Loading...
Google ආයතනය විසින් තම සේවකයින්ගේ Work from home 2021 ජූලි මස දක්වා දීර්ඝ කරයි

‌‌‌‌‌‌ලොව විශාලතම තාක්ෂණික සේවා සැපයීම් සමාගම වන Google සමාගම සිය ලක්ෂ 02ක් පමණ වන සේවකයින්ට තවත් වසරක කාලයක් සිය නිවෙස් වල සිට රැකියාවේ නිරතවන ලෙස දැනුම් දී තිබෙනවා.

Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි ප්‍රකාශ කළේ පසුගිය සතියේ දී ඉහළ කළමනාකාරීත්වය සමග පැවති සාකච්ජාවකින් පසුව එම තීරණය ගනු ලැබු බවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 2021 වර්ෂයේ ජුනි මස 30 වෙනිදා දක්වා සිය නිවෙස් වල සිට රාජකාරි කටයුතු සිදුකරන ලෙස Google සමාගම සිය සේවකයින් වෙත ඊමේල් පණිවිඩයක් මගින් දැනුවත් කර තිබෙනවා.

Twitter සමාගමත් නිවසේ සිට වැඩ

ඒ වගේම Twitter ආයතනය විසිනුත් ඔවුන්ගේ සේවකයින්ට නිවසේ සිට තම දෛනික වැඩකටයුතු කරිමට අවස්ථාව සලසලා තියෙනවා. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය නම් 'සදහටම' නිවසේ සිට තම රාජකාරි කටයුතු කල හැකි බවයි ඔවුන් පවසන්නේ.

‌එය Twitter ආයතනය විසින් ප්‍රකාශ කර තිබුනේ “one of the first companies to go to a WFH model in the face of COVID-19, but [doesn’t] anticipate being one of the first to return to offices.” මේ අයුරින්.

Facebook සමාගමත් නිවසේ සිට වැඩ කටයුතු

Facebook ආයතනයක් මේ වන විට ඔවුන්ගේ නිවසේ සිට රාජකාරි කිරිම හදුන්වා දි ති⁣බෙනවා. මේ අනුව ඔවුන්ට මිලග අවුරැදු 5-10 දක්වා නිවසේ සිට රාජකාරි ඇරඹිමට හැකි බව දන්වා තිබෙනවා.

Source - The Verge