ඊයේ දිනයේදි Google සමාගමේ සේවාවන් කිහිපයක් වෙන YouTube, Gmail, Google Assistant, Google Docs හා Google Drive සේවාවන් බිද වැටුණු වාර්තා වුණා. ඒ වගේම මේ ගැටලුවට ඔබත් මුහුණ දෙන්න ඇති. මේ වන විට Google සමාගම විසින් මේ ගැටලුව නැවත යථා තත්වයට පත් කර තිබෙනවා.
ඒ වගේම Google Services සදහා වු Status Page එක මගින් ද මෙලෙස Google සේවා බිද වැටිම වාර්තා කර තිබුණා.

Google Services Appවලට අමතරව මෙලෙස Google සේවා බිද වැටිම නිසා Google Assistant සමග ක්‍රියාත්මක වෙන Smart Home Gadgets සදහාත් ක්‍රියාකාරිත්වයේ ගැටලු ඇති වි තිබුණා. එමෙන්ම Google Backend Services මත ක්‍රියාත්මක වෙන Pokémon Go වැනි Gamesවල ක්‍රියාකාරිත්වයත් මේ සමග නතර වි ඇති බවට වාර්තා වුණා.
මේ වන විට Google Workspace Status Dashboard එක මගින් Google Services නැවත යථා තත්වයට පත්ව ඇති බව දැක ගන්න පුළුවන්.

Google සමාගමේ Google Cloud සදහා වු නිල Twitter ගිණුම ඔස්සේ සදහන් කර ඇත්තේ මෙලෙස Google Services බිද වැටිමට "authentication system outage" එකක් හේතු වු බවයි. මේ නිසා මිනිත්තු 45කට ආසන්න කාලයක් Google Services බිද වැටි තිබුණා. මේ සදහා මුලික හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ ඔවුන්ගේ Internal Storage Quota එකක සිදු වු දෝෂයක් නිසා මෙලෙස සිදු වු බවයි.
Today, at 3.47AM PT Google experienced an authentication system outage for approximately 45 minutes due to an internal storage quota issue. This was resolved at 4:32AM PT, and all services are now restored.
— Google Cloud (@googlecloud) December 14, 2020
මෙලෙස Google Services බිද වැටිම ලොව පුරා වාර්තා වුණා. ඒ අතර එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ජපානය යන රටවල් මුහුණ දුන්බවට වාර්තා වුණා. කෙසේ වෙතත් දැන් Google සමාගම විසින් මේ දෝෂය නිවරදි කර තිබෙනවා.
Sources : The Verge, Android Police