Loading...
COVID-19 මුවාවෙන් එවන Spam, Phishing Emails මිලියන 18 Google Block කරයි

මේ වෙනකොට ලෝකයට තදින්ම බලපාල තියෙන COVID-19 නැත්නම් Coronavirus වසංගත තත්ත්වය එක්ක සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා කටයුතු සෑහෙන්න අඩපණ වෙලා තියෙන නමුත් මේ තත්ත්වය අන්තර්ජාලය භාවිතා කර අපරාධ කරන බොහෝ දෙනෙක්ට ගොඩ කාලෙකින් හම්බ උන සුපිරි අවස්ථාවක් කිව්වොත් වැරදි නෑ. මේක ප්‍රයෝජනයට අරන් ඒ අපරාධ කරන පුද්ගලයින් ඔබගේ දත්ත හොරකම් කරන්න හදන බව දන්නවද?

දැනටමත් අපේ රටේ පවා මේ වගේ ප්‍රශ්ණ උන ගොඩක් දෙනෙක් අපි දැක්කා. සමහර YouTube Accounts, හෝ මුළු Google Account එකම, නැත්නම් Facebook, Instagram වගේ වෙනත් Platforms වල තියෙන තමන්ට අයිති Accounts මේ වගේ ගොඩක් ඒව Hack වෙලා තියෙනවා.

ඇත්තටම කිව්වොත් යම් කිසි Massage එකකින් එහෙම නැත්නම් අපිව Contact වෙලා මොනයම් හෝ මාර්ගයකින් අපිට ලැබෙන පණිවිඩයක් හරහා තමයි මේ Phishing Attack එකක් වෙන්නෙ. ඒ හරහා ඔව්න් කරන්නේ සරලවම අපි විසින්ම අපේ අදාල දත්ත ටික ඔව්න්ගේ තැනක දම්මගන්න එක.

Google සමාගම කියන විදිහට පහුගිය සතිය ඇතුලත මේ වගේ Phishing, Malware තිබෙන Emails මිලියන 18 ට ආසන්න සංක්‍යාවක් එක දවසකට ඔව්න් Block කර තිබෙනවා.

මෙම ව්‍යාජ Email පණිවුඩ එවනු ලබන්නේ මේ අවස්ථාව පාවිච්චියට ගෙන මිනිසුන් මුලා කර ඔව්න්ගේ දත්ත හෝ මුදල් සොරාගැනීම අරමුණ ඇතිව අන්තර්ජාල අපරාධ කරුවන් විසිනුයි.

මේ දැක්වෙන්නේ ඒ වගේ එක උදාහරණයක්, World Health Organization (WHO) එකෙන් COVID-19 වැලැක්වීමට උදව් වශයෙන් එකතු කරගන්නා අරමුදලකට දායක වෙන ලෙස ඉල්ලා සකස් කරපු ව්‍යාජ පණිවිඩයක් මෙලෙස එවා ඔව්න්ගේ Bitcoin Wallet එකේ Code එක එවා ඒකට බැර කරන ලෙස ඉල්ලලා.

(WHO) Fake Email About COVID-19

පහත දැක්වෙන්නේ එක්තරා IT සමාගමක වැඩකරන අයට ඔව්න්ගේ විස්තර ලබාගන්න යවා තිබුන Malicious Link එකක් අඩංගු Email එකක්.

Fake Email to Employee 

තවත් මේ අන්දමෙන් රජය මගින් ව්‍යාපාර සඳහා සහනයක් විදිහට දෙන චෙක් පතක් සදහා තෝරා ගැනුන අයෙක් විදිහට ඔබව තෝරා, ඔව්න් ව්‍යාජ Invoice එකක් Attach කර එවන ලද .htm file එකක්, එය බාගත කර බලන ලෙස පණිවුඩ ද බොහෝමයක් Email හරහා යවා ඇති බවයි වාර්ථා වෙන්නේ.

Fake Invoice Email

ඔව්න් මේ විදිහට ඔබ සතුව ඇති මුදල්, අන්තර්ජාලය හා සම්භන්ද ගිණුම්, ඔබගේ සියළුම පෞද්ගනික තොරතුරු වගේ බොහෝ දේවල් සොරාගන්න ක්‍රම උපායක් සකස්කරගෙනයි තියෙන්නේ.

කොහොම උනත් මේ වෙනකොට Google සමාගම එයාලගෙ Gmail Service එක හරහා එවන මේ වගේ Emails Block කරන්න එහෙම නැත්නම් Spam Folder එකට කෙලින්ම යවන්න AI Powered Analyze හා Scan කරන ක්‍රමයක් භාවිත කර තිබෙනවා. ඒ මගින්, යවන Documents, Files Scan කර ඒවා මොනයම් හෝ Harmful දෙයක් නම් ඒවා Block වෙන්න තමයි මේක හදල තියෙන්නෙ. ඒ වගේම ඒක 99.9% ම සාර්ථකයි කියලත් සඳහන් වෙනව. ඒ කියන්නෙ 00.1% සාර්ථක නොවෙන්න සම්භාවිතාවයකුත් තියෙනවා එක, කොහොම උනත් මේ වගේ Email එකක් එන්න තියෙන ඉඩ කඩ තියෙනව. Hackers ලා මේ වෙනකොට මේ භාවිතා කරන Email Templates ම නෙමෙයි මීට වඩා වෙනස් කරලා බොහොම Natural විදිහට හදලා, තවත් කීපයක්ම භාවිත කරලා යවනවයි කියල තමා ආරන්චි වෙන්නෙ.

Google සමාගම සඳහන් කරන්නේ ඔබට අඳුරන්නැති Email Address එකකින් Email එකක් ආවොත් මොනයම් හෝ URL එකක් දීල මේකට ගිහින් මේ දේවල් Fill කරන්න, නැත්නම් මේ File එක Download කරගන්න ඔයාගෙ PC එකට වගේ කියලා එන කිසිම Email එකක තියෙන උපදෙසක් පිලිපදින්නැතුව ඒවා Delete කරලා දාන ලෙසයි.

කොහොම උනත් අන්තර්ජාලය භාවිතා කරනවනකොට තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසගන්න පුළුවන් උපරිම විදිහට. කල්පනාවෙන් භාවිතා කරන්න වගබලාගන්න කියල තමයි කියන්න තියෙන්නෙ. අඩුම ගානේ, Characters 20ක් වත් තියෙන Symbols, Capital, Simple Letters, Numbers කලවමේ තියෙන Strong Password එකක් හා  2 Factor Authentication එක අනිවාරෙන්ම ON කරලා තියාගන්න.