Loading...
Google හි AI powered SmartReply feature එක YouTube වලටත්

Google සමාගමේ artificial intelligence එහෙමත් නැතිනම් කෘතීම බුද්ධිය පදනම් උනු 'SmartReply’ feature එක Gmail, Messages වගේ apps කීපයකටම integrate කරලා තියෙනවා. ඉතින් දැන් ඔවුන් තවත් පියවරක් ඉදිරියට තියලා මේ 'SmartReply’ feature එක YouTube Creators ලටත් ලබා දෙමින් වඩාත් ඉක්මනින් තමන්ගේ රසිකයන් සමග comment section එකේ interact වෙන්න ඉඩකඩ සලසලා දීලා තියෙනවා. Official blog post එකක් මගින් Google ලා සඳහන් කලේ SmartReply වල updated version එකක් YouTube Studio හි implement කරන බවයි. ඉතින් දැනට මේ feature එක YT වල available වෙන්නෙ English සහ Spanish වලින් විතරයි. අනිත් languages වල availability එක ගැන තවම වචනයක් නෑ.

Google සමාගමට අනුව, SmartReply feature එක YouTube වලට ලබා දීමේ අරමුණ වෙලා තියෙන්නේ Creators ලට ඉතා පහසුවෙන් ඔවුන්ගේ fans ලා සමග interact වීමේ හැකියාව ලබා දීමයි.

“Our goal is to help creators, so we have to make sure that SmartReply only makes suggestions when it is very likely to be useful. Ideally, suggestions would only be displayed when it is likely that the creator would reply to the comment and when the model has a high chance of providing a sensible and specific response”.                                   - Google

Google සමාගම wවිශ්වාස අරන්නේ YouTube හි SmartReply feature එක සම්පූර්ණයෙන් ම non-intrusive වනු ඇති කියා යි. පේන ආකාරයට මෙහි suggestions offer වෙන්නේ AI වලින් එය ප්‍රයෝජනවත් යැයි කියා decide කලහොත් පමණක් වීමත් විශේෂත්වයක්. ඒ වගේම Google සමාගම ප්‍රකාශ කලේ මේ feature එක trigger විය යුතු comments හඳුනාගැනීම සඳහා ඔවුන්ගේ AI පද්ධතිය වෙනම ම පුහුණු කල බවයි.

“Ideally, suggestions would only be displayed when it is likely that the creator would reply to the comment. (It will also be activated) when the (AI) model has a high chance of providing a sensible and specific response”, the company said.                                                                            -Google