ වටිනාම වෙළඳ නාම අතු‍රින් මේ වන විට (ලිපිය ලියන අවස්ථාවේ) තුන් වන ස්ථානයේ රැදී සිටින Google නාමය, ඔබට, මට අපට එදිනෙදා ජීවිතයේ නැතුවම බැරි නාමයක් වී හාමාරය.