Loading...
ජංගම දුරකතනයේ කැමරාව හරහා හෘද ස්පන්දන සහ ශ්වසන වේගය මැනීමේ පහසුකම Google Fit හරහා Android පරිශීලකයන්ට ලබාදේ

Google Fit කියන්නේ Google සමාගම විසින් හදුන්වා දුන් Fitness App එකක් ලෙස හැදුන්වුවහොත් නිවැරදියි. ඒ වගේම මෙය Fitness Challenges සපයන App එකකුත් නොවේ. Google සමාගම හා World Health Organization (WHO) සමග සහයෝගයෙන් මෙය භාවිත කරන්නන්ගේ ශාරිරික හා මානසික සෞඛ්‍ය වැඩි දියුණු කිරිමට හා ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනිමට හැකි වෙව ලෙස සැකසු App එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්.

දැන් Google සමාගම විසින් මේ App එකේ Heart Rates හා Respiratory Rates Measure කිරිම සදහා Smart Phone එකේ Camera Setup එක යොදා ගැනිමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව මිලග මාසයේ සිට මේ Feature එක Pixel Devices සදහා මුලින්ම ලැබෙන අතර පසුව අනෙක් Android Smart Phones සදහාත් ලබා දිමට නියමිත පවතිනවා.

Smart Phone එකේ Camera Setup එක භාවිතයෙන් Respiratory Rate එක Measure කිරිම සිදු වෙන්නේ Smart Phone එකේ Selfie Cameraවට ඔබේ හිස හා ඉහල කොටස පෙනෙන පරිදි තබා හුස්ම ගැනිම මගිනි. මේ App එක මගින් ඔබගේ Physical Signala Pixel මට්ටමින් Track කර අවශ්‍ය තොරතුරු ලබා ගැනිම සිදු කරනවා.

Heart Rate එක Measure කිරිමේදි ඔබේ ඇගිල්ල Rear Camera Setup එකේ Lens එක මත තැබිය යුතු වෙනවා. මෙහිදි ඇගිල්ල තුලින් ගමන් කරන රැධිර ප්‍රමාණය මැනිම සිදු කරන්නේ එහි වර්ණයෙන් හා සමේ වර්ණය හා තවත් සාධක ඔස්සේ වෙනවා.

ඒ වගේම Google සමාගම වැඩි දුරටත් පවසා සිටින්නේ මේ දත්ත මගින් රෝග නිර්ණයන් වෙත පෙළඹිමට අපහසු බවත් මේ දත්තයන් එදිනෙදා සෞඛ්‍ය මට්ටම පිළිබඳ දල තොරතුරක් ලබා ගැනිමටත් උපකාරී වෙන බවයි. එමෙන්ම ⁣මේ Features ඔවුන් විසින් සායනික තත්ව යටතේ පරික්ෂා කර ඇති බවත් සාමාන්‍ය එදිනෙදා භාවිතයෙදි බොහෝ පිරිසකට නිවරදි දත්ත ලබා දිමට මේ App එකට හැකි බවත් දක්වා තිබෙනවා.

Source: MobileSyrup, Google