Loading...
Flagships, ඇයි රත්තරන් ඔයාලා මෙච්චර ගණන්

Smartphone මිල එන්න එන්නම වැඩි වෙන බව ඔබ දන්න දෙයක්. අවුරුද්දෙන් අවුරුද්දට එන අලුත් features ගණන වගේම මිලත් එන්න එන්නම ඉහල යනවා. ඒත් නිෂ්පාදකයා කියන මිලට නම් ලංකාවේ අපිට phone එක ගන්න ලැබෙන්නේ නෑ. මොකද විකිණුම් බදු, විනිමය අනුපාත වගේ කරුණු නිසා තවත් අමතර ගාස්තුවක් එකතු වෙලා තමයි ඒ phone එක ලංකාවට එන්නේ.

Phone එකක නිෂ්පාදන මිලයි, ඔබ ගෙවන මිලයි අතර වෙනස කීයද ?

(රුපියල දැන් විශ්වාස නැති නිසා $ භාවිතා කරන්නම්)

Are Flagship Phones More Expensive Than Ever? We'll Show You
Flagship Phones වල මිල ඉහල යාම (2020 උද්ධමන අනුපාතයට අනුව මිල ගලපා ඇත) /Soruce - PCMag

2020 Samsung Galaxy S20 Ultra phone එකේ නිෂ්පාදන වියදම $528 ක්. ඒත් Samsung එකෙන් අපට ඒක විකුණන්නේ $1499 ක් වගේ මුදලකට. අනෙක් smartphone නිෂ්පාදකයන්ගේ flagship devices උනත් මේ ආසන්න ප්‍රමාණයට මිල වී තිබෙනවා.

ඉතින් මෙතන $1000 කට අසන්න ලාභයක් Samsung සමාගමට හිමි වෙනවා කියල හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම හිතන එක සාධාරණ නෑ.

මොකද ලෝකේ අංක එකේ දුරකථන නිෂ්පාදකයා කියන පට්ටම පවත්වාගන්න නම් ලොකු marketing campaign එකක් කරන්න වෙනවා. ඒ වගේම අලුත් features නිපදවන්න, ඒවා test කරන්න (R&D), OS එක devices ගණනාවකට customize කරන්න, සේවකයින් විශාල ප්‍රමාණයකට පඩි ගෙවන්න ලොකු වියදමක් යනවා. ඒ සියල්ලටම සල්ලි එන්නේ මේ phone/accessory/services වෙළඳාමෙන් තමයි.

ඒත්...

$528ක් කියන්නේ ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක්. ලක්ෂයක් වටින දේවල් මේක ඇතුලේ තියනවද ?

Source - TechInsights

එහෙනම් මේ ප්‍රස්ථාරයෙන් දළ අදහසක් ලැබෙන්න ඇති mobile hardware parts වල මිල ගණන් ගැන.

Flagship Smartphone වල මිලට ඉහල යාමට බලපාන සාධක කීපයක් මේ,

නිෂ්පාදන වියදම

PC එකක් assemble කරනවා වගේ නෙමෙයි smartphone assemble කරන එක. ඔයාට Hi-Performance කැමරාවක් තියෙන smartphone එකක් ඕනේ නම් ඒ වගේම Hi-End chipset, Display වලටත් මුදල් ගෙවන්න වෙනවා. මොකද මේ ඔක්කොම එක package එකක්. විවධ මට්ටම් වල parts අරන් අපිටම එකලස් කරගන්න බෑ නේ. මේ නිසා Hi-End Smartphone කොහොමත් මිල අධික වෙනවා.

විද්‍යාත්මක දියුණුව

මීට ටික කලකට කලින් release උන සාමාන්‍ය laptop එකක performance දැන් තියෙන flagship smartphone එකක තිබෙන බව පිළිගන්න වෙනවා. ඒ වගේම Snapdragon Mobile Processors තියෙන Windows Laptops දැන් වෙළෙඳපොලේ තිබෙනවා වගේම ඒවායේ දිගු Battery life එක සහ Built-in LTE (4G) තාක්ෂණය නිසා ශීග්‍රයෙන් casual users ලා අතර ජනප්‍රිය වෙන බව පෙනෙනවා.

Asus, HP, Lenovo වගේ නිෂ්පාදකයෝ දැන් Always-on PC නිෂ්පාදනය කරනවා /Source - Notebookcheck

ඒ වගේම Built in AR/VR sensors හා Lens 3, 4 ක් සහිත කැමරාවකින් ලැබෙන images process කරන්නත් බල සම්පන්න chipsest එකක් smartphone එකකට තියෙන්න අවශ්‍යයි.

Apple VR /Source - ZDNet

ඉල්ලුමට සැපයුම

අපි Android වැඩකාරයෝ group එකේ poll එකකින් ඇහුවා "Phone එකක් ගනිද්දී වැඩියෙන්ම සැලකිලිමත් වෙන අංගය මොකක්ද ?" කියලා.

මේක සර්ව සාධාරණ poll එකක් නොවෙන්න පුළුවන් මොකද මේ group එකේ ඉන්නේ call ගන්න, facebook යන්න, photo එකක් දෙකක් ගහන්න phone ගන්න අය නොවෙන නිසා. ඒ වගේම බහුතරය තරුණ පිරිසක් ඉන්නේ.

කොහොම නමුත් ඕගොල්ලෝ දුන්න ප්‍රතිචාර තමයි පහත තියෙන්නේ.

සාමාජිකයෝ 149කගේ දත්ත ඇසුරෙන් සැකසුනු Pie Chart එක.
ඒ වගේම සමහර අය අංග කිහිපයක් සලකල බලනවා කියලත් සඳහන් කරලා තිබ්බා.

ඉතින් අපේ මේ tech-savy group එකේ පිරිසෙන් බහුතරය smartphone එකක් ගනිද්දී අංක 1ට සැලකිලිමත් වන දේ performance කියල තමයි කියන්නේ. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය කරන performance තියෙන smartphone එක ගන්න ඕගොල්ලෝ දෙවරක් හිතන්නේ නෑ(?).

ඒකම තමයි ප්‍රධාන නිෂ්පදකයොත් අනුගමනය කරන පොදු නීතිය. පාරිභෝගිකයාට වැඩි performance තියන devices ගන්න අවශ්‍ය නම්, ඒ ඉල්ලුමට සැපයුම දෙන්න අවුරුද්දෙන් අවුරුද්දට performance කියන සාධකයත් වැඩි කරන සිද්ධ වෙනවා තමන්ගේ තරන්ගකරුවනුත් අභිබවා ඉස්සරහට යන්න නම්. ඉතින් ඊට අනුලෝමව මිලත් ඉබේම වැඩි වෙනවා.

එත් Xiaomi-Pocophone, OnePlus වගේ phone වල මේ performance ම සංසන්දනාත්මක අඩු මිලකට තියෙනවා නේ ? ඒ ගැන ලිපියක් ඉදිරියේදී පලකරන්නම්.

ඕගොල්ලන්ගේ අදහසුත් comment කරන්න.