Loading...
Google විසින් AI පහසුකම් සහ biometric security පහසුකම් සහිත නව document scanner app එකක් හඳුන්වා දීමට කටයුතු කරයි

Google සමාගම විසින් නව Document Scanner App එකක් හදුන්වා දි ඇති අතර මේ App එක මගින් Scan කරන Documents ස්වයංක්‍රීයවම Categorize කිරිමේ හැකියාව තිබෙනවා. Stack නමින් හදුන්වන මේ නව App එක සදහා AI Features මෙන්ම Biometrics Security Features ද ලබා දි තිබෙනවා.

මේ නව Document Scanner App එක Google සමාගමේ Area 120 හි හදුන්වා දිමක් වෙන අතරමීට පෙර මොවුන් විසින් Google News, the Cardboard VR headset හා Grasshopper ආදි Apps රැසක් හදුන්වා දි තිබෙනවා.

මේ Stack App එක Google සමාගමේ DocAI Enterpris Tool එක මගින් බලගැන්වෙන අතර මේ Tool එක නිසා App එක මගින් Scan කරන Document Analysis කිරිමේ හැකියාව මේ App එක සදහා ලැබි තිබෙනවා. මේ තුලින් Stack App එක මගින් Scan කරන සියලු Documents ඒවාගේ අන්තර්ගතය අනුව ස්වයංක්‍රීයවම වර්ගිකරණය කිරිමේ හැකියාව ලැබෙනවා. මේ නිසා කලින් Scan කරන ලද Document එකක් සොයා ගැනිම ඒ Document එකේ ඇති Key Informations මගින් සිදු කිරිමේ හැකියාව ලැබි තිබෙනවා. එනම් ඔබ පෙර Scan කරන ලද Document එකක තිබෙන දිනයක්, මුදලක්, නමක්, ව්‍යාපාරික ස්ථානයක / වෙනත් ස්ථානයක ලිපිනයක් හෝ මාතෘකාවක් මගින් එම අවශ්‍ය Document එක Search කර සොයා ගත හැකි වෙනවා.

Google's Document AI

ඒ වගේම මේ Stack App එක සදහා ලබා දි ඇති  Biometric Security Features නිසා Stack App එක වෙත පිවිසිමේ දි මෙන්ම ඒ App එක භාවිත කරන අවස්ථාවේ දි Fingerprints හෝ Face Recognize මගින් අනන්‍යතාවය තහවුරැ කර භාවිත කිරිමට සැකසිය හැකි වෙනවා. මේ Features මගින් ඔබගේ Documentවල ආරක්ෂාව තහවුරැ කරන්න මේ Stack App එක සමත් වෙනවා.

කෙසේ වෙතත් දැනට එක්සත් ජනපදයට පමණක් හදුන්වා දි ඇති මේ Stack App එක Google සමාගමේ Experimental App එකක් වෙනවා. එනම් මේ App එක ඔවුන් බලාපොරොත්තු වෙන මට්ටමින් එක්සත් ජනපදය තුල භාවිතා විමික් සිදු නොවුනහොත් හෝ යම් ප්‍රතික්ෂේප විමක් හෝ තාක්ෂණික ගැටලුවක් ඇති වුවහොත් Google සමාගම විසින් මේ Stack App එක අතහැර දැමිමේ ද හැකියාවක් පවතිනවා.

කෙසේ වෙතත් මේ App එකේ පවතින Features අනුව නම් මෙය ඉතාම ප්‍රයෝජනවත් Document Scanner App එකක් විදිහට හදුන්වා දෙන්න පුලුවන්. මේ Stack App එකේ Experimental Version එක එක්සත් ජනපදයට පමණක් ලබා දි ඇති නිසා Experimental Version එකක් හෝ අපිට ලැබෙන දිනයක් පිළිබඳව අදහසක් ලබා ගැනිම අපහසු වෙනවා. මේ App එක ඔවුන් බලාපොරොත්තු වෙන මට්ටමින් සාර්ථක වුවහොත් ඉදිරි කාලයේ දි එය Google Play හරහා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source : The Verge, Gizmochina