තම රටේ සියලුම පුරවැසියන් සඳහා ChatGPT Plus Subscription එක නොමිලයේ ලබා දෙන ලොව පළමු රට බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) පත්වී තිබෙනවා. ඒ OpenAI සමාගම සමඟ UAE රජය ඇති කරගත් ගිවිසුමක කොටසක් ලෙසයි. එමෙන්ම මේ ගිවිසුම ඔස්සේ "Stargate UAE" කියන AI data center එකකුත් අබුඩාබිහි ඉදි කිරීමට නියමිතව පවනවා.
මෙය OpenAI හි "OpenAI for Countries" තේමාවේ එකේ කොටසක් වන අතර මේ හරහා රටවලට තමන්ගේ AI ecosystems ගොඩනඟන්න OpenAI සහය ලබා දෙනවා. UAE තමයි මේ සඳහා Open AI සමඟ සම්බන්ධ වු පළමු රට.
කෙසේ වෙතත් තවමත් මේ "free ChatGPT Plus" පුවත ගැන OpenAI විසින් නිල ප්‍රකාශයක් සිදු කර නොතිබුණත්, ඔවුන් විසින් නිකුත් කර තිබෙන නිවේදනයක වු "Stargate UAE" කොටස නිසා මෙය බොහෝ ප්‍රධාන මාධ්‍යයන් වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී මේ පිළිබදව නිල වශයෙන්ම නිවේදනය වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය තමන්ව ලෝක AI hub එකක් බවට පත් කරගන්න උත්සාහ කරන අතර වාර්තා වන තොරතුරුවලට අනුව ඔවුන් විසින් Stargate UAE project එක ඔස්සේ Oracle, Nvidia, Cisco, SoftBank, සහ UAE හි G42 (Microsoft-backed AI company) වගේ සමාගම් සමගත් එක්ක වී තිබෙනවා.
මේ Free ChatGPT Plus access එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන්ගේ education, business, සහ innovation වලට ලොකු පිටුවහලක් වන අතරම Students, professionals සහ entrepreneursලාට මේකෙන් AI-driven productivity එක වැඩි කරගන්න පුළුවන්.
Source: upstox.com mashable.com