Loading...
Chrome browser එකේ Incognito mode එකේදි දත්ත track කිරීමට බිලියන 5ක දඩයක්

ඔයාලට මතක ඇති අපි කලින් news කීපයක්ම ගෙනාවා Xiaomi එකෙන් එයාලගේ web browser එකේදි incognito mode එකේදි උනත් අපේ data collect කරන සිද්ධියක් ගැන.

මේ සිද්ධියම ඔන්න Google සමාගම පැත්තෙනුත් අපිට අහන්න ලැබෙනවා. ඒත් ඒ සිද්ධිය අහන්න ලැබෙන්නේ වෙනදා වගේම ලොකු දඩ මුදලුත් එක්කලා. එක්සත් ජනපදයේදී මේ සිද්ධියට එරෙහිව Google සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි මත පලවෙනවා.

කැලිෆෝනියානු ප්‍රාන්තයේ සැන් ජෝස් ෆෙඩරල් අධිකරණයේදී Google සමාගමට එරෙහිව පැමිණිලිකරු මෙම නඩුව ගොනු කර ඇත්තේ “Google tracks and collects consumer browsing history and other web activity data no matter what safeguards consumers undertake to protect their data privacy” යනුවෙනි. ඒ අනුව Google සමාගම තමන්ගේ Chrome browser එක භාවිතා කරන අය incognito mode එක භාවිතා කලද Googles-supported ads සහ analytics සඳහා පරිශීලකයන්ගේ දත්ත incognito mode එකේදි ලබාගෙන ඇත.

Reuters හි කියා ඇති ආකාරයට Google සමාගම මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. Google සමාගමේ Policy Communications Senior Associate ධුරය හොබවන Jose Castaneda විසින් නිල නිවේදනයක් නිකුත් කර පහත ප්‍රකාශය නිකුත් කර ඇත.

We strongly dispute these claims, and we will defend ourselves vigorously against them.

ඒ සමඟම ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ Chromeහි incognito mode එක ඔන් කරගෙන සිටියද ඇතැම් වෙබ් අඩවි වලදී පරිශීලකයන්ගේ data collect කරන බව ඔවුන් පැහැදිලිව දක්වා ඇති බවයි.

As we clearly state each time you open a new incognito tab, websites might be able to collect information about your browsing activity

කෙසේ වුවත් අපි විසින් වටහා ගත යුතු එක දෙයක් ඇත. මොන බ්‍රවුසරයේ මොන incognito mode එක ඔන් කරගෙන ආවත් පහත පාර්ශවයන්ට ඔබගේ web surfing ක්‍රියාකාරකම් බැලිය හැක.

  1. දැන්වීම් සහ අනෙකුත් resources ද ඇතුලත්ව, ඔබ browse කරන websites වලට.
  2. ඔබගේ කාර්යාලයේ, පාසලේ හෝ ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වීම සදහා භාවිත කරන ඕනෑම network එකට.
  3. ඔබගේ අන්තර්ජාල සම්බන්ධිකරුට එහෙමත් නැත්තම් ISPට. උදා: ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්, ආදී වශයෙන් වූ.
  4. ඔබ web service එකක් භාවිතයෙන් ඔබගේ account එකකට log වුනේ නම්, Gmail, Facebook වගේ, එය ඔබගේ account එකේ save වීමක් සිදු වේ.

ඊට අමතරව Google සමාගමට එරෙහිව තව නඩු තීන්දුවක් ලඟදීම ලැබීමට නියමිතයි.