Loading...
Galaxy S21, S21 Plus සඳහා යොදාගැනීමට නියමිත battery capacity එක 3C listing හරහා leak වේ

2020 වර්ෂය සඳහා Samsung සමාගම විසින් නිකුත් කිරීමට නියමිතව තිබූ සහ ජංගම දුරකථන ලෝකයේම අවධානය ලබා ගන්නා Samsung flagship වර්ගයේ ජංගම දුරකථන දෙක වන S20 series එක සහ Note 20 series එක මේ වෙනකොට නිකුත් වී අවසන්. Samsung සමාගමෙන් නැවැතත් flagship devices ඉකුත් කිරීම සිදු කරනු ලබන්නේ 2021 වර්ෂයේදී වන අතර ඒ අතුරින් මුලින්ම නිකුත් වීමට නියමිතව ඇත්තේ Samsung Galaxy S21 series එකේ ජංගම දුරකථනයි. මෙය S30 series එක ලෙසද නම් විය හැකිය.

මේ වන විටත් S21 එසේත් නොමැති නම් S30 series එක පිළිබඳව rumors සහ leaks පලවෙමින් පවතී. මේ අතුරුන් මුලින්ම ලැබුණු rumor එක වූයේ S21 series එක සඳහා OIS selfie cameraවක් ඇතුලත් කිරීමට නියමිත බවයි.

මේ හා S21 series එකේ බැට්‍රිය සම්බන්ධව නවතම ලීක් එකක් වාර්තා වනවා. ඒ Samsung සමාගම විසින් තම Galaxy S21 series එකට අදාලව යොදා ගැනීමට නියමිත බැට්‍රි සඳහා ලබා ගත් 3C සහතිකය ඔස්සේය. මෙම 3C සහතික කිරීමට අනුව මෙවර Samsung සමාගම විසින් තම Galaxy S21 series එක සඳහා යොදාගැනීමට නියමිත බැට්‍රි නිපදවීම භාරදී ඇත්තේ චීන සමාගමක් වන Ningde Amperex Technology Limited නම් සමාගමටයි.

3C වෙබ් අඩවියට අනුව Galaxy S21 හට 3,880mAhක බැට්‍රියකුත්, Galaxy S21 Plus සඳහා 4,660mAh බැට්‍රියකුත් භාවිතා කිරීමට නියමිතයි.

මීට අමතරව Ice Universe ගේ twitter පණිවුඩයකට අනුව මෙවර S21 series එක සඳහා under-display cameraවක් භාවිතා කිරීමට නියමිතය.

Since the launch is still months away from now, there are no concrete leaks revealing the key specifications of the Galaxy S21 lineup at this moment. However, we could expect the rumor mill to churn out more leaks and speculations in the coming weeks. We will be updating when it happens and hence, stay tuned for updates.

මෙලෙස නිකුත් වන leaks සහ rumors වලින් තවත් මාස ගණනාවකට පසුව නිකුත්වීමට නියමිත Galaxy S21 series එක පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගත නොහැකි අතර තවත් leaks සහ rumors ලද විගස ඔබ වෙත ගෙන එන්නෙමු.

Source: MySMartPrice