Loading...
Samsung සමාගම Galaxy Z Fold4 ස​හ Z Flip4 එළිදක්ව​යි

Samsung සමාගම විසින් ඔවුන්ගේ Foldable Smart Phones Series එකේ මිලග සාමාජිකයන් ලෙස නවතම Galaxy Z Fold 4 හා Galaxy Z Flip 4 Smart Phones එළිදැක්විම සිදු කරනු ලැබුවා.

Galaxy Z Fold 4

Samsung සමාගම විසින් එළිදැක්වන ලද නවතම Galaxy Z Fold 4 Device එකේදී ඔවුන් විසින් Device එකේ Durability එක, Multitasking හැකියාව මෙන්ම S Pen පහසුකම් වැඩි දියුණු කිරිමට කටයුතු කර තිබෙනවා.

Design & display

පසුගිය වසර නිකුත් වුණ Galaxy Z Fold 3 Device එකේම Design එකෙන් යුතුව නිකුත් වුණ මෙය අගල් 6.2 Exterior HD+ Dynamic AMOLED Display එකකින් හා අගල් 7.6 විශාල QXGA+ Dynamic AMOLED Interior Display එකකින් සමන්විත වෙනවා. මේ Display දෙකම 120Hz Display Refresh Rate එක සදහා සහය දක්වනු ලබන අතර Display හා Back Cover සදහා Gorilla Glass Victus+ ආරක්ෂාව සහිත Glass යොදා ගෙන තිබෙනවා.

Specifications

Qualcomm සමාගමේ නවතම Snapdragon 8+ Gen Plus Chipset එක මගින් සමන්විත වන මේ Device එක සදහා LPDDR5 12GB RAM එකක් සමග 1TB දක්වා ධාරිතාව සදහා UFS 3.1 Internal Storage එකක් ලබා දෙන්නත් Samsung සමාගම විසින් කටයුතු කර තිබෙනවා. මේ සදහා 4,400mAh Battery Capacity එකක් සහිත Battery එකක් ලබා දී ඇති අතර එය 25W Fast Charging පහසුකම මගින් 50%ක් දක්වා ආරෝපණය කිරිම සදහා ගත⁣ වන්නේ මිනිත්තු 30ක් බවයි ඔවුන් දක්වා තිබෙන්නේ.

විශේෂ විශේෂාංගයක් ලෙස PC Iike TaskBar එකක් ලබා දෙන්න මොවුන් කටයුතු කර තිබෙනවා. මේ TaskBar එක සගින් Recent App, Most Used Apps සහ Favorite Apps ආදියට ඉක්මනින් ප්‍රවේශ විමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම Samsung සමාගම විසින් Z Fold 4 Device එකේ Software එක Facebook, Youtube, Netflix, Disney+, Microsoft Teams, Microsoft’s Outlook, Office හා Google Meet ආදි Apps සදහා ඉතා හොදින් ක්‍රියාත්මක වන ආකාරයට Optimize කර තිබෙනවා.

එමෙන්ම මේ සදහා ලබා ඇති තවත් විශේෂාංගයක් ලෙස Laptop එකක් ලෙස Device එක භාවිත කළ හැකි වන Flex Mode එකත් දක්වන්න පුලුවන්. මේ Mode එක ඔස්සේ Screen එකේ පහත කොටස Touch Pad එකක් හා Shortcut Bar එකක් බවට පත් වනවා.

එමෙන්ම මේ සදහා සුපුරුදු පරිදි S Pen පහසුකමත් සමග නව පහසුකම් කිහිපයක් සමගින් ලබා දී තිබෙනවා.

Camera

Galaxy Z Fold 4 Device එක සදහා OIS සහ EIS පහසුකම් සහිත 50MP Main Camera එකක්, 12MP Ultra Wide Camera එකක් සහ 3X Optic Zoom හැකියාවෙන් යුතු 12MP Telephoto Camera එකකත් ලබා දී තිබෙනවා. එමෙන්ම මේ Camera Setup එක 30X දක්වා වු Space Zoom නම් Digital Zooming පහසුකම සදහාත් සහය දක්වනු ලබනවා.

Cover Side එක සදහා 10MP Camera එකක් ලබා දී ඇති අතර 4MP Under Display Camera Setup එකකුත් ලබා දී තිබෙනවා.

Pricing & Availability

මේ Device එක ඩොලර් 1799ක ආරම්භක මිලක සිට මිලදී ගත හැකි අතර 12GB + 256GB, 12GB + 512GB, 12GB + 1TB ලෙස Phantom Black, Beige හා Graygreen යන Colours Option තුනෙන් මිලදි ගැනිමේ හැකියාව ලැබෙනවා.

Galaxy Z Flip 4

පසුගිය වසර නිකුත් වුණ Galaxy Flip 3 එකේ Design එකෙන් සහ Cover Display Size එකෙන්ම යුතු ආකාරයට නිර්මාණය කර තිබුණත් මේ නව Galaxy Z Flip 4 Device එක Camera සහ Performance තුලින් සැහෙන ඉදිරියෙන් සිටින බව දක්වන්න පුලුවන්.

Design & Display

අගල් 6.7 FHD+ Dynamic AMOLED 2X Display එකකින් සමන්විත වන මෙය 1-120Hz දක්වා වු Adaptive Screen Reference Rate එකක් සදහා සහය දක්වනු ලබනවා. එමෙන්ම මේ Smart Phone එකේ Cover Screen එක සදහා අගල් 1.9ක Super AMOLED Cover Display එකක් ද ලබා දී තිබෙනවා.

Specifications

මේ සදහාත් Android Devices සදහා දැනට භාවිත වන Powerfulම Chipset එක වන Snapdragon 8+ Gen Chipset එක යොදාගෙන ඇති අතර එය සදහා 8GB RAM එකක් ලබා දී තිබෙනවා. එමෙනම් Storage Options ලෙස ලබා දී තිබෙන්නේ  128GB, 256GB හා 512GB ආදිය යි.

මේ Galaxy Z Flip 4 Smart Phone එක සදහා Android 12 මත පදනම් වු One UI 4.1 Software Version එක ලබා දී ඇති Android 13 මත පදනම් වු One UI 5 Version Update එකත් ඉතා ඉක්මනින්ම මේ සදහා ලැබෙනු ඇත.

3700mAh Battery එකකින් සමන්විත මෙය 25W Wired Charging, Fast Wireless Charging 2.0 හා Reverse wireless charging සදහා දහය දක්වනු ලබනවා.

Camera

12MP Dual Rear Camera Setup එකකින් සමන්විත වන මෙහි Main Camera එක OIS පහසුකමෙන් යුතු වන අතර අනෙක් 12MP Camera එක අංශක 123ක Field of view එකකින් යුතු වනවා. Samsung සමාගම දක්වන ආකාරයට Galaxy Flip 3 Smart Phone එකට සාපේක්ෂව 65%ක Brighter Image මේ Camera Setup එක ඔස්සේ ලබා ගත හැකි වනවා.මෙහි Front Camera එක සදහා 10MP Camera Lense එකක් ලබා දී තිබෙනවා.

Price and Availability

Galaxy Z Flip 4 Smart Phone එක ඩොලර් $999ක ආරම්භක මිලක සිට ලබා ගත හැකි අතර 8GB RAM එකක් සහිතව  128GB, 256GB හා 512GB Storage Optionsවලින් යුතුව Graphite, Pink Gold, Bora Purple හා Blue ආදි Colors වලින් මිලදි ගන්න පුලුවන්.

Sources: Samsung