සෑම වර්ෂයකම වගේ Samsung සමාගමෙන් අවුරුද්දේ මුල භාගයේදී නිකුත් කරන ඔවුන්ගේ Galaxy S කාන්ඩයේ Flagship දුරකතන පවුලේ 2020 වර්ෂයට නිකුත් කරපු නවතම දුරකථන පෙල තමයි Galaxy S20, S20+ සහා ඉතාමත් කතා බහට ලක්වුන Galaxy S20 Ultra. හැමෝම දන්න කාරණාව තමයි මෙම දුරකථන ත්‍රිත්වයේ බලසම්පන්නම හා බොහෝ දෙනෙක් මවිත කරවන්නට ඔව්න් එලියට දාපු දුරකථනය තමයි මේ S20 Ultra කියන්නෙ කියන එක.
2020 පෙබරවාරි වල නිකුත් උනු දවසේ ඉඳන් මේ වෙනකං මේ දුරකතනයට හොඳ වගේම ගොඩක් නරකත් බොහෝ දෙනෙක් ගේ අදහස් මගින් එලියට ආවා.
මීට දවස් කීපයකට පෙර ලෝකප්‍රසිද්ධ Tech YouTuber කෙනෙක් මේ Galaxy S20 Ultra වල ඇමරිකා වට නිකුත් කරන Qualcomm Snapdragon 865 Chipset එක සමග එන මාදිළිය සහ යුරෝපය ඇතුලු අනෙකුත් රට වලට නිකුත් කරන Samsung සමාගමේම In house Chipset එකක් වන Exynos 990 මාදිළි යන දෙකේම දුරකථන අරන් සසඳා බැලීමකට ලක් කරලා අදහස් පෙන්වා දුන්නා. මේ Video එක නිසා Tech ලෝකයේ මේ Galaxy S20 Ultra සහා Samsung සමාගමේ Exynos යන Chipset පිළිබඳ දැඩි අප්‍රසාදයකට ලක් වුනා. මොකද SD865 Chipset එකට සාපේක්ශව මේ Exynos 990 Chipset එක එන මාදිළියේ තිබෙන ලොකු පසුබෑම නිසා.
මෙහිදී අපිට පැහැදිලිවම බලාගන්න පුළුවන් උනා ඒ සැනින් ම පෙන්වන උදාහරණ සහිතවම Exynos 990 S20 Ultra දුරකතය SD865 ට සාපේක්ෂව ඉතාමත් රත් වෙන බව ඒ රත් වීම නිසා එහි Performance Throttle වීම, Performance අඩු වූ පසු Benchmark Score වලත් ඉතාමත් ඉහල අගයන් අඩු වීම්, Games Play කරද්දී Lag වීම්, Battery ආයුකාලය අඩු මට්ටමක තිබීම, Cameras වල Processing එකේදි තිබුන පැහැදිලි අඩුපාඩු වගේ දේවල්.
කොහොම උනත් Samsung සමාගම මේ අඩුපාඩු යම් තාක් දුරකට හෝ අඩු කරගන්න මේ වෙනකොට මෙම දුරකථනයට Software Updates කීපයක් ම එවන්නට සමත් උනත්, අපි දැකපු විදිහට තවමත් එම දුර්වලතා සම්පූර්ණ ම ඉවරයක් වී නැති බවයි පෙනී යන්නේ.
නවතම තොරතුරු වලට අනුව අන්තර්ජාලයේ එක්තරා Forum එකක මෙම S20 Ultra Exynos මාදිළිය භාවිත කරන්නන් විසින් දුරකථනයේ Screen On Time එක පැය 3.5 - 4 ත් අතර වගේ ඉතාමත් කෙටි කාලයක් තියෙන්නේ යනුවෙන් සහ Camera App එක භාවිතා කරන්නට ගෙන තප්පර කීපයකින් රත් වීමට පටන් ගන්නා බවක් ද සඳහන් කර තිබුනා.
තවද, Ice Universe නැමති Tech ලෝකයේ නවතම Renders, Leaks වගේ දේවල් අපිට ගෙන එන ඔහුගේ Twitter පණිවිඩයකට Reply එකක් ලෙස Dawood නැමති කෙනෙක් සඳහන් කර තිබුනේ ඔහුගේ Galaxy S20 Ultra දුරකථනයේ Focusing ප්‍රශ්ණයකට මූනදී ඉන්නා බවයි.
Seriously the Exynos variant has disappointed me soo much Poor battery life poor performance heats like hell. This is really a sh*t of a phone with that crappy $1400 price tag. Never Samsung again. pic.twitter.com/tmVpfOJdEg
— Dawood (@pegasaie) April 9, 2020
Seriously the Exynos variant S20 LTE Ultra has disappointed me soo much Poor battery life poor performance heat like hell to the left side. This is really a sh*t of a phone with that crappy 98k price tag. Never Samsung again@SamsungIndia@MaxWinebach@UniverseIce@SamsungMobile
— Nauman Khan (@MdNauman001) April 13, 2020
solve the issue with the heating to the s20 ultra exynos! after 5-10 minutes of continuous use in applications it is heated and the performance decreases! pic.twitter.com/HnAdirehQi
— ?GABRIEL? (@Gabriel56001) April 6, 2020
120hz issue from Galaxy_S20
ගොඩක් දෙනෙක්ට මතක ඇති පහුගිය දින කීපය තුල මේ දේවල් එක්ක Samsung සමාගමට ඔවුන්ගේ Exynos Chipset එක නවතා දමන්න යැයි කියා Online පෙත්සමක් ද ගියපු බව.
තවමත් ඔවුන් නිකුත් කරපු Software Updates මගින් වැඩි හොඳක් නොවුනත් ඉදිරියේදී මීටත් වඩා හොඳ තත්ත්වයක් මේ Galaxy S20 Ultra එකට උදාවෙයි කියලා අපි බලන් ඉන්නව. මන්ද, S20 Ultra යනු නමට Ultra වගේම එහි Price Tag එකෙනුත් ඉතාම අධික මුදලකට විකිණෙන දුරකථනයක් බැවින් මෙය මිලදීගත් පිරිසට සාධාරණ දෙයක් ඉටු විය යුතු නිසා.