Loading...
මීලග Galaxy Unpacked Event එක පැවැත්වෙන දිනය Samsung සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කරයි

Samsung සමාගම විසින් වසරේ දෙවන Galaxy Unpacked Event එක එළඹෙන ජුලි 26 වන දින පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් මේ වන විට නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මේ Event එක දකුණු කොරියාවේ සියෝල්හි පැවැත්වෙනු ලබනවා.

මේ Galaxy Unpacked Event එකේදී Galaxy Z Fold 5 සහ Galaxy Z Flip 5 Smartphones එළිදැක්විම සිදු වනු ඇති අතර මීට අමතරව Galaxy Tab S9 Series එක සහ Galaxy Watch 6 Series එකත් එළිදැක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

සුපුරුදු පරිදිම Samsung සමාගමේ වෙබ්අඩවිය සහ YouTube නාලිකාව ඔස්සේ ජුලි 26 සවස 4.30 සිට Galaxy Unpacked Event එක නැරඹිමේ හැකියාව ලැබෙනවා.


දැනට වාර්තා වන තොරතුරුවලට අනුව Galaxy Z Fold 5 සඳහා අගල් 6.2ක Cover Display එකක් සහ අගල් 7.6ක Primary Foldable Display එකකින් සමන්විත වන අතර, Galaxy Z Flip 5 සඳහා අගල් 3.4ක Cover Display එකක් සහ අගල් 6.7ක Primary Display එකකින්ද සමන්විත වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මේ Devices දෙකම the Snapdragon 8 Gen 2 Chipset එකෙන් බලගැන්වෙනු ඇති අතර Galaxy Z Fold 5 සඳහා 12GB RAM එකකුත් Galaxy Z Flip 5 සඳහා 8 GB එකකුත් ද ලබා දෙනු ඇතැයිද තොරතුරු වාර්තා වනවා. මීට අමතරව මේ Galaxy Foldable Smart Phones Series එක IP58 rate එකෙන් සමන්විත වනු ඇති බවත් වැඩි දුරටත් දක්වන්න පුලුවන්.

Android වැඩකාරයෝ අපිත්, ජුලි 26 Galaxy Unpacked Event එකට සමාගමීවම, එදිනම රාත්‍රියේ ඔවුන්ගේ නවතම නිෂ්පාදනය පෙළ ගැන ඔබව දැනුම්වත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

Source: news.samsung.com