Loading...
Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස්​තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව මේ Pixel 9 Series එක සමඟින් මොවුන් Devices 4ක් නිකුත් කිරීමට සුදානමින් පසුවන බව දක්වන්න පුලුවන්.

  • Pixel 9
  • Pixel 9 Pro
  • Pixel 9 Pro XL
  • Pixel 9 Pro Fold

කෙසේ වෙතත් මේ ඡායාරුපයන් අනුව මීට පෙර නිකුත් වු Pixel මාදිලිවල තිබු Glossy Finish එක වෙනුවට මෙවර මේ Pixel 9 Series එක සඳහා iPhone Pro මාදිලිවප මෙන් Matte Finish එකක් ලබා දී තිබෙන අතරම iPhone මාදිලිවල මෙන් Boxy Design එකකුත් ලබා දී ඇති අයුරු දැක ගන්න පුලුවන්.

Google Pixel 9
Google Pixel 9 Pro
Google Pixel 9 Pro XL
Google Pixel 9 Pro Fold

එමෙන්ම මීට අමතරව මේ Series එකේ සියලුම මාදිලිවල Battery Capacity පිළිබඳවත් තොරතුරු නිකුත් වි තිබෙනවා. ඒ අනුව Pixel 9 සඳහා 4558 mAh පමණ Battery Capacity එකකුත්, Pixel 9 Pro සඳහා 4558 mAh පමණ Battery Capacity එකකුත්, Pixel 9 Pro XL සඳහා 4942 mAh පමණ Battery Capacity එකකුත් සහ Pixel 9 Pro Fold සඳහා 4560 mAh පමණ Battery Capacity එකකුත් ලබා දෙනු ඇතැයි දක්වන්න පුලුවන්.

Source: www.androidauthority.com