Loading...
Forza Street දැන් Android හා iOS වලටත්.

පසුගිය අවුරුද්දේ Windows PC සඳහා නිකුත් වූ Forza Street ගේම් එකේ Mobile version එක මේ වන විට Android හා iOS devices  සඳහා නිකුත් වී තිබෙනවා. සුපුරුදු Forza විශේෂාංගවලින් සමන්විතව ඇති මෙය Real Racing හා Asphalt යන games සඳහා Microsoft සමාගමේ තරඟකරුවා ලෙස හඳුන්වන්න පුළුවන්.

කලකට පෙර නිකුත් වූ Microsoft Miami Street පරිගණක ක්‍රීඩාවේ ම නව සංස්කරණයක් ලෙස එන Forza Street, Forza ක්‍රීඩා පෙළේ  Horizon සහ Motorsport යන ක්‍රීඩා වලින් නම් වෙනස් වෙනවා. ඒ මෙය Simulation පැත්ත ට වඩා Arcade පැත්ත ට බර ගේම් එකක් වන බැවින්. Forza Street දිනෙන් දින "විකාශනය" (Evolving ) වන ක්‍රීඩාවක් ලෙස Microsoft සමාගම හඳුන්වනවා. Narrative Campaign එකක්, විවිධ චරිත, Side Missions, සතිපතා එන Spotlight Events හා Limited time themed Events වැනි විවිධ පරාස වලට විහිදුනු Driving Experience එකක් ඔබට මෙයින් ලබාගන්න හැකි වේවි.

ජුලි 5 ට පෙර මෙම game එක ලබාගන්නා අයට නව Ford GT එකත්, Samsung Galaxy Store එකෙන් Download කරන අයට 2015 Mustang GT හා S20 Smartphone එකකින් download කරනවා නම් Chevrolet Corvette Z06 යන කාර් unlock වී තිබේවි. (Galaxy theme එකක් සමඟ)

තවත් විශේෂත්වයක් නම් මෙය 120Hz display සඳහා native support කිරීමයි. එසේම ඔබට ඔබේ profile එක iOS, Windows හා Xbox අතර sync කරගැනීමටත් පුළුවන්.

Download Links: Android  iOS