Loading...
Google ARCore සහ එය ආශ්‍රිතව නිර්මාණය කල Google 3D වස්තූන් භාවිතා කරන්නේ කොහොමද?

2019 වසරේදි පැවතුනු Google I/O සමුලුවේදි ඔවුන් කියා සිටියේ Google Search සදහා Augmented Reality Objects (AR) එක් කිරිමට කටයුතු කරන බවයි. එතැන් සිට ඔවුන් Google Search platform එක සදහා විවිධ AR Objects එකතු කිරිම සිදු කරනු ලැබුවා.

යමක් ඉගෙන ගැනිමට ඇති පහසුම ක්‍රමයක් වන්නේ එය දැක ඉගෙන ගැනිමයි. මේ AR Objects මගින් අපිට සාමාන්‍ය පින්තූරයකින් දකින රැපයකට වඩා විස්තර සහිතව පරිමාණ රැපයක් බලා ගැනිමට හැකි වෙනවා. මේ මගින් එම වස්තුව පිළිබඳව හොද අවබොධයක් ලබා ගැනිමට හැකියාව ලැබෙනවා.

ඔබට AR Objects නැරඹීමට නම් Device එක අනිවාර්යයෙන්ම Augmented Reality Supported Device එකක් විය යුතුයි. එසේ නොමැති නම් ඔබට නැරඹීමට හැකි වන්නේ ඒ Object එකේ 3D View එක පමණයි. ඔබගේ Device එක Augmented Reality සදහා Support කරනවා නම් ඔබට Augmented Reality අත්දැකිමක ලබා ගැනිමට හැකියාව ලැබෙනවා. Augmented Reality Supported Devices ලිස්ට් එක මෙතනින් බලන්න.‌‌

මෙහිදි අපට හැකි වනේනේ Augmented Reality Support Objects නැරඹිට පමණි. ඒ කියන්නේ Google විසින් Google Search සදහා එක කර ඇති AR Objects පමණි.

මේ AR Object එකක් නරඹන්න නම් අපි Google Search හි ඒ Object එක Search කල යුතු වනවා. "Cat" ලෙස Google හි Search කල විට පහත අකාරයට එහි 3D View එක දිස්වෙනවා.

ඉන් පසු "View in 3D" මගින් අපට එහි 3D View එක බලා ගැනිමට හැකියාව තිබෙනවා.

ඒ වගේම ඔබේ Device එක Augmented Reality Supported Device එකක් නම් "View in Your Space" මගින් එහි Augmented Reality අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.

මේ වන විට අපිට නරඹන්න පුළුවන් 3D & AR Objects විදිහට සතුන්, ඩයිනෝසරයින්, කෘමින්, අභ්‍යාවකාශ වස්තුන්, මිනිස් සිරැරේ කොටස් හා පද්ධති, සෛලය හා එහි කොටස්, රසායනික විද්‍යා මුලික සංකල්ප, වාහන ආදිය පවතිනවා. තවත් වැදගත් දෙයක් වෙන්නේ මේ AR objects සොයා ගැනිමට නම් ඒවා සදහා ඇති වචනම පාවිච්චි කල යුතුයි. ‌‌ඒ List එක මෙතැන් සිට

සතුන්‌‌ - Alligator, Angler fish, Ball python, Brown bear, Cat, Cheetah, Deer, Duck, Eagle, Easter Bunny, Emperor penguin, Giant panda, Goat, Hedgehog, Horse, Leopard, Lion, Macaw, Octopus, Racoon, Shark, Shetland pony, Snake, Tiger, Turtle, Wolf

බල්ලන්‌‌ - Bulldog, Pomeranian, Labrador Retriever, Pug, Rottweiler

ඩයිනෝසරයන්‌‌ - Tyrannosaurus Rex, Velociraptor, Triceratops, Spinosaurus, Stegosaurus, Brachiosaurus, Ankylosaurus, Dilophosaurus, Pteranodon, Parasaurolophus

කෘමින්‌‌ - Rhinoceros Beetle, Hercules Beetle, Atlas Beetle, Stag Beetle, Miyama Stag Beetle, Shining Ball Scarab Beetle, Jewel Beetle, Robust Cicada, Brown Cicada, Periodical Cicada, Walker’s Cicada, Evening Cicada‌‌Mantis, Grasshopper, Giant Stag, Ladybug, Firefly, Rosailia Batesi, Swallowtail Butterfly, Morpho Butterfly, Atlas Moth, Hornet

අභ්‍යාවකාශ වස්තුන්‌‌ - Mercury, Venus, Earth, Mars, Jupiter, Saturn, Uranus, Neptune, Pluto, Moons, Moon (Earth), Phobos (Mars), Deimos (Mars), Europa (Jupiter), Callisto (Jupiter), Ganymede (Jupiter), Titan (Saturn), Mimas (Saturn), Tethys (Saturn), Iapetus (Saturn), Hyperion (Saturn), Umbriel (Uranus), Titania (Uranus), Oberon (Uranus), Ariel (Uranus), Triton (Neptune) NASA Objects‌‌Neil Armstrong, Apollo 11 command module

මිනිස් සිරැරේ පද්ධති - ‌‌Human digestive system, Respiratory system, Endocrine system, Female reproductive system, Nervous system, Lymphatic system, Male reproductive system, Integumentary system, Excretory system, Peripheral nervous system, Urinary system, Skeletal system, Muscular system, Circulatory system, google 3d skeleton

ශරීර කොටස් - ‌‌Appendix, Brain, Coccyx, Cranial Nerve, Ear, Eye, Foot, Hair, Hand, Heart, Lung, Mouth, Muscle Flexion, Neck, Nose, Ovary, Pelvis, Platelet, Red Blood Cell, Rib, Shoulder, Small Intestine, Big Intestine, Stomach, Synapse, Testicle, Thoracic Diaphragm, Tongue, Trachea, Vertebra

සෛලයේ කොටස්‌‌ - Mitochondrion, Prokaryote, Endoplasmic reticulum, Bacterium, Eukaryote, Plant cell, Rough endoplasmic reticulum, Nucleolus, Flagellum, Cell membrane, Animal cell, Golgi apparatus, Ribosomes, Smooth endoplasmic reticulum, Chromatin, Nuclear membrane, Fimbria, Bacterial capsule, Plasmids, Central vacuole, Cristae, Plasma membrane, Cell wall, Cisternae

රසායනික විද්‍යාවට උපකාරිවන දෑ - Functional group, Organic chemistry, Methyl acetate, Propanol, Salicylic acid, 1-bromobutane, Hydrocarbon, Alkane, Electrolyte, Ionic bonding, Covalent bond, Chemical bond, Metallic bonding, Chemical compound, Ethene, Orbital hybridization, Quantum mechanical model, monocotyledon‌‌dicotyledon, eukaryotic chromosome, structure, monocyte, neutrophil, basophil, eosinophil, solenoid, Google 3D Molecules

මෝටර් රථ - Volvo XC90‌‌Volvo S60

ඉදිරියේ මේ සදහා තවත් බොහෝ දේවල් එකතු වනු ඇත. Biology & Chemistry AR Objects මගින් ඒවා පිළිබඳව මනා අවබොධයක් ගැනිමට හැකි වෙනවා. මේ Feature එක විනෝදයට පමණක් නොව අධ්‍යාපනික කාර්යන්වලට ඉතාමත් වැදගත් වෙනවා.

Sources -  9to5Google