Loading...
1984 සිට පෘථිවියේ සිදුවූ වෙනස්වීම් අධ්‍යයනය කල හැකි ආකාරයේ 3D time-lapse එකක් Google Earth හරහා ලබා දීමට කටයුතු කරයි

Google Earth වෙත Google සමාගම විසින් 3D Time Lapse Feature එක ලබා දි ඇති අතර මේ මගින් 1984 සිට පෘථිවිය මත සිදුවු වෙනස් විම් දැක බලා ගැනිමේ හැකියාව උදා වෙනවා. මෙලෙස 3D Time Lapse Feature එක ලබා දිමට Google සමාගම හා Carnegie Mellon විශ්ව විද්‍යාලයේ CREATE Lab එක සමග කටයුතු කර තිබෙනවා. Google සමාගම පවසන ආකාරයට 2017 න් පසුව Google Earth වෙත එකතු වු විශාලතම Feature එක මෙය වෙනු ඇත.

මෙලෙස Google Earth සදහා ලබා දුන් 3D Time Lapse Feature එක සදහා පසුගිය අවුරැදු 37 පුරාවට ලබා ගත් මිලියන 24ක පමණ Satellite Photos ලබා ගෙන තිබෙනවා.

Google Earth App එක ඔස්සේ ඔබට මෙතනින් මේ Time Lapse Feature එක උත්සාහා කිරිමට හැකියාව ලැබෙන අතර ඒ මගින් එක් එක් ප්‍රදේශය පසුගිය දශක කිහිපය තුල කෙතරම් වෙනස් වි ඇත්දැයි යන්න අපිට නැරඹිය හැකි වෙනවා.

ඒ වගේම Google සමාගම විසින් 2D හා 3D Videos 800කට වැඩි ප්‍රමාණයක් මහජන භාවිතය සදහා නිකුත් කර ඇති අතර එම Videos නැරඹිමට මෙන්ම අවශ්‍ය නම් භාගත කර ගත හැකි ද වෙනවා.

Earth Timelapse video downloads | Google Earth Engine
Timelapse locations

මේ Google Earth Time Lapse Feature එක ලබා දිම සදහා 1984 සිට 2020 දක්වා කාල පරාසය තුල වු Satellite ජායාරූප මිලියන 24ක් පමණ ඇමරිකා එක්සත් ජනපදය රජය, යුරෝපා සංගමය හා නාසා ආයාතනය වෙතින් ලබා ගෙන ඇති අතර ඉන්පසු 20 petabytes පමණ ජායාරූප ඒකාබද්ද කර Single 4.4 Terapixel Sized Video එකක් නිර්මාණය කර තිබෙනවා. මේ Video එකේ ප්‍රමාණය දළ වශයෙන් 4K Resolution එකේ වු Videos 530000 කට ආසන්නයි.

Google සමාගම පවසන ආකාරයට මේ Time Lapse Feature එක මින් පසු වාර්ෂිකව Google Earth සදහා එක් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source : Xda Developers, Google Earth