Loading...
Google Assistant විසින් මුඛ ආවරණ පැලඳීමේ වාසි පිළිබඳ ගීතයකින් කියා දේ

Google Assistant සැම විටම Userලාට නවතම අකාරයේ අත්දැකිමක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ අනුව Google Assistant මගින් ළමුන්ට කතාන්දර කියා දිම, විහිලු කතා කිම වගේ නවතම අත්දැකිම් ලබා දෙන්න පසුගිය කාලයේදි ක්‍රියා කරා. දැන් ඔවුන් අපිට පහසුකම් සලසලා තියෙනවා මුඛ ආවරණ පැළදිමේ වැදගත්කම ගැන සිංදුවක් Google Assistant මගින් අසන්න.

මේ සිංදුව අහන්න නම් Google Assistantගෙන් "Sing Me a Song" යනුවෙන් සිංදුවක් කියන මෙන් ඉල්ලිය යුතු වෙනවා. ඒ සමගම Google Assistant විසින් මුඛ ආවරණ පැළදිමේ වැදගත්කම සහිත නව සිංදුව Play කිරිම සිදු කරනවා.

ඒ වගේම මේ සිංදුව 'Twinkle, Twinkle, Little Star’ සිංදුවේ තනුවට අනුව නිර්මාණය කර තිබෙනවා.

When in public, wear a mask‌‌
Just a teeny, weeny task‌‌
It helps keep us safe and sound‌‌
Health and care, all around
On your mouth and on your nose
‌‌Good to cover both of those

ඒත් හැබැයි මට නම් Google Assistant Play කරේ අත් සේදිමේ වැදගත්කම ගැන තියෙන සිංදුවක්.

ඔයාලත් Google Assistantට සිංදුවක් Play කරන්න කියල බලන්න ඔයාට Play කරන සිංදුව මොකක්ද කියල.

Source : Android Police